Showing posts with label වල්පල්. Show all posts
Showing posts with label වල්පල්. Show all posts

Thursday, May 9, 2013

ඇයට පෙම් කරමි ! - පියුමි ඔයා


ගමේ ඉන්න කියපන් කෙල්ලට
කොළඹ යවලා දැන් වගේ පරිස්සම් කරන්න පුලුවන්ද  කෙල්ලව

පිස්සුද බං...
කවුද කියන්නේ?

කෙල්ල විශ්වාසනම් එච්චරයි
-----------------------------------------------------------

හෙලෝ වූටි කොහෙමද රස්සාව?

ආව් එතකොට ඔයත් බැංකු නෝනා කෙනෙක්
කාටද ආඩම්බර

---------------------------------------------------------
උඹටත් කොළඹ රස්සාවක් හම්බවුනාලු නේද?
ආ කෙල්ල එහෙම සනීපෙන්ද ?


ඔව් බන් ටික දවසකින් බඳින්නනේ ඉන්නේ 

-------------------------------------------------------

අඩෝ අද ෆුල් ජොලියක් දාමු
අර හෝටලෙන් කෙල්ලෙක් එක්ක කාමරයක් ගමු
ඒකේ පට්ට කෙල්ලෝ ඉන්නේ 

මම කෙල්ලෙක් තෝරන්නම්
උඹ ගිහිල්ලා බිල බැඳපන්


සර්ලා කාමරේ ඉන්න
මෙයාව එවන්නම් කාමරේට


-----------------------------------------------------------

සර්ලා මම ඇතුලට එන්නද?

එන්න එන්න එනකම් තමා ඉන්නේ 

 පියුමි ඔයා......... !

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.......... !

තේරුනේ නැත්තම් සමාවෙන්න !!!!!! :-D







Wednesday, August 29, 2012

තොප්පිය ( කෙටි කතාව ) ඇත්තමද මන්දා

ගෙදර කවුද?
ආ කමලා නංගියේ ඇයි මේ ?
ඕං ඇසිලිං අක්කේ අන්න බෝක්කුව යටින් පිඹුරෙක් අල්ලලාලු
අපිනම් යනවා බලන්න පොඩි එකාටත් පෙන්නන්න එක්ක වරෙන්
කොල්ලගේ අම්මලාත් නෑ බං දෙන්නත් එක්කලා ගමනක් ගිහින්
කකුල් අමාරුවත් එක්ක යන්නත් අමාරුයි  පොඩි  එකාගෙන් අහන්න හිටහංකෝ 
කොල්ලෝ සුදු පුතේ 
චිත්‍රයක් අඳිමින් සිටි උදාර දිව ආවේ විදුලි වේගයෙනි 
ඇයි අත්තම්මේ 
පිඹුරෙක් අල්ලලාලු උඹට බලන්න ඕනෙද ?
යංකෝ අත්තම්මේ අනේ අනේ 
හා හා ඇඟේ එල්ලෙන්න එපා මං වැටෙයි  හිටහං ලෑස්තිවෙලා එනකං 

ටික වේලාවකින් ඉතා විශාල බිත්තර රකිමින් සිටින පිඹුරා දැක ගැනීමට පුංචි උදාරට හැකි විය
කොළපාට පොලිස් ජීප් එකකින්  ආව මාමලා වගයක් පිඹුරා අල්ලාගෙන යන්නට හදනවා දුටු උදාර  

අත්තම්මේ මම අතෙන්ට යන්නම් බලන්න?
අත්තම්මා උදාරගේ අතින් අල්ලාගෙන

හා හා පුතේ ඒකා ළමයිව ගිලිනවා

ඒ හඬට බිය වුනු උදාර අත්තම්මාගේ අතේ එල්ලී සිටියේ අත තදින් මිරිකාගෙනය

Friday, August 24, 2012

හරි වැරැද්ද (නොකියවා නොයන්න)

අද උදේ පාන්දර අම්මාගේ සුන්දර වදනින් අවදි වුනෙමි 
"කොල්ලෝ  අද පන්ති යන්නේ නැද්ද??"
"යනවා අම්මේ ""
"දැන්  පහ හමාරයි කීයටද යන්නේ "?
"හය හමාරේ රවිඳු එකේ ගියාම ඇති "
"හා "

Wednesday, August 15, 2012

ඒ ලෙවල්


කෙරුවෙමි ඕ ලෙවල්
ගත්තෙමි A9 ක්
ගැසුවේය ලොකුකම හිසට
කෙරුවෙමි ගණිතය

Monday, July 30, 2012

මිතුර අපි සමුගනිමු


ලියන්න කලින් කියන්න ඕනෙ මේක මෙලෝ රහක් නැතිව ඇති ඒත් පොඩ්ඩක් කියවන්න කියලා ඉල්ලනවා
මම කොතනින් මේක පටන් ගන්නද කියන එක ගැටළුවක් වගේම මේ දවස්වල තියන වැඩ කටයුතු එක්ක කොච්චර කාලයක් මේක ලියන්න වෙයි ද කියන දේත් තියනවා අපි මේක මොහෙම පටන් ගමු. 2000 ජනවාරි මාසේ ඒ කියන්නේ මීට අවුරුදු 13කට කලින් මම ගියපු ගමේ පුංචි ඉස්කෝලේ මට මතක් වෙනවා එදා මගේ හොඳම යාළුවන් කණ්ඩායම මතක් වෙනවා. මම එතනින් නයිට් රයිඩර් බලලා තිබ්බා රෑ 9ට යන මේ වැඩසටහන මම කොහොමහරි බලනවා මම ඇරුණම තව එක පිස්සු කොල්ලෙක් හිටියා නයිට් රයිඩර් බලන (පහු වෙනකොට අපේ කරදරේටම අනිත් උනුත් බැලුවා) එදා ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු මිතුරු ඇසුර අවුරුදු 11ක් තිබුණා.ඉස්කෝලේ හිටපු හොඳම කොල්ලෝ ටික කියන නම අදත් අපි යනකොට ඇහෙන තරම් අපි හොඳ උනා වගේම පිස්සුත් කෙලියා නැතිවෙන්නම. සාමාන්‍ය පෙල විභාගයෙන් හොඳම සාමාර්ථ 9ක් ගත්ත මම ඔයාලගෙන් වෙන් උනා. ඒ මේ විදියට වෙන් වුනත් යාළුවෝ විදියට වෙන් වෙන්නේ නෑ කියන දේ පොරොන්දු වෙමින්. ඒ 2011 වසරේ එදා ඉඳන් අපේ ගැන්සියට හොඳ දේවල් නෙවෙයි වුනේ ජූලි මාසය කියන්නේ මෙච්චර දරුණු මාසයක් කියන දේ එදා දැනන් හිටියේ නැහැ මම.


මීට හරියටම අවුරුද්දකට කලින් අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා අපේ පැණියා අපිට නැති වුනා. ඒකා තමා අපේ ගැන්සියේ මුලින්ම කෙල්ලො පිස්සුව ගහපු එකා ඕනෑ වෙලාවක ඕනෑම එකෙකුට උදව් කරන්න මූ ලෑස්තියි. ඌ අපිට නැති වෙන්න හේතුව වේගෙන් පැමිණි මෝටර් සයිකලයක් මූ ගියපු බයිසිකලයේ පැයට කිලෝමීටර 110 විතර වේගයෙන් හැප්පීම. මේකෙන් අපේ කොල්ලා විතරක් නෙවෙයි තව අපිට බාල කොල්ලෙකුත් නැති වුනා (මෙයා තමා බයික් එක පදවන් ඇවිත් තියෙන්නේ) මේකට අපි මාස ගානක් හදවතින් හැඬුවා වැලපුනා නමුත් ඌ ආයෙත් අපිත් එක්ක පැනි හිනාව දාගෙන " මචං පට්ට කෑල්ලක් ඉනනවා ටෝක කරන්න යං" කියලා ආවේ නෑ.


