Showing posts with label ඇත්තම සිද්ධි. Show all posts
Showing posts with label ඇත්තම සිද්ධි. Show all posts

Thursday, May 9, 2013

ඇයට පෙම් කරමි ! - පියුමි ඔයා


ගමේ ඉන්න කියපන් කෙල්ලට
කොළඹ යවලා දැන් වගේ පරිස්සම් කරන්න පුලුවන්ද  කෙල්ලව

පිස්සුද බං...
කවුද කියන්නේ?

කෙල්ල විශ්වාසනම් එච්චරයි
-----------------------------------------------------------

හෙලෝ වූටි කොහෙමද රස්සාව?

ආව් එතකොට ඔයත් බැංකු නෝනා කෙනෙක්
කාටද ආඩම්බර

---------------------------------------------------------
උඹටත් කොළඹ රස්සාවක් හම්බවුනාලු නේද?
ආ කෙල්ල එහෙම සනීපෙන්ද ?


ඔව් බන් ටික දවසකින් බඳින්නනේ ඉන්නේ 

-------------------------------------------------------

අඩෝ අද ෆුල් ජොලියක් දාමු
අර හෝටලෙන් කෙල්ලෙක් එක්ක කාමරයක් ගමු
ඒකේ පට්ට කෙල්ලෝ ඉන්නේ 

මම කෙල්ලෙක් තෝරන්නම්
උඹ ගිහිල්ලා බිල බැඳපන්


සර්ලා කාමරේ ඉන්න
මෙයාව එවන්නම් කාමරේට


-----------------------------------------------------------

සර්ලා මම ඇතුලට එන්නද?

එන්න එන්න එනකම් තමා ඉන්නේ 

 පියුමි ඔයා......... !

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.......... !

තේරුනේ නැත්තම් සමාවෙන්න !!!!!! :-D







Wednesday, August 29, 2012

තොප්පිය ( කෙටි කතාව ) ඇත්තමද මන්දා

ගෙදර කවුද?
ආ කමලා නංගියේ ඇයි මේ ?
ඕං ඇසිලිං අක්කේ අන්න බෝක්කුව යටින් පිඹුරෙක් අල්ලලාලු
අපිනම් යනවා බලන්න පොඩි එකාටත් පෙන්නන්න එක්ක වරෙන්
කොල්ලගේ අම්මලාත් නෑ බං දෙන්නත් එක්කලා ගමනක් ගිහින්
කකුල් අමාරුවත් එක්ක යන්නත් අමාරුයි  පොඩි  එකාගෙන් අහන්න හිටහංකෝ 
කොල්ලෝ සුදු පුතේ 
චිත්‍රයක් අඳිමින් සිටි උදාර දිව ආවේ විදුලි වේගයෙනි 
ඇයි අත්තම්මේ 
පිඹුරෙක් අල්ලලාලු උඹට බලන්න ඕනෙද ?
යංකෝ අත්තම්මේ අනේ අනේ 
හා හා ඇඟේ එල්ලෙන්න එපා මං වැටෙයි  හිටහං ලෑස්තිවෙලා එනකං 

ටික වේලාවකින් ඉතා විශාල බිත්තර රකිමින් සිටින පිඹුරා දැක ගැනීමට පුංචි උදාරට හැකි විය
කොළපාට පොලිස් ජීප් එකකින්  ආව මාමලා වගයක් පිඹුරා අල්ලාගෙන යන්නට හදනවා දුටු උදාර  

අත්තම්මේ මම අතෙන්ට යන්නම් බලන්න?
අත්තම්මා උදාරගේ අතින් අල්ලාගෙන

හා හා පුතේ ඒකා ළමයිව ගිලිනවා

ඒ හඬට බිය වුනු උදාර අත්තම්මාගේ අතේ එල්ලී සිටියේ අත තදින් මිරිකාගෙනය

Friday, August 24, 2012

හරි වැරැද්ද (නොකියවා නොයන්න)

අද උදේ පාන්දර අම්මාගේ සුන්දර වදනින් අවදි වුනෙමි 
"කොල්ලෝ  අද පන්ති යන්නේ නැද්ද??"
"යනවා අම්මේ ""
"දැන්  පහ හමාරයි කීයටද යන්නේ "?
"හය හමාරේ රවිඳු එකේ ගියාම ඇති "
"හා "

