ගම්මානේ වැවට උඩින්
රාස්සිගේ අව්ව වැටී
රත් පැහැයෙන් බබලද්දී
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
පොඩි කාලේ මා වඩාන
හබුං කටයි බත් කවාන
ලස්සන කවි කියා දුන්නු
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
වෙලේ නියරේ මා වඩාන
කොක්කු මාලු පෙන්න පෙන්න
මගේ සිතට සතුට දුන්නු
අප හැරයන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
මල හිරු බැස යන යාමේ
දුක් කඳුලක් හිත තියාන
බුදුන් දැක නිවන් දැකුමට
පතනෙමි මම අත්තම්මේ
සිතුවිල්ලක් පමණි ........
හැඟීම්බර අදහස් වලට "සිතුවිල්ලක් පමනි" කියලා දැම්මම ඒ හැඟීම්බර ගතිය ඈතට යනවා
ReplyDeleteඑහෙම නොදැම්මනම් මම වරදක් කලා වෙනවා !
Deleteමගේ අත්තම්මත් ලගදි දිවියලෝකෙ ගිය නිසා මේ කවිය මට සෑහෙන්න දැනුනා මලයො...
ReplyDeleteසිරාගෙ ආත්තම්මා
හ්ම් මටත් දුක හිතුනා සිරෝ
Deleteදුක හිතෙන කවි සිතුවිල්ලක් !
ReplyDeleteහ්ම් !
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteස්තූතියි !
Deleteලස්සන කවි පෙලක්..
ReplyDeleteස්තුතියි අයියා !
Deleteගොඩක් සංවේදී..
ReplyDeleteහ්ම් !
Deleteවිශිෂ්ටයි....
ReplyDeleteබොහොම ස්තුතියි :)
Deleteලස්සනයි
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
තැන්කුයි වේවා !!
Deletematath aththamma mathak wuna :(
ReplyDelete:(
Deleteඒ පරම්පරාව ගැන මේ පරම්පරාවල් එහෙම හිතන එක බොහොම හොඳා!
ReplyDeleteජය
බොහෝම ස්තුතියි ! :)
Deleteකවි ටික මරේ මරු...අදමයි ආවේ මේ පැත්තට දිගටම එන්නද මේ පැත්තේ...............?
ReplyDeleteඑන්න එන්න සහෝ සාදරයෙන් පිළිගන්නවා :)
Deleteඅද මයි ආවෙ .. හරි අපුරූ කවි පෙලක්නෙ
ReplyDeleteආයෙත් ගොඩවෙන්නම්කො රුවල් නැවට
ස්තුතියි ! සාදරයෙන් පිළිගන්නවා ! දිගටම එන්න :)
Delete