ඊළඟ වෙන්වීම වුනේ ගිය සෙනසුරාදා මමත් එක්ක නයිට්රයිඩර් බලපු පිස්සා අද අපිව දාලා ගිහින්. මචං උඹ තවත් ඉස්කෝලෙකට ගියත් උඹ ඇසුරට වැටිලා ඉන්න යාළුවෝ එච්චර හොඳ එවුන් නොවෙන බව අපි දැනන් හිටියේ නෑ 18 වෙනි උපන් දිනය යෙදිලා තිබ්බ ඉරිදා වෙනුවෙන් අපි කොයිතරම් සතුටින් ලෑස්ති වෙලා හිටියද ඒත්, සෙනසුරාදා උඹලා පන්තිත් කට් කරගෙන බීලා  මූදෙ නාලා ( මූද අපිට ළඟ නෑ කිලෝමීටර් 50 ක් විතර දුරයි ) උඹත් අපෙන් උදුරාගෙන යයි කියලා හිතුවේ නෑ . . උඹ කාටවත් වරදක් තිබුණු කොල්ලෙක් නෙවෙයි කියලා අපි දන්නවා.මට මේක තවදුරටත් ලියන්න බෑ මගේ Key Board බොඳවෙනවා .මොනා උනත් උඹ අපිට පාඩමක් කියලා දීලා ගියා. අනිවාර්යයෙන් යාළුවෝ තෝරාගන්නකොට දෙපාරක් හිතන්න.  මචං උඹලා දන්නාටම නිවන් සැප!!!!!


සිත තුලින් 
ගලන්නාවූ 
දුක් කඳුලු 
ඇස් කොනක 
සිරකරගනිමින් 
පතන්නෙමි 
නිවන් සුව !!
මා දයාබර
මිතුර

Saturday, July 21, 2012

Wednesday, July 18, 2012

අයිතිකරුවෙකු නැති ලිපිය !

පොල් කෝම්බය,
ගෙදර පසුපස,
කුණු වල,
2012.07.18

                තෙරුවන් සරණයි!!
හිතවත් මිතුර,

කොහොමද මචන් සැප සනීප. මම නම් හොඳින් .තවමත් පදිංචිය ටින් එකේමද ? අපි නම් ළඟදීම විශ්‍රාම ගන්නයි ඉන්නේ මොකද මචන් මගෙ නෝනා බාර දීලා තිබුණු රාජකාරිය ඉවර කළා. දන්නවනේ ගිනි කසයා වගේනේ වැඩ . අම්මෝ මමත් බයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ . මටත් තරහ ගිහින් දුන්නොත් එහෙම උණ හැදෙන්න.

මචන් මේ ගෙදර මිනිස්සු නම් හරී හොඳයි. කොච්චර අපිට උදව් කළාද කිව්වොත් අපේ ළමයි ටික හදාගන්නත් උදව් කළා බන් මම බයේ හිටියේ හොඳ පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරි වෙයි කියලා දැන් දැන්  TV එකේ රේඩියෝ එකේ යන එවා අහලා.ඒත් අනේ කිසිම දෙයක් වුනේ නෑ ,ඇති තරම් හොඳ කෑම බීම හම්බ වුනා.මටනම් ඉතින් මොනවද පිරිමි අපි වෙජිටේරියන් නේ. ගෑණු ජාතිය ජරා ජාතිය කියලා මේ ගෑණි තමංගේ වැඩේ කරගන්න යන යන එකාගේ ලේත් බොනවනේ. මම නම් හිතුවේ හොඳ කනේ පාරක් වැදිලා අතපය කඩාගෙන හරි චප්ප වෙලා හරි ඉඳී කියලා.ඒ වුනාට මෙන්න හොඳට වැඩේ කරලා, අපිට උදව් කරපු ගෙදර හිටපු මනුස්සයින්ටමයි මේ ගෑනි වැඩේ දීලා තියෙන්නේ. ගෑණු කොහොමත් කන්න දීපු අත හපාකන ජාතියනේ. බ්ලා බ්ලා බ්ලා ටී...... ක් කට් කට් කටි 

කොහොමින් කොහොමින් හරි අපේ වැඩේ නම් ඉවරයි.එකක් වලකජ්ජ දෙකක් ඉස්පිරිතාලේ හ හා,,, දැන් ඉතින් අපිට නිවාඩු. ඔය පැත්තේ තත්වේ කොහොමද? ඉක්මන් කරලා ඉවරයක් කරමු.කොටියට හදාගන්න බැරි වුන රාජ්ජේ අපි හදාගනිමු.ළඟදීම ඇවිත් යන්න එන්නම් එහෙනම් අපි නවතිමු. 
                               හිතවත් මිතුරා ,                                                                                           Aedes aegypti 

Thursday, June 28, 2012

කියන්නෙමි මෙසේ


ඔබේ සියුමැලි අතින්
අල්ලාගෙන සෙමින්
නීල නෙත් දෙස බලා
කියන්නෙමි මෙසේ මා

දකින්නට
ඔබේ සුරතල් සිනා
අසන්නට
ඔබේ සුරතල් කතා
ආදරෙයි කියන්නට
මුළු ලොවටත් වඩා
ආසයි මටත්
ඉඩ දෙන්න 
පුංචි කුමරියේ 
ඔබේ හිත් කොනක 
ලැගුම් ගන්නට
ආදරෙන්
 විඳින්නට ජීවිතය 
සදා
නොමියෙන ලෙසින්
"නවෝදයක්" වී
එන්න මා දිවි මගට 


ප.ලි: කස්ටිය දැන් හිතනවා ඇති " මේකට හොඳටම පිස්සු" 



Saturday, April 28, 2012

හන්තානට පායන හඳ දකින්න ආසයි





අපි ගියානේ කැම්පස්. ඔව් ඔව් පේරා තමා . EFI 2012 Exhibition බලන්න කියලයි ගියේ. ඉතින් බැලුවා. ලස්සන අක්කලා අෆ්ෆා සාරි ඇඳගෙන තමා හිටියේ .ප්‍රදර්ශනයේ තිබුණු දේවල් ගැන ළඟට අඬගහගෙන කියලා දුන්නා හෑ මම මේ මොනවද කියවන්නේ. කට් කට් කට් :පී

පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවේ පැරණිම විශ්ව විද්‍යාලයලුනේ . ගොඩක් අයට ලැබෙන්නේ නැති අවස්ථාවක් මට ( අපිට ) ලැබුනා ඒ තමා විශ්ව විද්‍යාලයට ගිහින් ඒක ඇතුලේ අයියලා අක්කලා කරන කියන දේවල් බලන්න ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබීම .(ඉතින් අපි කටත් ඇරන් ඒවා බලන් හිටියා) පොතෙන් විතරක් දැකලා තිබ්බ ගැජට් කෑලි මෙන්න පණපිටින්ම තියනවා දැකලා චූටියට පට්ට හැෆී. ඒ අස්සේ රියල් 3ඩී වලින් සිංහයෙක් පනිනවත් පෙන්නුවා.ඒ අතරේ රොබෝවරු පණපිටින්ම පස්ට ඈ.
ඒ අතරේ තිබුනා අපිට විශේෂ දේශන වගේකුත් ආසා හිතෙනවා අෆ්ෆා කැම්පස් එන්න . ඉතින් කොහොම හරි ගොඩයන්න බලාපොරොත්තු වෙනවා . මට තව අවුරුද්දක් තියනවා නොවැ ඉතින් පස්ට පට පට කියලා වැඩ කොරනවා අෆ්ෆා.ඕකට ගියොත් කාටද ආඩම්බර හෑ.  මේකෙන් අපිට කැම්පස් එකේ අතීතය. ඉන්ජිනිර් ෆැකල්ටිය ගැන වගේම තවත් ගොඩක් දේවල් කියලා දුන්නා.



මේක ලිව්වේ ඒ වගේ ප්‍රදර්ශනයක් තිබුන එක ගැන ස්තුතියක් කරන්න. ඇත්තටම කැම්පස් එක කියන්නෙත් තවත් ඉස්කෝලයක් කියලා හිතන් හිටපු අපි වගේ පොඩි එවුන්ට කැම්පස් එක මොකක්ද කියලා තේරුම් කරලා දුන්න එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිට තේරෙන්න ඒකේ තිබුණු දරුණු දරුණු භාණ්ඩ ගැන කියලා දුන්නු අයියලා අක්කලාටත් ගොඩක් ස්තුතියි. ඉතින් එහෙනම් චූටියා බැහැලා වැඩලු ඕන් ඈ . ටටා  

Tuesday, April 24, 2012

ලංගම සහ හිඟන කාඩ්


sltb2 

මේ පෝස්ටුව ලියන්න හිතුනේ අපේ රටේ ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය ගැනයි. ඒ කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය ගැනයි.  ලංගමය කටයුතු කරන්නේ රටේ සුවහසක් වූ පොදු ජනතාව වෙනුවෙනි. අපට ලංගමය සමගවත් බලධාරීන් සමගවත් ගැටළුවක් නැත.ප්‍රශ්නය ඇත්තේ  ඇතැම් සේවකයන් සමගය .

පාසල් ළමුන් වෙනුවෙන් (බොහෝවිට දුප්පත් ළමයින්) රජයෙන් පහසු මිලට ලබාගැනීමට සීසන් නැතිනම් ලංගම වාර ප්‍රවේශපත්‍ර ලබාදෙයි.  ඉතා විශාල බස් ගාස්තුවක් ගෙවීමට සිදුවන ළමුන්ට මෙය මහඟු සේවයකි නමුත් අද ඇතැම් ලංගම සේවකයන් වාර ප්‍රවේශපත්‍රය සමග එන පාසල් ළමුන්ට සලකන්නේ බල්ලන්ට මෙන් වීම දුකට කරුණකි.

ඔවුන් බසය පිටත් වී සීසන් නඟින්න කියනකම් බසය ළඟට වී පෝලිමේ බලා සිටිය යුතුය. ඉන්පසු සීට් වල ඉඩ තිබුනත් හිටගෙන යා යුතුය ඉඩ තිබී ඉඳගත්තත් ඇතැම් විට අශෝබන ලෙස බැනවැදී නැගිට්ටුවයි ( මෙම පෝස්ටුව ලියන්නේත් අද බසය තුල සහෝදරියකට එවැනි දෙයක් කළ නිසාය ).  ඉන්පසු නවත්වන්නේ ඔවුන්ට අවශ්‍ය ස්ථානයේයි.ඇතැම් විට කිලෝමීටරයක් පමණ ආපසු පයින් ඒම සිදුකල යුතුය.


ඒ නිසා අපේ කොල්ලෝ එයට කියන්නේ හිඟන කාඩ් එක කියාය .ඔවුන් නොදැනුවත්වම ඔවුන් හිඟන්නන් ගොඩට වැටී ඇත.  දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියන්නා සේ කුලියක් මලියක් කර 20% කින් ඉහළ දැමු බස් ගාස්තුව ගෙවන්නට බොහෝ මව්පියන්ට මුදල් නැත ( අපේ දිනක බස් වියදම රු 120 කි එනම් එක් ගමනකට රු 60ක් අවශ්‍යය ) ඒ නිසා ඔවුන් හිඟන කාඩ් එකෙන් යති එති.  කුඩම්මාගේ සැලකිලි ලබති .ඇති අය පාසල් බස් රථවල සුවසේ යති .


එක්වරක් ඩිපෝවේ ඉහළ නිලධාරියෙකුට දැන්වූ පසු ඔහු සිදුකලේ බස් රථය නැවැත්වීමය .ඉන්පසු එම කොන්දොස්තර මහතාගේ ලොකුකම තවත් වැඩිවිය .

මේ සිටින්නේ රටේ අනාගතයයි. මෙවැනි දේ නිසා ඔවුන් රටට ආදරය කරන්නේ නැත . හොඳ විෂයක් ඉගැනීමට නගරයේ ලොකු යැයි පිළිගත් පාසලකට යාම වැරැද්දක් වී ඇති රටකට ආදරය කිරීමෙන් ඇති ඵලය කිම. අපේ කොල්ලන් අතර තියන ප්‍රසිද්ධ විහිලුවක් මෙසේය.


ඔය පිටිපස්සේ සීසර් එහෙම ඉඳගෙන ඉන්නවනම් හොඳ හිතින් නැගිටින්න

 

ප.ලි මම සීසන් වලින් යෑම නවත්වා මාස කීපයක් වුවත් අද සිදුවුනු දේ නිසා ලීවේ .කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ  සංවාදයට විවෘතයි

Saturday, April 21, 2012

නෙත් සොයයි නුබ කොහිද


boy-girl-love-sky-sweet-Favim.com-52716
ඔබ දුටුව පළමු දින
සිත බැඳුනි මගේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

සෑම දින උදයේම
ඔබ දකිනු පිණිසේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

බස් රථය පාළු විය
නොමැති ඔබ අසුනේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

සිව් මසක් පිරුණි අද
නොදැක ඔබ බසයේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

චූටි සුරතල් සිනා
දැකීමට නැවතත්
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

එක් සිතක් ඔබ ගැනම
පෙරුමන් පුරනා බවක්
නොදනී  ඹබ කුමරියේ
ඇයි ආයෙ නාවේ

නව වසරෙ නව දිනෙක
පැමිණෙමි ඔබ සොයා
එතෙක් මා එනතුරා
සිටිනුමැන කුමරියේ

Wednesday, April 18, 2012

අම්මේ

 
 
   mother_and_son2 
පියතුමන් අහිමි මට
ඒ අඩුව පුරවන්න
ලේ කඳුළු වගුරවන
මාගේම අම්මේ
 
පැනයක්ය මසිත තුල
බැරිය මට විමසන්න
අසරණය මගේ සිත
ඔබ හමුවේ අම්මේ
 
ඈ දුටුව මුල්ම දින
සිත් මගේ වශී වුන
ඇය වෙතින් ගලවන්න 
බැරිය මට අම්මේ
 
මා සිතේ හටගත්
කුළුඳුල්ම ආදරය
තවමත්ම මා වෙතින්
නොපැවසුනි අම්මේ
 
කුළ්‍රඳුල් මගේ පෙම
වෙන එකෙකු ගෙන යන්න
ප්‍රථමයෙන් පිලිතුරක්
ඇවැසියෙමි අම්මේ
 
සොඳුරු පාසල් දිවිය
නිමවනු කලියෙන්ම
සිත් බැඳුම වරදක්ද
කියනු මැන අම්මේ


ප.ලි- මම මේ දිවස්වල මුහුණදීලා ඉන්න ප්‍රශ්නයක්

Tuesday, April 17, 2012

මගේ අහිංසක ජංගමය

හෆෆා මගේ ජංගමයේ ප්‍රයෝජන කියනවනම් කියන්ටනම් ප්‍රයෝජන එමටය . බනියා කියන හැටියට ඌගේ පෝන් එක ලෝකයේ දෙවනියට වැඩියෙන්ම දුක් විඳින පෝන් එකය ලිනකු දාන්නේ නෑ මෙතනින් ගිහින් බලන්ඩ බොරුද කියලා :P . තව පිස්සාගේ පෝන් එක වැඩියෙන්ම දුක් විඳින පෝන් එක කියා කියයි. ඔන්න චූටි පුතා ලෑස්ති වෙන්නේ ඒ වාර්තාව කඩන්ටය .

චූටි පුතාට පෝන් දෙකක් ඇත (ඇඩ් එකකි) ඉන් ඇන්ඩ්‍රොයිට් කට්ටය එය  බබා වගේ බලා ගනී සියළුම බර වැඩ කරන්නේ දුප්පත් ඩබ්ලිව් 200 නම් වූ සුවච කීකරු පෝන් කට්ටයි. මේ පෝන් එකෙන් විවිධ ප්‍රයෝජන ඇත.මල් කැඩීමේ සිට අඹ කැඩීම දක්වා වූ සියලුම දේ සඳහා මා විසින් ජංගමය යොදාගනී. කොච්චර අඹ කැඩුවත් තාම ඩිස්ප්ලේ එක කළු වී නැත ගෙනාපු එක තාම එසේමය. වසර ගණනකට පෙර රුපියල් වලින්ම 9000 ක් විතර ගෙවා ගත්තත් එයින් ගත් වැඩ ඊට වඩා වැඩිය.
මේ ඊයේ පෙරේදා දිනක සිදුවූ සිද්ධියක් නිසා කෘතගුණ සැලකීමට ලිපියක්වත් ලියන්නට සිත්වුනි. ඇත්තම කිව්වොත් මේ අහිංසක පෝන් කට්ට මාව ඉන්ජෙක්සන් තිස් ගණනකින්ද කොහෙද ගැලෙව්වේය ( ගාන හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් කොමන්ටුවකින් දමා යන්න)
අලුත් අවුරුද්දට නෑගම් යාම පුරාණ චාරිත්‍රයකි.ඉතින් අහිංසක මාද ඒ චාරිත්‍රය අකුරට ඉටු කරමි. මේ අවුරුද්දේද ඉතින් මා නැන්දම්මලාගේ ගෙදර ගියේ මාගේ නෑනා බැලීමට විතරක් නොවේ. නැන්දම්මා හදන රස රස එව්වා මෙව්වා කන්නත් බලාගෙනය. ඇත්තටම කිව්වොත් අවුරුද්දකට විතර කලින් හිටි හිච්චි බව්වා ලොකු බලු තඩියෙකු වී ඇති බව මට හාංකවිසියක් මතක නැත. මා ගෙදර යනවිට එලියට ආවේ නෑනා වත් නැන්දාවත් නොව බව්වාය. බේරීමට අතක් නොවීය ඉන්ජෙස්සන් තිස් ගණනක් ෂුවර්ය. හදිසියේම අතට අහුවුනේ දුප්පත් ජංගමයාමය. සියලුම පව් උගේ පිට දමා දුන් පහරින් බව්වාට යන එන මං නැති විය. ඉක්කෝලේ කියා දුන් මලල ක්‍රීඩා වල පිහිටෙන් මම බව්වාගෙන් බේරුණේ එසේය .

දැන් කියන්ට බලන්ට හාවාගේ පෝන් කට්ටද මගෙ කට්ටද වැඩියෙන් දුක් විඳින්නේ කියලා.අනේ ඌ අදටත් කිසිදු ලෙඩක් නැත.එදා වගේම වැඩය.ඉතින් මගේ පෝන් කට්ටට දීර්ඝායුෂ ලැබේවා !!! අදට ඇතිය අපි කැපෙමි :P

     ප.ලි.- උඩින් ඇත්තේ දුක් විඳිනාවූ මගේ අහිංසක ජංගමයා බව කරුණාවෙන් සලකන්න පොටෝ එක ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් බබාගෙනි