Friday, May 4, 2012

පොඩි හාමුදුරුවනේ



බුදු හිමි දෙසු දම්
සිත් තුල රඳවා 
නිවන සොයා යන
පුංචි පුතේ


ලොව ඇති ගැඹුරුම 
සදහම් මගතුල 
පියවර තබනා 
පුංචි පුතේ


මුළු ලොව අඳුරෙන් 
මුදවා ගන්නට 
පෙරුමන් පුරනා 
පුංචි පුතේ

නිමල වූ නිවනින් 
දුක නිවනා හැටි 
වටහා දෙනු මැන 
පුංචි පුතේ 


අප දුර ඈතය 
ඔබ එය අසලය
සාදු සාදු 
පොඩි හාමුදුරුවනේ ....... !!!!




ප.ලි- ඉහල පින්තූරය ගූගල් පින්තූර මගිනි. පහළ පින්තූරය හොයලා දුන්නේ හිරූ අක්කී 
ප.ප.ලි- පින්බර වෙසක් මංගලයයක් වේවා !!





22 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලස්සනයි චුටියෝ... ඔබටත් පින්බර වෙසඟක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මාතරේ අයියටත් එසේම වේවා !!!!

      Delete
  3. නියමයි චූටියෝ.. මේක දැක්කහම මම කාලෙකට කලින් ලියපු නෝට් එකක් මතක් උනා.... "නිවන් සොයන්නට නුඹ හුරතල් වැඩියි පුතේ" කියල තමයි මේ ෆොටෝ දැක්කහම කියන්න හිතෙන්නේ

    සිත නිවී සැනසෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේක ගැන ටිකක් කියන්න ඕනේ මම ළඟදී ගියා ආණමඩුව පැත්තේ පිරිවනකට දානයක් අරන් (පිරිවනේ නම දන්නෑ සමාවෙන්න ඕනේ) ඒකේ හිටපු පොඩි හාමුදුරුවරු දෙන්නෙක්ටම අතින් අරන් කන්නවත් බෑ ඒ තරමට පොඩියි අපේ ගියපු ඇන්ටි කෙනෙක් තමා කැව්වේ. ඒක මතක් වෙලා තමයි මම මේක ලිව්වේ.ඇත්තටම මෙච්චර චූටි වයසෙන් මහණ කරන එක වැරදියි. ටිබෙට් රටේ නම් අනිවාර්යයෙන් පොඩි කාලේ මහණ වෙන්නම ඕනෙලුනේ (මම වැරදිනම් නිවැරදි කරන්න)

      ඔබටත් සිත් නිවී සැනහෙන වෙසක් මංගල්‍යයක් වේවා !!!!

      Delete
  4. විශිශ්ටයි...පින්බර වෙසක් මංග්‍යයක් වෙවා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාටත් කොමන්ටුවටත් . පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!

      Delete
  5. පිංවතුනි! සාදු කාරයක් දෙන්න!

    ReplyDelete
  6. සාදු සාදු...අනේ මම නම් කැමති නැහැ චූටි බබාල මෙහෙම ඉන්නව දකින්න...:(:(

    ReplyDelete
    Replies
    1. ඒත් මෙහෙම ඇත්තටමත් චූටි බබාලා ඉන්නවා අක්කී. මීගොඩයට දීපු පිලිතුරත් බලන්න . සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

      Delete
  7. චූටිපුතා..ඔයාගෙ අකුරු පේන්නෙ නැහැ..ඇස් වලට හරිම අමාරුයි..මේකෙ පාට වෙනස් කරල තව පොඩ්ඩක් අකුරු පැහැදිලි කරන්නකො.......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සලකා බලන්නම්. ස්තුතියි !!

      Delete
  8. මම නම් හිතන්නෙ කෙනෙක් පැවිදි වෙන්න ඕන බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද කියන එක ගැන නිවැරදිම අවබෝධයක් ලබාගෙන.එහෙම නැතුව සම්ප්‍රදායක් නිසා හරි හතර කේන්දරේ පාළු නිසා හරි කෙනෙක්ව පොඩි වයසින්ම පැවිදි කරවන එක වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්..මාත් නොකියා කිව්වෙ ඕකම තමා....මෙලෝ දෙයක් නොදන්න කිරි සප්පයො...

      Delete
    2. ඇත්ත නංගී එක්ක එකඟයි....

      බුදුරජාණන් වහන්සේත් කිව්වේ කපුටෙක් එලවන්න පුලුවන් වයසකදී දරුවෙක් මහණ කරන්න ඕනි කියලා හේතුව පිණ්ඩපාතේ වඩින වෙලාවට කපුටන්ගෙන් සිදුවන කරදර වලක්වාගන්න.මෙච්චර පොඩි වයසෙන් මහණ කිරීම වැරදී තමා. හැබැයි ලංකාවේ මහණ කරන්නේ සම්ප්‍රදායක් නිසා හරි හතර කේන්දරේ පාළු නිසා නෙවෙයි.ප්‍රධාන හේතුව දුප්පත්කම හෝ මව්පියන් අහිමි වීම. (මීගොඩයා ට දුන්නු පිලිතුරත් බලන්න ඒකටත් හේතුව එයමයි ). ඒකනම් බොහොම වැරදි දෙයක්. ලොකු හාමුදුරුවන්ට ගිහිගෙය අතඇරලා ඇවිත් පැවිදි දිවියේත් ළමයි ආරක්ෂා කරන්න වෙලා.

      ඒ වගේම චූටි වයසෙන් මහණවෙලා රහත් වුනු හාමුදුරුවරුත් ඉන්නවා. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ වගේ තවත් මහරහතන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම බුද්ධ දේශනාවේ එනවා පොඩියි කියලා නොසලකා හරින්න පුළුවන් පස් දෙනෙක් ඒ අතරේ පොඩි හාමුදුරුවොත් ඉන්නවා.

      මම හිතනවා පිළිතුරෙන් සෑහීමකට පත්වෙයි කියලා.
      බොහෝම ස්තුතියි දෙන්නටම මේ දේ ගැන මතු කළ එකට. පින්බර වෙසඟක් වේවා !!!!!!!!

      Delete
  9. අප දුර ඈතය
    ඔබ එය අසලය
    සාදු සාදු
    පොඩි හාමුදුරුවනේ

    මේ ටිකනම් හිතට ඇල්ලුවා...
    :)
    සුභ වෙසගක් වේවා...!!!

    ReplyDelete
  10. හ්ම්... එහෙනම් අපෙ අක්ක ගිහින් තියෙන්නෙ චූටි පුතාටත් උදවුවක් කරලයි... එයා එහෙමනේ.. අපේ අම්මත් මට කතා කරන්නෙ චූටි පුතා කියල බොලං.. :) ලස්සන කවි ටික මචෝ.. ඇත්තමයි.. නොගැලපීම් නැති තේරුමක්, වටිනාකමක් තියන එකක්.. අරුත් බර වෙසක් මංගල්‍යක් වේවා චූටියටත්!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ එයා හැමෝටම උදව් කරනවානේ :) තැන්ක්ස් අයියා . ඔයාටත් එසේම වේවා !!!!!

      Delete
  11. බොහොම වටිනවා තෙරැවන් සරණයි!

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා