Wednesday, August 29, 2012

තොප්පිය ( කෙටි කතාව ) ඇත්තමද මන්දා

ගෙදර කවුද?
ආ කමලා නංගියේ ඇයි මේ ?
ඕං ඇසිලිං අක්කේ අන්න බෝක්කුව යටින් පිඹුරෙක් අල්ලලාලු
අපිනම් යනවා බලන්න පොඩි එකාටත් පෙන්නන්න එක්ක වරෙන්
කොල්ලගේ අම්මලාත් නෑ බං දෙන්නත් එක්කලා ගමනක් ගිහින්
කකුල් අමාරුවත් එක්ක යන්නත් අමාරුයි  පොඩි  එකාගෙන් අහන්න හිටහංකෝ 
කොල්ලෝ සුදු පුතේ 
චිත්‍රයක් අඳිමින් සිටි උදාර දිව ආවේ විදුලි වේගයෙනි 
ඇයි අත්තම්මේ 
පිඹුරෙක් අල්ලලාලු උඹට බලන්න ඕනෙද ?
යංකෝ අත්තම්මේ අනේ අනේ 
හා හා ඇඟේ එල්ලෙන්න එපා මං වැටෙයි  හිටහං ලෑස්තිවෙලා එනකං 

ටික වේලාවකින් ඉතා විශාල බිත්තර රකිමින් සිටින පිඹුරා දැක ගැනීමට පුංචි උදාරට හැකි විය
කොළපාට පොලිස් ජීප් එකකින්  ආව මාමලා වගයක් පිඹුරා අල්ලාගෙන යන්නට හදනවා දුටු උදාර  

අත්තම්මේ මම අතෙන්ට යන්නම් බලන්න?
අත්තම්මා උදාරගේ අතින් අල්ලාගෙන

හා හා පුතේ ඒකා ළමයිව ගිලිනවා

ඒ හඬට බිය වුනු උදාර අත්තම්මාගේ අතේ එල්ලී සිටියේ අත තදින් මිරිකාගෙනය

අපේ බල්ලවත් මේකා වෙන්න ඇති ගිලින්න ඇත්තේ

කමලා නැන්දා කම්මුලට අත තියාගෙන කියන්නට විය
පොල්ස් ජීප් එකෙන් ආව මාමලා බොහොම අමාරුවෙන් පිඹුරාව එළියට ගන්නවා උදාර බලා සිටියේ කටත් ඇරගෙනය.

බලන්නකෝ ඒකගේ බඩ බල්ලා ගිලලා වගේ තමා

තවත් ඇන්ටි කෙනෙක් පවසනු ඇසුනි
කෙසේ හෝ පිඹුරා ගෙන ගිය පසු අත්තම්මත් එක්ක ආපහු එන්න පිටත් වුනු උදාරගෙන් ප්‍රශ්න වැලකි
අත්තම්මාත් පුළුවන් තරමින් උත්තර බඳිමින් ගෙදරට ආවේ සිනාසෙමිනි.

අම්මලා පැමිණෙන තෙක් චිත්‍ර පොත දිග ඇරගත් උදාර චිත්‍ර අඳිමින් සිටියේය 
අම්මලා පැමිණියේ උදාරගේ නෑනා පොඩ්ඩද සමගිනි උදාරට සතුට නිම්හිම් නැත උදාර දිවගොස් 
නැන්දම්මාට තුරුල් වී පැමිණියේ බිස්කට් පැකට්ටුවක් ලැබෙන බව දන්නා නිසාය

ආගිය තොරතුරු කතා කිරීමෙන් පසුව උදාර තමාගේ මහානර්ඝ චිත්‍ර පොත රැගෙන ඇවිත් නැන්දම්මාට පෙන්නන්න විය මුල සිට පෙරලා බැලූ නැන්දම්මා තම නෑනට

බලන්න අයියගෙ චිත්‍රවල ලස්සන 

කියනු ආඩම්බරයෙන් අසා සිටියේ මූණ රතු කරගනිමිනි 
අවසාන චිත්‍රය දෙස බැළු නැන්දම්මා 

හා පුතා ලස්සන තොප්පියක් ඇඳලා මට දෙන්න බැරිද ? 

ඇසුවාය
උදාරගේ මුහුණ බෙරි වන්නට ගතවුනේ තත්පරයක් පමණි 

අම්මේ මේ තොප්පියක් ලු 

ආ නෑ නෑ මගෙ පුතාගේ හැට් (Hat) එකනේ නේද ? 

උදාර ඇන්දේ මේ වගේ එකක් ඈ :D 
උදාර ඉකි ගසමින් අඬන්නට විය. 
මේ හඬට ඇතුලේ සිටි අම්මාද අත්තම්මාද දිවගෙන ඇවිත් ආවෝය
අත්තම්මා  චූටි උදාර ළඟට ගොස්

ඇයි මගෙ පුතා අඬන්නේ 

උදාර අඬන බැවින් නැන්දම්මා පිළිතුරු දුනි

මම මේ තොප්පය කිව්වා කියලා අඬනවනේ 

චිත්‍රය දුටු අත්තම්මා සිනාසෙමින් 

මයෙ පුතේ පිඹුරා මොකෙද්ද ගිලලා තියෙන්නේ 

කඳුළු පිසදාගත් උදාර සිනාසෙමින් 
අලියෙක් 




ප/ලි:  මේක ඇත්ත සිද්ධියක් නම් ගම් මන:කල්පිතයි. ළඟදී මගෙ නෑනලා ගෙදර ආවට පස්සේ කරුමෙට වගේ ටී වී එකේ පිඹුරෙක් පෙන්නුවාම කට්ටියම හිනා වුනා. (අපි දෙන්නා හැර) එතනදී තමා කතාව ආයෙත් අළුත් උනේ. නෑනා ඉස්සරහා පට්ට චාටර් තමා. හි හී මෙන්න මාව චාටර් කළ පිඹුරත් මෙතනම දාන්නම් (ටීවී එකේ පෙන්නපු එකා) ඇඳපු ඔරිජිනල් චිත්‍රය නෑ ඒක මතක විදියට පේන්ට් වලින් ඇන්දා ඈ 






මූ තමා මාව කෑවේ ලංකාවෙන් හම්බවුනු දැවැන්තම පිඹුරා කියන්නේ :D කිලෝ 122ක් ලු අඩි 22ක් ලු 
වැඩි විස්තර මෙතනින්  පින්තූරත් එතනින් ඈ

28 comments:

  1. හැක හැක....අනේ මන්දා...අපරාදේ..ඒත් නෑනා ඉස්සරහ පදිරි වෙන්න බය මොකද?

    ReplyDelete
  2. Replies
    1. ඔව් ඔව් දහයෙන් දහයයි හි හී xD

      Delete
  3. එල කිරි.මරු සිද්දියක්..

    ReplyDelete
  4. අනේ පව් හලෝ පොඩි එකා .....

    ReplyDelete
  5. ඔය පොඩි එකා චූටි පුතාමයි කියලා මට වෙලාවකට හිතෙනවා
    මොකද දන්නේ නෑ.

    ReplyDelete
  6. ඇත්තට පොඩි එකා උබ නෙවේද?

    ReplyDelete
  7. චූටි පුතාටත් වෙන දේවල්...

    ReplyDelete
  8. අපොයි චූටි පුතාගේ සායම ගියා නේද.. හික්ස්.. හොඳ වැඩේ පොඩිකමට ඉන්නේ නැතුව මනමාලකන් කරන්න යනවට.. :D

    ReplyDelete
  9. පොටෝ එකේ පිඹුරෙක් පේන්න නෑනෙ..පිඹුර අලියව ගිලලද? අලිය පිඹුරව ගිලලද??

    ReplyDelete
    Replies
    1. කොළ පාටට තොප්පියක් වගේ ඉන්නේ පිඹුරා තමා ජය!

      Delete
  10. පිඹුරා පෙන්නලා නෑනා අල්ලන්න වගෙයි සැරසෙන්නෙ...

    ReplyDelete
  11. නෑනයි මස්සිනයි පිඹුරෝ බැලුවා සේ!! :)

    ReplyDelete
  12. තොප්පිය ඒ නම හොඳයි තමයි

    ReplyDelete
    Replies
    1. කොහොමත් එය තොප්පියක් තමයි :D

      Delete
  13. නෑනා ගැන යටි හිතේ අදහසක් තියෙන හැඩයි වගේ...........

    ReplyDelete
  14. අයිතිය නොවැ කෝරලේ මහත්තයෝ ;)

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා