Monday, April 30, 2012

දෘඩ වස්තුව

දෘඩ වස්තුව

සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද කියලා. සරුත් කියපි එහෙනම් මේ ළමයට ලොකු ප්‍රශ්නයක් නේද කියලා . ඉතින් කොල්ලෝ උන්ට පුරුදු ආකාරයෙන් තම තමන්ගේ ආතල් එක ගත්ත බවයි චූටියට නම් මතක.
____________________________________________________________

 හාමුදුරු මහත්තයා


අපේ ඉස්කෝලේ රගර් පුරුදු කරන්න ඇවිත් හිටියා ජපන් ඩයල් එකක් පොර කොහොම හරි සමස්ත ලංකා තරඟෙකින් දිනලා ප්ලේස් එකක් අරන් දුන්නා ඉස්කෝලෙට ඉතින් ප්‍රධාන රැස්වීමේදී දුන්න මෑන්ට කතාවක් දැන් පොර වැඩර් වගේ සිංහලෙන් කතා කරනවා
"විදු හල් පති තුම අවසර , අනික් විදුහල්පති තුම අවසර  , ටීචර් තුමා අවසර , හාමුදුරු .... හාමුදුරු මහතයා ....අවසර "  එතන ළමයි 4000 ක් විතර තමා හිටියේ
-------------------------------------------------------------------------------------
Boys එකේද Girls එකේද

අපේ ඉස්කෝලේ බොයිස් එකක් ඒ කියන්නේ කොල්ලෝ විතරයි කියන එකනේ, ඉතින් ඒ අතරේ අපේ කොල්ලෙක්ට හිත ගියා ගර්ල්ස් ස්කූල් එකක කෙල්ලෙක්ට නම සාවිත්‍රි කියමුකෝ මෑන් හරි කැමතියි ඌට ඒ නම කියනවට . අපිටත් මොකෝ කියලා මනුස්සයට අමතන්නෙම ඒ නමින්.දැන් පොර දවසක් පන්තියකදී හොයාගන්න නෑ. මෑන්ගේ ගෙවල්  පැත්තේ කොල්ලෙක්ගෙන් ඇහුවා (අපේ ඉස්කෝලේ නෙවෙයි හොඳේ) මචන් සාවිත්‍රි එහෙම ආවද කියලා. ඌ ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( ---------------------------------------------------------------------------------------
නිවුට්න් සොයුරා

මේක අද වෙච්චි සිද්දියක්. අපේ පන්තිවල ඉන්නවා දඩ මීටරයක් හැමෝම දන්නේ නිවුටන් කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මම උගේ ඇත්ත නමවත් දන්නේ නෑ. අද ඉස්කෝලේ ප්‍රධාන රැස්වීම අපිට ඉතින් අපේ  ප්‍රධාන නිවේදකයා ගිහින් වැඩ පටාන් ගත්තා.


"සභාවෙන් අවසරයි අද රැස්වීමේ දී මුලින්ම පංචසීලය පිහිටුවන්න මම නිව්ටන් සොයුරාට ආරාධනා කරනවා". 
එච්චරයි
ප.ලි-  මේවා කතාවත් ප්‍රබන්ධවත් නෙවෙයි ඇත්ත සිද්ධි ඉතින් හිනා යන්නේ නැතිව ඇති. සහෝදර සහෝදරියනි ගන්න ඔබේ දකුණු අත කවාගන්න කිති දැන් හිනාවෙන්න.
සැ.යු- නම් ගම් මන:කල්පිතයි
___________________

23 comments:

  1. අම්මෝ..මෙයත් චිම්පන්සියෙක් දාල.....

    ReplyDelete
  2. අවුලක් නෑ බොලං... මගේ විහිලු වලට වඩා ගොඩක් හොඳයි ;)

    ReplyDelete
  3. අවුලක් නෑ බං.. :-)))

    //ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( //

    ඒකනං පට්ට..

    ReplyDelete
    Replies
    1. තාම අළුත්නේ! ඇත්තටම මෑන් ඇහුවේ ඔහොමමයි :ඩී

      Delete
  4. හික්.. ලෙසටම ලියල තියෙනව....!

    ReplyDelete
  5. ලෙසටම ලියල....... පට්ටයි ඈ :ඩ් :ඩ්

    අර පොරගේ දෘඩ වස්තුව පස්සෙ සමතුලිත උනාද?

    ReplyDelete
    Replies
    1. ළඟ හිටපු කෙනෙක්ගේ උදව්වෙන් සමතුලිත කරගත්තා මම හිතන්නේ

      Delete
  6. ලොල් ඈ ස්කූල් ආතල් කියන්නේ ඕවාට තමා :)

    ReplyDelete
  7. දිගටම ලියපන් පුතේ.කතා ටික මරු

    ReplyDelete
  8. කතාටිකේ අමුතු ගතියක් තියෙනවා.ජපනා සිංහලෙන් කතා කරපු එක තමා මාරු..

    ජයෙන් ජය..

    ReplyDelete
  9. සමතුලිත වෙන්නැත්තං ඉතිං ලෙඩක්.. බල කීයක් උනත් දෙකකට ඌණනය කරගන්න.. එතකොට වෙයි..

    නැත්තං මූල ලක්ෂය වටා ඝූර්ණ ගන්න.. ඒත් හරි..!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පොර බල ලකුණු කරගෙන වැරදියි :D

      Delete
  10. කිතිකවාගත්තෙ නෑ චූටි පුතා. හිනා ගියා. බිම පෙරලි පෙරලි නොවුනට.
    අර හෙඩිංස් කහ පාටිං දාන්න එපා චූටියො.
    henryblogwalker the Dude

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා