Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Saturday, July 6, 2013

සිත් බැඳුණු කුමරිය - " ඈ මොකද මේ දාඩිය දාලා.. සනීප නැද්ද ? බයවෙලා වගේ"

                       
   
                                 
                
                      "මේ කියපන් උඹට අදත් යන්න ඕනෑ ඕකටම ද? " 
              " ඒකනේ බං මේ නුවර යන්න කොච්චර නම් තැන් තියනවද "
"බලාගෙන උඹ රහත් වෙයි ඈ"

මිතුරන්ගේ කරදරය ඉවසන්න බැරිම වූ මම

"හරි උඹලට එක්ක යන්න බැරින්ම් කියපන්කෝ මම ටැක්සි එකක් අරන් යන්නම්. උඹලා පව් පුරවගන්න එපා  "

" මෙන්න උපසක මහත්තයට ඩෝං ගිහින් "

"හරි හරි අපෝ බං එක්ක යන්නම් ! එක්ක යන්නම් !! ...අපි  අද මල් වත්තට යනවා බං උඹට ගියත් ඉතින් මල් බල බලා ඉන්න එකනේ ..... කෝ එක්ක යන්න කෙල්ලෙක් වත් ඉන්න එකක් යෑ "

" මෙයා ඉන්නේ කැම්පස් ගිහින් එකෙන් පට්ට කෑල්ලක් හොයාගන්න ලු"

නුවර මිතුරෙකුගේ නිවසට පැමිණ මේ ගෙවෙන්නේ තෙවනි දවසයි ! තෙවනි දවසටත් දළදා මාලියාවට යෑමට සැරසෙන මට මේ දෙදෙනාගෙන් මෙවැනි කොමන්ටු වැටීම එක් අතකට පුදුම වන්නට කාරනාවක්ද නැත
මොනා වුනත් ඒ ලෙවල් ඉවර වන තුරු සිංගල් ඉඳීමද ලෙසි පහසු කාරණයක් නොවේ ! යාලුවන්ටත් පට්ට පට්ට කෑලි වැටෙන විට කැම්පස් ගිහිල්ලවත් කෙල්ලෙක් සෙට් කරගන්නවා කියා හිත හදාගත්තේ කොරන්න දෙයක් නැති කමටමය :P මෙවුන්ට ඒකත් විහිලුවකි :(
---------------------------------------------------------------------------------

"අපි 4 ට එනවා උඹ රහත් වෙලා නොහිටියොත් අන්න අතන කොෆී ෂොප් එක ගාවට වරෙන් ඈ "

යාලුවෝ දෙදෙනා රැගත් කාරය ඉගිලී යනතුරු බලා සිටි මම සෙමෙන් සෙමෙන් සෙමෙන් සෙමෙන් මාලිගාව දෙසට පියමනින්න වූයෙමි.
අෆ්ෆා මල් ගේන්න අමතක වුනා...... කොහෙද මුන් දෙන්නා හදිස්සි කලානේ.... මල් ටිකක් සල්ලි වලට හරි ගන්න හරි බැරියෑ
සිතා පර්ස්  එක ගැනීමට පසුපස සාක්කුව අතගෑ මට දෙවියන් සිහිවුනි... වෙඩිමයි !! පර්ස් එකත් දාලා ඇවිත්.... කමක් නෑ හිතේ ශ්‍රද්ධාවෙන් වඳිනවනම් එච්චරයි නේ... හිත හදාගත් මම පොලිස් මුරකුටිය පසු කරමින් ඉදිරියට ඇදුනෙමි..

කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනු මට අය කාලෙකින් එන්න වෙන්නේ නෑනේ ෆොටෝ එකක් වත් ගන්න ඕනෑ යන සිතුවිල්ල පහල වූයේ නිතැතිනම්ය !අනෙක් අය ඩිජිටල් කැම් වලින් ෆොටෝ ගනිද්දී කෝකටත් තෛලය පොල්තෙල් වගේ තියන මාගේ එක්ස්පීරියා කට්ට එලියට ගත් මම කැමරාව ඔන් කරගෙන පොටෝ එකක් ගන්නට සැරසුනෙමි !

කැමරාව එල්ල කරනවාත් සමගම පසු පසින්

Thursday, May 9, 2013

ඇයට පෙම් කරමි ! - පියුමි ඔයා


ගමේ ඉන්න කියපන් කෙල්ලට
කොළඹ යවලා දැන් වගේ පරිස්සම් කරන්න පුලුවන්ද  කෙල්ලව

පිස්සුද බං...
කවුද කියන්නේ?

කෙල්ල විශ්වාසනම් එච්චරයි
-----------------------------------------------------------

හෙලෝ වූටි කොහෙමද රස්සාව?

ආව් එතකොට ඔයත් බැංකු නෝනා කෙනෙක්
කාටද ආඩම්බර

---------------------------------------------------------
උඹටත් කොළඹ රස්සාවක් හම්බවුනාලු නේද?
ආ කෙල්ල එහෙම සනීපෙන්ද ?


ඔව් බන් ටික දවසකින් බඳින්නනේ ඉන්නේ 

-------------------------------------------------------

අඩෝ අද ෆුල් ජොලියක් දාමු
අර හෝටලෙන් කෙල්ලෙක් එක්ක කාමරයක් ගමු
ඒකේ පට්ට කෙල්ලෝ ඉන්නේ 

මම කෙල්ලෙක් තෝරන්නම්
උඹ ගිහිල්ලා බිල බැඳපන්


සර්ලා කාමරේ ඉන්න
මෙයාව එවන්නම් කාමරේට


-----------------------------------------------------------

සර්ලා මම ඇතුලට එන්නද?

එන්න එන්න එනකම් තමා ඉන්නේ 

 පියුමි ඔයා......... !

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.......... !

තේරුනේ නැත්තම් සමාවෙන්න !!!!!! :-D







Monday, April 30, 2012

දෘඩ වස්තුව

දෘඩ වස්තුව

සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද කියලා. සරුත් කියපි එහෙනම් මේ ළමයට ලොකු ප්‍රශ්නයක් නේද කියලා . ඉතින් කොල්ලෝ උන්ට පුරුදු ආකාරයෙන් තම තමන්ගේ ආතල් එක ගත්ත බවයි චූටියට නම් මතක.
____________________________________________________________

 හාමුදුරු මහත්තයා


අපේ ඉස්කෝලේ රගර් පුරුදු කරන්න ඇවිත් හිටියා ජපන් ඩයල් එකක් පොර කොහොම හරි සමස්ත ලංකා තරඟෙකින් දිනලා ප්ලේස් එකක් අරන් දුන්නා ඉස්කෝලෙට ඉතින් ප්‍රධාන රැස්වීමේදී දුන්න මෑන්ට කතාවක් දැන් පොර වැඩර් වගේ සිංහලෙන් කතා කරනවා
"විදු හල් පති තුම අවසර , අනික් විදුහල්පති තුම අවසර  , ටීචර් තුමා අවසර , හාමුදුරු .... හාමුදුරු මහතයා ....අවසර "  එතන ළමයි 4000 ක් විතර තමා හිටියේ
-------------------------------------------------------------------------------------
Boys එකේද Girls එකේද

අපේ ඉස්කෝලේ බොයිස් එකක් ඒ කියන්නේ කොල්ලෝ විතරයි කියන එකනේ, ඉතින් ඒ අතරේ අපේ කොල්ලෙක්ට හිත ගියා ගර්ල්ස් ස්කූල් එකක කෙල්ලෙක්ට නම සාවිත්‍රි කියමුකෝ මෑන් හරි කැමතියි ඌට ඒ නම කියනවට . අපිටත් මොකෝ කියලා මනුස්සයට අමතන්නෙම ඒ නමින්.දැන් පොර දවසක් පන්තියකදී හොයාගන්න නෑ. මෑන්ගේ ගෙවල්  පැත්තේ කොල්ලෙක්ගෙන් ඇහුවා (අපේ ඉස්කෝලේ නෙවෙයි හොඳේ) මචන් සාවිත්‍රි එහෙම ආවද කියලා. ඌ ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( ---------------------------------------------------------------------------------------
නිවුට්න් සොයුරා

මේක අද වෙච්චි සිද්දියක්. අපේ පන්තිවල ඉන්නවා දඩ මීටරයක් හැමෝම දන්නේ නිවුටන් කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මම උගේ ඇත්ත නමවත් දන්නේ නෑ. අද ඉස්කෝලේ ප්‍රධාන රැස්වීම අපිට ඉතින් අපේ  ප්‍රධාන නිවේදකයා ගිහින් වැඩ පටාන් ගත්තා.


"සභාවෙන් අවසරයි අද රැස්වීමේ දී මුලින්ම පංචසීලය පිහිටුවන්න මම නිව්ටන් සොයුරාට ආරාධනා කරනවා". 
එච්චරයි
ප.ලි-  මේවා කතාවත් ප්‍රබන්ධවත් නෙවෙයි ඇත්ත සිද්ධි ඉතින් හිනා යන්නේ නැතිව ඇති. සහෝදර සහෝදරියනි ගන්න ඔබේ දකුණු අත කවාගන්න කිති දැන් හිනාවෙන්න.
සැ.යු- නම් ගම් මන:කල්පිතයි
___________________

Tuesday, April 17, 2012

මගේ අහිංසක ජංගමය

හෆෆා මගේ ජංගමයේ ප්‍රයෝජන කියනවනම් කියන්ටනම් ප්‍රයෝජන එමටය . බනියා කියන හැටියට ඌගේ පෝන් එක ලෝකයේ දෙවනියට වැඩියෙන්ම දුක් විඳින පෝන් එකය ලිනකු දාන්නේ නෑ මෙතනින් ගිහින් බලන්ඩ බොරුද කියලා :P . තව පිස්සාගේ පෝන් එක වැඩියෙන්ම දුක් විඳින පෝන් එක කියා කියයි. ඔන්න චූටි පුතා ලෑස්ති වෙන්නේ ඒ වාර්තාව කඩන්ටය .

චූටි පුතාට පෝන් දෙකක් ඇත (ඇඩ් එකකි) ඉන් ඇන්ඩ්‍රොයිට් කට්ටය එය  බබා වගේ බලා ගනී සියළුම බර වැඩ කරන්නේ දුප්පත් ඩබ්ලිව් 200 නම් වූ සුවච කීකරු පෝන් කට්ටයි. මේ පෝන් එකෙන් විවිධ ප්‍රයෝජන ඇත.මල් කැඩීමේ සිට අඹ කැඩීම දක්වා වූ සියලුම දේ සඳහා මා විසින් ජංගමය යොදාගනී. කොච්චර අඹ කැඩුවත් තාම ඩිස්ප්ලේ එක කළු වී නැත ගෙනාපු එක තාම එසේමය. වසර ගණනකට පෙර රුපියල් වලින්ම 9000 ක් විතර ගෙවා ගත්තත් එයින් ගත් වැඩ ඊට වඩා වැඩිය.
මේ ඊයේ පෙරේදා දිනක සිදුවූ සිද්ධියක් නිසා කෘතගුණ සැලකීමට ලිපියක්වත් ලියන්නට සිත්වුනි. ඇත්තම කිව්වොත් මේ අහිංසක පෝන් කට්ට මාව ඉන්ජෙක්සන් තිස් ගණනකින්ද කොහෙද ගැලෙව්වේය ( ගාන හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් කොමන්ටුවකින් දමා යන්න)
අලුත් අවුරුද්දට නෑගම් යාම පුරාණ චාරිත්‍රයකි.ඉතින් අහිංසක මාද ඒ චාරිත්‍රය අකුරට ඉටු කරමි. මේ අවුරුද්දේද ඉතින් මා නැන්දම්මලාගේ ගෙදර ගියේ මාගේ නෑනා බැලීමට විතරක් නොවේ. නැන්දම්මා හදන රස රස එව්වා මෙව්වා කන්නත් බලාගෙනය. ඇත්තටම කිව්වොත් අවුරුද්දකට විතර කලින් හිටි හිච්චි බව්වා ලොකු බලු තඩියෙකු වී ඇති බව මට හාංකවිසියක් මතක නැත. මා ගෙදර යනවිට එලියට ආවේ නෑනා වත් නැන්දාවත් නොව බව්වාය. බේරීමට අතක් නොවීය ඉන්ජෙස්සන් තිස් ගණනක් ෂුවර්ය. හදිසියේම අතට අහුවුනේ දුප්පත් ජංගමයාමය. සියලුම පව් උගේ පිට දමා දුන් පහරින් බව්වාට යන එන මං නැති විය. ඉක්කෝලේ කියා දුන් මලල ක්‍රීඩා වල පිහිටෙන් මම බව්වාගෙන් බේරුණේ එසේය .

දැන් කියන්ට බලන්ට හාවාගේ පෝන් කට්ටද මගෙ කට්ටද වැඩියෙන් දුක් විඳින්නේ කියලා.අනේ ඌ අදටත් කිසිදු ලෙඩක් නැත.එදා වගේම වැඩය.ඉතින් මගේ පෝන් කට්ටට දීර්ඝායුෂ ලැබේවා !!! අදට ඇතිය අපි කැපෙමි :P

     ප.ලි.- උඩින් ඇත්තේ දුක් විඳිනාවූ මගේ අහිංසක ජංගමයා බව කරුණාවෙන් සලකන්න පොටෝ එක ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් බබාගෙනි