දෘඩ වස්තුව
සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද කියලා. සරුත් කියපි එහෙනම් මේ ළමයට ලොකු ප්‍රශ්නයක් නේද කියලා . ඉතින් කොල්ලෝ උන්ට පුරුදු ආකාරයෙන් තම තමන්ගේ ආතල් එක ගත්ත බවයි චූටියට නම් මතක.
____________________________________________________________
හාමුදුරු මහත්තයා
අපේ ඉස්කෝලේ රගර් පුරුදු කරන්න ඇවිත් හිටියා ජපන් ඩයල් එකක් පොර කොහොම හරි සමස්ත ලංකා තරඟෙකින් දිනලා ප්ලේස් එකක් අරන් දුන්නා ඉස්කෝලෙට ඉතින් ප්‍රධාන රැස්වීමේදී දුන්න මෑන්ට කතාවක් දැන් පොර වැඩර් වගේ සිංහලෙන් කතා කරනවා
-------------------------------------------------------------------------------------
Boys එකේද Girls එකේද
අපේ ඉස්කෝලේ බොයිස් එකක් ඒ කියන්නේ කොල්ලෝ විතරයි කියන එකනේ, ඉතින් ඒ අතරේ අපේ කොල්ලෙක්ට හිත ගියා ගර්ල්ස් ස්කූල් එකක කෙල්ලෙක්ට නම සාවිත්‍රි කියමුකෝ මෑන් හරි කැමතියි ඌට ඒ නම කියනවට . අපිටත් මොකෝ කියලා මනුස්සයට අමතන්නෙම ඒ නමින්.දැන් පොර දවසක් පන්තියකදී හොයාගන්න නෑ. මෑන්ගේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ගෙන් ඇහුවා (අපේ ඉස්කෝලේ නෙවෙයි හොඳේ) මචන් සාවිත්‍රි එහෙම ආවද කියලා. ඌ ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( ---------------------------------------------------------------------------------------
නිවුට්න් සොයුරා
"සභාවෙන් අවසරයි අද රැස්වීමේ දී මුලින්ම පංචසීලය පිහිටුවන්න මම නිව්ටන් සොයුරාට ආරාධනා කරනවා".
එච්චරයි
ප.ලි- මේවා කතාවත් ප්‍රබන්ධවත් නෙවෙයි ඇත්ත සිද්ධි ඉතින් හිනා යන්නේ නැතිව ඇති. සහෝදර සහෝදරියනි ගන්න ඔබේ දකුණු අත කවාගන්න කිති දැන් හිනාවෙන්න.
සැ.යු- නම් ගම් මන:කල්පිතයි
___________________
අම්මෝ..මෙයත් චිම්පන්සියෙක් දාල.....
ReplyDeleteලෝක චිම්පන්සි දිනය
Deleteඅවුලක් නෑ බොලං... මගේ විහිලු වලට වඩා ගොඩක් හොඳයි ;)
ReplyDeleteහි හී තැන්ක්යූ ඈ
Deleteමරු..මරු..
ReplyDeleteතෑන්ක්ස්
Deleteඅවුලක් නෑ බං.. :-)))
ReplyDelete//ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( //
ඒකනං පට්ට..
තාම අළුත්නේ! ඇත්තටම මෑන් ඇහුවේ ඔහොමමයි :ඩී
Deleteනරකම නෑ....
ReplyDelete:D
ආරම්භයනේ :ඩී
Deleteහික්.. ලෙසටම ලියල තියෙනව....!
ReplyDeleteඇත්තට :ඩී
Deleteලෙසටම ලියල....... පට්ටයි ඈ :ඩ් :ඩ්
ReplyDeleteඅර පොරගේ දෘඩ වස්තුව පස්සෙ සමතුලිත උනාද?
ළඟ හිටපු කෙනෙක්ගේ උදව්වෙන් සමතුලිත කරගත්තා මම හිතන්නේ
Deleteලොල් ඈ ස්කූල් ආතල් කියන්නේ ඕවාට තමා :)
ReplyDeleteසිරා
Deleteදිගටම ලියපන් පුතේ.කතා ටික මරු
ReplyDeleteඑල එල :)
Deleteකතාටිකේ අමුතු ගතියක් තියෙනවා.ජපනා සිංහලෙන් කතා කරපු එක තමා මාරු..
ReplyDeleteජයෙන් ජය..
තැක්ක්යූ. දිගටම එන්න
Deleteසමතුලිත වෙන්නැත්තං ඉතිං ලෙඩක්.. බල කීයක් උනත් දෙකකට ඌණනය කරගන්න.. එතකොට වෙයි..
ReplyDeleteනැත්තං මූල ලක්ෂය වටා ඝූර්ණ ගන්න.. ඒත් හරි..!!!
නෑ නෑ පොර බල ලකුණු කරගෙන වැරදියි :D
Deleteකිතිකවාගත්තෙ නෑ චූටි පුතා. හිනා ගියා. බිම පෙරලි පෙරලි නොවුනට.
ReplyDeleteඅර හෙඩිංස් කහ පාටිං දාන්න එපා චූටියො.
henryblogwalker the Dude