ලියන්න කලින් කියන්න ඕනෙ මේක මෙලෝ රහක් නැතිව ඇති ඒත් පොඩ්ඩක් කියවන්න කියලා ඉල්ලනවා
මීට හරියටම අවුරුද්දකට කලින් අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා අපේ පැණියා අපිට නැති වුනා. ඒකා තමා අපේ ගැන්සියේ මුලින්ම කෙල්ලො පිස්සුව ගහපු එකා ඕනෑ වෙලාවක ඕනෑම එකෙකුට උදව් කරන්න මූ ලෑස්තියි. ඌ අපිට නැති වෙන්න හේතුව වේගෙන් පැමිණි මෝටර් සයිකලයක් මූ ගියපු බයිසිකලයේ පැයට කිලෝමීටර 110 විතර වේගයෙන් හැප්පීම. මේකෙන් අපේ කොල්ලා විතරක් නෙවෙයි තව අපිට බාල කොල්ලෙකුත් නැති වුනා (මෙයා තමා බයික් එක පදවන් ඇවිත් තියෙන්නේ) මේකට අපි මාස ගානක් හදවතින් හැඬුවා වැලපුනා නමුත් ඌ ආයෙත් අපිත් එක්ක පැනි හිනාව දාගෙන " මචං පට්ට කෑල්ලක් ඉනනවා ටෝක කරන්න යං" කියලා ආවේ නෑ.
ඊළඟ වෙන්වීම වුනේ ගිය සෙනසුරාදා මමත් එක්ක නයිට්රයිඩර් බලපු පිස්සා අද අපිව දාලා ගිහින්. මචං උඹ තවත් ඉස්කෝලෙකට ගියත් උඹ ඇසුරට වැටිලා ඉන්න යාළුවෝ එච්චර හොඳ එවුන් නොවෙන බව අපි දැනන් හිටියේ නෑ 18 වෙනි උපන් දිනය යෙදිලා තිබ්බ ඉරිදා වෙනුවෙන් අපි කොයිතරම් සතුටින් ලෑස්ති වෙලා හිටියද ඒත්, සෙනසුරාදා උඹලා පන්තිත් කට් කරගෙන බීලා මූදෙ නාලා ( මූද අපිට ළඟ නෑ කිලෝමීටර් 50 ක් විතර දුරයි ) උඹත් අපෙන් උදුරාගෙන යයි කියලා හිතුවේ නෑ . . උඹ කාටවත් වරදක් තිබුණු කොල්ලෙක් නෙවෙයි කියලා අපි දන්නවා.මට මේක තවදුරටත් ලියන්න බෑ මගේ Key Board බොඳවෙනවා .මොනා උනත් උඹ අපිට පාඩමක් කියලා දීලා ගියා. අනිවාර්යයෙන් යාළුවෝ තෝරාගන්නකොට දෙපාරක් හිතන්න. මචං උඹලා දන්නාටම නිවන් සැප!!!!!
සිත තුලින්
ගලන්නාවූ
දුක් කඳුලු
ඇස් කොනක
සිරකරගනිමින්
පතන්නෙමි
නිවන් සුව !!
මා දයාබර
මිතුර
මිතුරාට නිවන් සුව !
ReplyDeleteමිතුරාට නිවන් සුව අත්වේවා !!!
ReplyDeleteසුමිතුරන් දෙපලටම නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteවෙච්ච දේ ගැන කණගාටුයි සහෝදරයා
ReplyDeleteඔබේ මිතුරාට නිවන් සුව !
දෙවියනේ.... කොහොමද දරාගන්නෙ එකට හිටපු යාළුවො දෙන්නෙක්ම නැති වුණාම. තරුණ කම එක්ක එන අවධානම් නැති කම නේද මේ දෙකටම මුල
ReplyDeleteපියෙහි විප්පයෝගෝ දුක්ඛෝ....
ReplyDeleteඅනේ මන්දා...නිවන් සුව පතනවද අයෙත් අපි අතරම ඉපදෙන්න කියනවද කියලා හිතා ගන්න බෑ...
ReplyDeleteniwan suwa pathanawa yaluwata
ReplyDeleteදුක්බර කතාවක් සහෝ..:(
ReplyDeleteඔබේ යහළුවට නිවන් සුව!
ඔබේ ශෝකය බෙදා හදා ගැනීමට මමද එකතු වෙමි... ජීවිතය ගැන මීට වඩා වගකීමෙන් හිතුවානම් මේ විපත වෙන්නෙ නෑ...
ReplyDeleteශෝකය...
ReplyDeleteප්රියයන් ගෙන් වෙන්වීම දුකක්..! මොන යාලුවො ඇසුරු කලත් හොඳ කල්පනාවෙන් තීරණ ගන්න වෙනව. ඔබේ ශෝකය මටත් දැනෙනව.
ReplyDeleteවෙන් වූ …යහළුවන්ට නිවන් සුව පතනව...!
ඇත්තටම මාර දුකයි එකටම ඉන්න කොල්ලෙක් නැතිවෙද්දී ඒ වේදනාව තේරෙන්නේ ඒ යාලුවොන්ට විතරයි.
ReplyDelete