Wednesday, August 15, 2012

ඒ ලෙවල්


කෙරුවෙමි ඕ ලෙවල්
ගත්තෙමි A9 ක්
ගැසුවේය ලොකුකම හිසට
කෙරුවෙමි ගණිතය

Monday, July 30, 2012

මිතුර අපි සමුගනිමු


ලියන්න කලින් කියන්න ඕනෙ මේක මෙලෝ රහක් නැතිව ඇති ඒත් පොඩ්ඩක් කියවන්න කියලා ඉල්ලනවා
මම කොතනින් මේක පටන් ගන්නද කියන එක ගැටළුවක් වගේම මේ දවස්වල තියන වැඩ කටයුතු එක්ක කොච්චර කාලයක් මේක ලියන්න වෙයි ද කියන දේත් තියනවා අපි මේක මොහෙම පටන් ගමු. 2000 ජනවාරි මාසේ ඒ කියන්නේ මීට අවුරුදු 13කට කලින් මම ගියපු ගමේ පුංචි ඉස්කෝලේ මට මතක් වෙනවා එදා මගේ හොඳම යාළුවන් කණ්ඩායම මතක් වෙනවා. මම එතනින් නයිට් රයිඩර් බලලා තිබ්බා රෑ 9ට යන මේ වැඩසටහන මම කොහොමහරි බලනවා මම ඇරුණම තව එක පිස්සු කොල්ලෙක් හිටියා නයිට් රයිඩර් බලන (පහු වෙනකොට අපේ කරදරේටම අනිත් උනුත් බැලුවා) එදා ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු මිතුරු ඇසුර අවුරුදු 11ක් තිබුණා.ඉස්කෝලේ හිටපු හොඳම කොල්ලෝ ටික කියන නම අදත් අපි යනකොට ඇහෙන තරම් අපි හොඳ උනා වගේම පිස්සුත් කෙලියා නැතිවෙන්නම. සාමාන්‍ය පෙල විභාගයෙන් හොඳම සාමාර්ථ 9ක් ගත්ත මම ඔයාලගෙන් වෙන් උනා. ඒ මේ විදියට වෙන් වුනත් යාළුවෝ විදියට වෙන් වෙන්නේ නෑ කියන දේ පොරොන්දු වෙමින්. ඒ 2011 වසරේ එදා ඉඳන් අපේ ගැන්සියට හොඳ දේවල් නෙවෙයි වුනේ ජූලි මාසය කියන්නේ මෙච්චර දරුණු මාසයක් කියන දේ එදා දැනන් හිටියේ නැහැ මම.


මීට හරියටම අවුරුද්දකට කලින් අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා අපේ පැණියා අපිට නැති වුනා. ඒකා තමා අපේ ගැන්සියේ මුලින්ම කෙල්ලො පිස්සුව ගහපු එකා ඕනෑ වෙලාවක ඕනෑම එකෙකුට උදව් කරන්න මූ ලෑස්තියි. ඌ අපිට නැති වෙන්න හේතුව වේගෙන් පැමිණි මෝටර් සයිකලයක් මූ ගියපු බයිසිකලයේ පැයට කිලෝමීටර 110 විතර වේගයෙන් හැප්පීම. මේකෙන් අපේ කොල්ලා විතරක් නෙවෙයි තව අපිට බාල කොල්ලෙකුත් නැති වුනා (මෙයා තමා බයික් එක පදවන් ඇවිත් තියෙන්නේ) මේකට අපි මාස ගානක් හදවතින් හැඬුවා වැලපුනා නමුත් ඌ ආයෙත් අපිත් එක්ක පැනි හිනාව දාගෙන " මචං පට්ට කෑල්ලක් ඉනනවා ටෝක කරන්න යං" කියලා ආවේ නෑ.


ඊළඟ වෙන්වීම වුනේ ගිය සෙනසුරාදා මමත් එක්ක නයිට්රයිඩර් බලපු පිස්සා අද අපිව දාලා ගිහින්. මචං උඹ තවත් ඉස්කෝලෙකට ගියත් උඹ ඇසුරට වැටිලා ඉන්න යාළුවෝ එච්චර හොඳ එවුන් නොවෙන බව අපි දැනන් හිටියේ නෑ 18 වෙනි උපන් දිනය යෙදිලා තිබ්බ ඉරිදා වෙනුවෙන් අපි කොයිතරම් සතුටින් ලෑස්ති වෙලා හිටියද ඒත්, සෙනසුරාදා උඹලා පන්තිත් කට් කරගෙන බීලා  මූදෙ නාලා ( මූද අපිට ළඟ නෑ කිලෝමීටර් 50 ක් විතර දුරයි ) උඹත් අපෙන් උදුරාගෙන යයි කියලා හිතුවේ නෑ . . උඹ කාටවත් වරදක් තිබුණු කොල්ලෙක් නෙවෙයි කියලා අපි දන්නවා.මට මේක තවදුරටත් ලියන්න බෑ මගේ Key Board බොඳවෙනවා .මොනා උනත් උඹ අපිට පාඩමක් කියලා දීලා ගියා. අනිවාර්යයෙන් යාළුවෝ තෝරාගන්නකොට දෙපාරක් හිතන්න.  මචං උඹලා දන්නාටම නිවන් සැප!!!!!


සිත තුලින් 
ගලන්නාවූ 
දුක් කඳුලු 
ඇස් කොනක 
සිරකරගනිමින් 
පතන්නෙමි 
නිවන් සුව !!
මා දයාබර
මිතුර

Saturday, May 19, 2012

ඔබා මාමේ !!!

කෙසේ කියන්නද
මා වැනි පුංචි එකෙක්
ඔබ වැනි යෝදයෙකු ගැන
ආඩම්බර නැති
ලොකුම ලොකු හදවතක් තියන
හැමෝම ආදරේ කරන 
ඔබා මාමේ 
හදවත පතුලේ
කඳුළු බිඳක් සිරකරගනිමින්
පතන්නෙමි ඔබට නිවන් සුව !!


ප.ලි. මම දවස් ගානකට කලින් දැනගත්තත් කෙටියෙන්වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ අධ්‍යාපන කටයුතු එක්ක. ඔබා මාමා මට ගොඩාක් උදව් කලේ බ්ලොග් කරුවෙක් හැටියට ගොඩක් හිත තැලිලා තිබුනු වෙලාවක.හඬමින් හිටපු වෙලාවක බුකියෙන් කතා කරලා. එදා ඒ වැඩිහිටියෙක් විදියට දීපු අවවාද නොවෙන්න මේ බ්ලොගියත් චූටි පුතා කියන කවුරුවත් නොදන්න කෙනෙක් බිහිවෙන්නේ නෑ.එහෙනම් මම මේ බ්ලොග් ලෝකයට මේ වෙනකොට සමු දීලා.කමෙන්ටුවක් දාන්න මේ පැත්තේ එන්නම් කිය කියා හිටියත් කවදාවත් ඔයා එන්නේ නෑ නේද සීයේ ?? මම තරහයි වගේම ආදරෙයි ගොඩාක්

Monday, May 7, 2012

ඇය මගේ සොඳුරියයි - බල්ලෙකුගේ සංවේදී හැඬුමක්

කුඩා කල පටන් ඇය
මා සමග සිටියා
සෙල්ලමට කෑමකට
මා සමග ආවා


පියතුමෙකුගේ සතුට
ඈ මට දුන්නා
අවසාන මොහොත තෙක්
මා සමග හිටියා


වෙසක් දින රාත්‍රියේ
වෙසක් සිරි බලමින්
අපි දෙන්නා පැමිනියේ
මහ පාරේ අයිනෙන්


 මහහඬින් ගී සිංදු
කියන අය පුරවන්
ආ ලොරියෙ ගැටුනු ඈ
කෑ ගැසුවෙ මරහඬින්


කානුවට වීසි වී
ඉතා දුක්මුසු ලෙසින්
එකවරක් දෑස් හැර
පියාගත්තා සැනින්


රිය පිටුපසින් එලවා
එනවිටත් මියගොසින්
පින්බර වෙසක් දින
නැත මගේ වෛරයක්


තවත් එක් බැල්ලක්ය
ඔබට හා අන් අයට
ඈ මගේ සොඳුරියයි
තිබෙන තෙක් මගෙ දිවිය


ප.ලි. ඊයේ රෑ අපි පන්සල් ගිහින් එනකොට අපිට ඉස්සරහින් ළඟ ගෙදරක බල්ලෝ දෙන්නෙක් පාර අයිනෙන් ගියා. හරිම ආදරෙන් හිටපු බව තමයි පෙනුනේ ( මම උන්ව දන්නවා . උන්ට පැටවුනුත් හිටියා ) පාරේ ගියපු ලොරියක රියදුරා පාරේ අගලටම අරගෙන එක බල්ලෙක්ව හැප්පුවා. ( හිතලා කලේ). අනිත් බල්ලා ( ඌ තමා බල්ලා) අර ලොරිය පස්සෙන් ගොඩාක් දුර එලෙව්වා.එනකොටත් මැරිලා වගේ හිටියේ අනිකා. පස්සෙන් එලවපු එකා ආපහු ඇවිත් සෑහෙන වෙලාවක් උඩු බුර බුර එතන හිටියා . ඒක ගැනයි ලීවේ







Monday, April 30, 2012

දෘඩ වස්තුව

දෘඩ වස්තුව

සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද කියලා. සරුත් කියපි එහෙනම් මේ ළමයට ලොකු ප්‍රශ්නයක් නේද කියලා . ඉතින් කොල්ලෝ උන්ට පුරුදු ආකාරයෙන් තම තමන්ගේ ආතල් එක ගත්ත බවයි චූටියට නම් මතක.
____________________________________________________________

 හාමුදුරු මහත්තයා


අපේ ඉස්කෝලේ රගර් පුරුදු කරන්න ඇවිත් හිටියා ජපන් ඩයල් එකක් පොර කොහොම හරි සමස්ත ලංකා තරඟෙකින් දිනලා ප්ලේස් එකක් අරන් දුන්නා ඉස්කෝලෙට ඉතින් ප්‍රධාන රැස්වීමේදී දුන්න මෑන්ට කතාවක් දැන් පොර වැඩර් වගේ සිංහලෙන් කතා කරනවා
"විදු හල් පති තුම අවසර , අනික් විදුහල්පති තුම අවසර  , ටීචර් තුමා අවසර , හාමුදුරු .... හාමුදුරු මහතයා ....අවසර "  එතන ළමයි 4000 ක් විතර තමා හිටියේ
-------------------------------------------------------------------------------------
Boys එකේද Girls එකේද

අපේ ඉස්කෝලේ බොයිස් එකක් ඒ කියන්නේ කොල්ලෝ විතරයි කියන එකනේ, ඉතින් ඒ අතරේ අපේ කොල්ලෙක්ට හිත ගියා ගර්ල්ස් ස්කූල් එකක කෙල්ලෙක්ට නම සාවිත්‍රි කියමුකෝ මෑන් හරි කැමතියි ඌට ඒ නම කියනවට . අපිටත් මොකෝ කියලා මනුස්සයට අමතන්නෙම ඒ නමින්.දැන් පොර දවසක් පන්තියකදී හොයාගන්න නෑ. මෑන්ගේ ගෙවල්  පැත්තේ කොල්ලෙක්ගෙන් ඇහුවා (අපේ ඉස්කෝලේ නෙවෙයි හොඳේ) මචන් සාවිත්‍රි එහෙම ආවද කියලා. ඌ ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( ---------------------------------------------------------------------------------------
නිවුට්න් සොයුරා

මේක අද වෙච්චි සිද්දියක්. අපේ පන්තිවල ඉන්නවා දඩ මීටරයක් හැමෝම දන්නේ නිවුටන් කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මම උගේ ඇත්ත නමවත් දන්නේ නෑ. අද ඉස්කෝලේ ප්‍රධාන රැස්වීම අපිට ඉතින් අපේ  ප්‍රධාන නිවේදකයා ගිහින් වැඩ පටාන් ගත්තා.


"සභාවෙන් අවසරයි අද රැස්වීමේ දී මුලින්ම පංචසීලය පිහිටුවන්න මම නිව්ටන් සොයුරාට ආරාධනා කරනවා". 
එච්චරයි
ප.ලි-  මේවා කතාවත් ප්‍රබන්ධවත් නෙවෙයි ඇත්ත සිද්ධි ඉතින් හිනා යන්නේ නැතිව ඇති. සහෝදර සහෝදරියනි ගන්න ඔබේ දකුණු අත කවාගන්න කිති දැන් හිනාවෙන්න.
සැ.යු- නම් ගම් මන:කල්පිතයි
___________________