Friday, August 24, 2012

හරි වැරැද්ද (නොකියවා නොයන්න)

අද උදේ පාන්දර අම්මාගේ සුන්දර වදනින් අවදි වුනෙමි 
"කොල්ලෝ  අද පන්ති යන්නේ නැද්ද??"
"යනවා අම්මේ ""
"දැන්  පහ හමාරයි කීයටද යන්නේ "?
"හය හමාරේ රවිඳු එකේ ගියාම ඇති "
"හා "

( කිව්වට දන්නෑනේ රවිඳු එක කියන්නේ අපේ පාරේ වේගෙන්ම යන බස් එක යනඩ ගත්තාමනම් 100ට අඩු වෙන්නෙම නෑ. හිකිස් සීමිත නැවතුම්. ඉස්කෝලේ ගිහින්මයි බස් එක අඳුනන්නේ .රුපියල් 60 බස් ගාස්තුවෙන් අපෙන් ගන්නේ හතලිහයි . හැමදාම යන නිසා බස් එක අපේ ගෙදර වගේ. ඒ වගේම කවදාවත් කට කපලා සෙනග නම් නැති වෙන්නේ නෑ   )


මෙච්චර පටවන්නෑ හොඳේ කොහොම හරි ඇතුලට දානවා
අමාරුවෙන් හයයි පහට අවදිවුන මම හයයි විස්සට විතර එක බත් කටක් කාලා පාරට දුවගෙන ගියා සුපුරුදු පරිදි හෝල්ට් එකේ කවුරුත්ම නෑ විනාඩියක් ගියේ නෑ බස් එක ආවා. යන්තම් වේගේ අඩු කරපු බස් එකේ දොරේ යන්තම් එකෙකුට එල්ලෙන්න ඉඩ තිබුනා . යන්තම් ඒ ඉඩේ එල්ලුනු මම බෑග් එකත් උඩට යැව්වා ටිකක් වෙලා පා පුවරුවේ ගමනෙන් පස්සේ චූටි අයියා (කොන්දොස්තර) ආව නිසා මට උඩට යන්න පුලුවන් උනා මොනා උනත් තව හැමදාම යන කොල්ලෝ දෙතුන් දෙනෙක්  දාගෙන යන්නත් තිබුනා. මම ගිහින් සෙට් උනේ කෙල්ලෝ දෙන්නෙක් ගාව මට ඉස්සරහටත් නෑ පිටිපස්සටත් නෑ හැබැයි උන් දෙන්නා අඳුනනවා මාව වගේම උන් දෙන්නාගේ කොල්ලෝ දෙන්නත් මාව අඳුනනවා වගේම එතන උන් දෙන්නත් හිටියා. බස්වල දොර ළඟ ගියපු අය දන්නවා ඇතිනේ එතන හොඳටම හිර වුනාම කෝමද කියලා. 

දැන් මම උඩ පොල්ලේ එල්ලිලා කකුල් දෙක වෙන කොහෙවත් ඇඟ වෙන කොහෙවත් මට දැන් පේනවා පැත්තකින් කෙල්ලගේ ඇඟට තදවෙලා ඒත් මොන හෙල්ලුම්ද ම්හ් මම බැලුවා දුක්මුසු බැල්මක් ඒ කෙල්ලගේ කොල්ලා දිහා ඌට නම් ගානක් නෑ ඌ හිනාවෙලා කියනවා 
"යමංකෝ ඈ ටවුමට "
මන් නොදන්න උංගේ ජෝක් කියලා මමත් දැන් අල්ප "ද" යන්න වගේ ඇඹරිලා ඉන්නවා 
ටිකකින් මට ඇහෙනවා ඇන්ටි කෙනෙක් නෑ ගහනවා 
"කොල්ලෝ වලත්ත හැත්ත "
"මුංට කිසි චාරයක් නෑනේ "
"කෙල්ලෙක් දැක්කම මුන්ට තැන මතක නෑ බ්ලා බ්ලා බ්ලා ....."

මම හිතුවා මේ ඇන්ටී කොල්ලන්ගේ ජාතිය අමතන්නේ ඇන්ටිට කොල්ලෙක් මොනවා හරි නරක දෙයක් කරලා තමා කියලා . අපිත් හැමදාම යන කොල්ලෝ සෙට් එක හැටියට බස් එකේ කවදාවත් කාටවත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ .අපි බස් එකටත් ආදරෙයි වගේම යන අයවත් අඳුනනවා .මම
බලනකොට කෑ ගහන්නේ ඉඳගෙන ඉන්න ඇන්ටී කෙනෙක්.
 කෑ ගහන්නේ මම දිහා බලන් 
මමත් හිතුවේ ඇන්ටිට මොකක් හරි උදව්වක් ඕනෙ වෙලා කියලා 
"ඇයි ඇන්ටී"?
මම එච්චරයි ඇහුවේ 
"මෙතන කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම කරලා ඇයි ගාන්නත් එනවද"?
 කියපි
මටත් දැන් ෆුල් අන්දොස්
පස්සෙයි මට මීටර් අර කෙල්ලගේ ඇඟේ ගෑවුන එක තමා අවුල කියලා 
කෙල්ලත් කියනවා
 "හෑ අර ඇන්ටි ____ ට බනිනවා "
ටිකකින් චූටි අයියා (කොන්දොස්තර ඈ)  ගේමට එන්ටර් උනා
කෙලින්ම ඇවිත් ඇහුවා
" ඈ අක්කේ හරහට ජැක් ගැහුවැකිද ?"
ඇන්ටිගේ කට වැහුනා.
දැන් කොල්ලෝ සෙට් එකම මගේ පැත්තට කතාව 
යන්තම් ඒ ඇන්ටි බහිනකොට සොරි පුතා කියලා බැස්සා
                                 ඒත්
මේ සිද්ධිය වෙන බස් එකක හරි වෙන කොල්ලෝ ටිකක් අතර වුනානම්. අහිංසක මම වැරදිකාරයා වෙනවා කොල්ලන්ගෙන් ගුටි කාලා තමා බහින්න වෙන්නේ .ගොඩාක් වෙලාවට මෙහෙම වුනාම කොල්ලන්ට හෙවිල්ලක් බැලිල්ලක් නෑ ගහනවා.

කියන්න තියෙන්නේ ඕනෑම දෙයක් හරියට දන්නේ නැතිව කතා කරන්න එපා අහිංසකයෙක් වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. මේ වගේ තැනකදීනම් කතා කරන කෙනා  වැරදිකාරයා වෙන්න පුලුවන් . මේ ඇන්ටී හොඳ හිතකින් කතා කලා තමා ඒත් එක පාරටම කෑ නොගහා කතා කරන්න තිබුනා. මේ වගේ දේකදී කෙල්ලගේ මූනෙන් හැඟීම පේනවා. එහෙම බවක් පේනවනම් ඔතන ඔයාට ඉන්න අමාරුද කියලා සද්දෙන් ඇහුවනම් වැරදි කරන කෙනා අයින් වෙනවා වගේම. ළඟ කොල්ලෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම බලනවා ඒකේ අය දෙකක් නෑ ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම කොල්ලෝ එකෙක් දෙන්නෙක් වරදියි කියලා හැමෝම දිහා වැරදි විදියට බලන්නත් එපා !


ප.ලි: බ්ලොග් කියවෙන එක අතපසු වෙනවා. ෆෝන් එකෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න ටිකක් අමාරුයිනේ. ඒ ගැන සහෘද බ්ලොග් හිතවතුන් සමාව භාජනයක දායි කියලා හිතනවා සතියකට එක සැරයක් හරි බ්ලොග් ටික පැත්තේ රවුම් ගහලා යන්න එන්නම්.ගෙදරිනුත් තද නීති මේ අවුරුද්ද වැඩ කරගන්න කියලා. හැමෝටම ජය !!!!


18 comments:

  1. අපෝ ඇන්ටිලගේ ඔය සීන් එක තියෙනවා බං. මට මතකයි අපේ අහිංසක කොල්ලෙක් අමාරුවෙන් හිරවෙලා ඇන්ටි කෙනෙක්ගේ පස්සේ නොගෑවි ඉන්නකොට දෙතුන් පාරක් තල්ලුව නිසා ගෑවිලා පොර දිහා රවල බැලුවා.

    පොර දුන්නා පට්ට රිප්ලයි එකක්.

    “ඇන්ටි නිකං බඩුව වෙන්න හදන්න එපා. පේනවානේ මම ඉන්නේ අමාරුවෙන් හිරවෙලා.“

    ReplyDelete
    Replies
    1. පට්ට රිප්ලයි එකනේ xD ඒත් ඉතින් ඇන්ටි කෙනෙක්ගේ මූණ දිහා බලන් ඔහොම කිව්වෑකියෑ xP

      Delete
  2. මාර වැඩක් වෙන්නෙ වෙන බස් එකක් නං ....

    ReplyDelete
    Replies
    1. ඒම උනානම් මම නුවර හරි කොළඹ හරි තමා මේ වෙනකොට හිකිස්

      Delete
  3. කොහොමහරි එලටම වැඩ කරලා විභාගේ ගොඩ දාගන් මලේ !
    ගන්න ෆන් එකක් පස්සේ ගත්තෑකි !

    ReplyDelete
  4. විභාගේ හොඳට කරන්නකෝ.
    ඊට පස්සේ බැරියයි බ්ලොග් කියවන්න. :)

    ReplyDelete
    Replies
    1. අපේ මවුතුමී කියන්නෙත් ඕකමයිනේ xD

      Delete
  5. හික්ස්..තව ඩිග්ගෙන් චූටි පුතා හොස්පිටල්..
    විභාගයට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ නවතින්න වෙන්නේ කොළඹ තමා හි හී xD ස්තූතියි ඈ !!

      Delete
  6. මගෙනුත් සුබ පැතුම් ... තව පොඩ්ඩෙන් ගමකට කනවා :D

    ReplyDelete
    Replies
    1. සිරාවට ගමකටම කනවා . ස්තුතියි මචං

      Delete
  7. හි හි........:) :)

    ReplyDelete
  8. ඔය වගේ පත්තිනි අම්මලා වෙන්න හදන ගෑණු තමයි ලෝකෙ තියෙන ජරාම වැඩ කරන්නෙ....

    ReplyDelete
  9. සමහර ගෑනු වෙලාවකට වැඩකරන්නේ හරක්..... සොරි වරදුනනේ එලදෙන්නු වගේ. මට එහෙම කොලනම් අල්ලලා ගහනවා දඬු කඳේ හොඳ පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඇත්තට ? අනේ කෝරලේ මහත්තයෝ බැයිද මේ ගෑනිවත් ගහන්න මම කීවේ දඬු කඳේ :D දිගටම ගොඩවදින්ට ඈ

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා