Wednesday, October 3, 2012

අත්තම්මේ ! ( ඇත්තටම චූටියා ලත් තැන ලොප්ද? )

ඔන්න ඉතින් මාසෙකට විතර පස්සේ ආවා මේ පැත්තේ හරියට මකුලුදැල් එහෙමත් බැඳිලා. හිටපු ගමන් මේකට මොකද වුනේ කියලා කස්ටිය බලනවා ඇති.( එහෙම හිතෙන්ඩ මාව මතක තියෙන්ට එපැයි නේ ) ඔන්න ඉතින් මකුලු දැල් එහෙම කඩලා ෂේප් එකේ මාසෙකට විතර සැරයක් ලියලා යන්නයි හිත හි හී .චූටියා ෆූල් බිසී නොවැ . කස්ටිය හිතං හිටියද දන්නෑ මං ලත් තැන ලොප් කියලා හු හ් :P



ගම්මානේ වැවට උඩින්
රාස්සිගේ අව්ව වැටී
රත් පැහැයෙන් බබලද්දී
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ

පොඩි කාලේ මා වඩාන
හබුං කටයි බත් කවාන
ලස්සන කවි කියා දුන්නු
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ

වෙලේ නියරේ මා වඩාන
කොක්කු මාලු පෙන්න පෙන්න
මගේ සිතට සතුට දුන්නු
අප හැරයන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ

මල හිරු බැස යන යාමේ
දුක් කඳුලක් හිත තියාන
බුදුන් දැක නිවන් දැකුමට
පතනෙමි මම අත්තම්මේ

සිතුවිල්ලක් පමණි ........


24 comments:

  1. හැඟීම්බර අදහස් වලට "සිතුවිල්ලක් පමනි" කියලා දැම්මම ඒ හැඟීම්බර ගතිය ඈතට යනවා

    ReplyDelete
    Replies
    1. එහෙම නොදැම්මනම් මම වරදක් කලා වෙනවා !

      Delete
  2. මගේ අත්තම්මත් ලගදි දිවියලෝකෙ ගිය නිසා මේ කවිය මට සෑහෙන්න දැනුනා මලයො...

    සිරාගෙ ආත්තම්මා

    ReplyDelete
  3. දුක හිතෙන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  4. ලස්සනයි යාලු :)

    ReplyDelete
  5. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  6. ගොඩක් සංවේදී..

    ReplyDelete
  7. ලස්සනයි
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  8. ඒ පරම්පරාව ගැන මේ පරම්පරාවල් එහෙම හිතන එක බොහොම හොඳා!
    ජය

    ReplyDelete
  9. කවි ටික මරේ මරු...අදමයි ආවේ මේ පැත්තට දිගටම එන්නද මේ පැත්තේ...............?

    ReplyDelete
    Replies
    1. එන්න එන්න සහෝ සාදරයෙන් පිළිගන්නවා :)

      Delete
  10. අද මයි ආවෙ .. හරි අපුරූ කවි පෙලක්නෙ
    ආයෙත් ගොඩවෙන්නම්කො රුවල් නැවට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ! සාදරයෙන් පිළිගන්නවා ! දිගටම එන්න :)

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා