Saturday, July 6, 2013

සිත් බැඳුණු කුමරිය - " ඈ මොකද මේ දාඩිය දාලා.. සනීප නැද්ද ? බයවෙලා වගේ"

                       
   
                                 
                
                      "මේ කියපන් උඹට අදත් යන්න ඕනෑ ඕකටම ද? " 
              " ඒකනේ බං මේ නුවර යන්න කොච්චර නම් තැන් තියනවද "
"බලාගෙන උඹ රහත් වෙයි ඈ"

මිතුරන්ගේ කරදරය ඉවසන්න බැරිම වූ මම

"හරි උඹලට එක්ක යන්න බැරින්ම් කියපන්කෝ මම ටැක්සි එකක් අරන් යන්නම්. උඹලා පව් පුරවගන්න එපා  "

" මෙන්න උපසක මහත්තයට ඩෝං ගිහින් "

"හරි හරි අපෝ බං එක්ක යන්නම් ! එක්ක යන්නම් !! ...අපි  අද මල් වත්තට යනවා බං උඹට ගියත් ඉතින් මල් බල බලා ඉන්න එකනේ ..... කෝ එක්ක යන්න කෙල්ලෙක් වත් ඉන්න එකක් යෑ "

" මෙයා ඉන්නේ කැම්පස් ගිහින් එකෙන් පට්ට කෑල්ලක් හොයාගන්න ලු"

නුවර මිතුරෙකුගේ නිවසට පැමිණ මේ ගෙවෙන්නේ තෙවනි දවසයි ! තෙවනි දවසටත් දළදා මාලියාවට යෑමට සැරසෙන මට මේ දෙදෙනාගෙන් මෙවැනි කොමන්ටු වැටීම එක් අතකට පුදුම වන්නට කාරනාවක්ද නැත
මොනා වුනත් ඒ ලෙවල් ඉවර වන තුරු සිංගල් ඉඳීමද ලෙසි පහසු කාරණයක් නොවේ ! යාලුවන්ටත් පට්ට පට්ට කෑලි වැටෙන විට කැම්පස් ගිහිල්ලවත් කෙල්ලෙක් සෙට් කරගන්නවා කියා හිත හදාගත්තේ කොරන්න දෙයක් නැති කමටමය :P මෙවුන්ට ඒකත් විහිලුවකි :(
---------------------------------------------------------------------------------

"අපි 4 ට එනවා උඹ රහත් වෙලා නොහිටියොත් අන්න අතන කොෆී ෂොප් එක ගාවට වරෙන් ඈ "

යාලුවෝ දෙදෙනා රැගත් කාරය ඉගිලී යනතුරු බලා සිටි මම සෙමෙන් සෙමෙන් සෙමෙන් සෙමෙන් මාලිගාව දෙසට පියමනින්න වූයෙමි.
අෆ්ෆා මල් ගේන්න අමතක වුනා...... කොහෙද මුන් දෙන්නා හදිස්සි කලානේ.... මල් ටිකක් සල්ලි වලට හරි ගන්න හරි බැරියෑ
සිතා පර්ස්  එක ගැනීමට පසුපස සාක්කුව අතගෑ මට දෙවියන් සිහිවුනි... වෙඩිමයි !! පර්ස් එකත් දාලා ඇවිත්.... කමක් නෑ හිතේ ශ්‍රද්ධාවෙන් වඳිනවනම් එච්චරයි නේ... හිත හදාගත් මම පොලිස් මුරකුටිය පසු කරමින් ඉදිරියට ඇදුනෙමි..

කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනු මට අය කාලෙකින් එන්න වෙන්නේ නෑනේ ෆොටෝ එකක් වත් ගන්න ඕනෑ යන සිතුවිල්ල පහල වූයේ නිතැතිනම්ය !අනෙක් අය ඩිජිටල් කැම් වලින් ෆොටෝ ගනිද්දී කෝකටත් තෛලය පොල්තෙල් වගේ තියන මාගේ එක්ස්පීරියා කට්ට එලියට ගත් මම කැමරාව ඔන් කරගෙන පොටෝ එකක් ගන්නට සැරසුනෙමි !

කැමරාව එල්ල කරනවාත් සමගම පසු පසින්


"අයියේ "

ගැහැණු ළමයෙකුගේ කටහඬකි ! ගණන් ගත යුතු නැත ගැහැණු ළමයෙක් බෙහෙතකටවත් කතා කරන්නේ නැත. මම සාමකාමීව ෆොටෝ එක ගත්තෙමි !

" අයියා මට පොඩි උදව්වක් කරනවාද? "

ශුවර් එකටම මාගේ මිතුරන් දෙදෙනා මට කොලොප්පමක් කරනවා විය යුතුය ! එක් දවසක් කෙල්ලෙක් දමා මට කෝල් කල අයුරු මට තවම අමතක නැත ! කෙසේ වෙතත් සලකා බැලිය යුතු වූ හෙයින් පිටුපස බැලුවෙමි.

ඇත්තෙන්ම ඇස් අදහාගැනීමට නොහැක ශුවර් එකටම දිව්‍යාංගනාවක් පාර වැරදී මෙතෙන්ට ලෑන්ඩ් කර ඇත. වෙන්න පුළුවන් දළදා වහන්සේ වඳින්න දෙවියොත් එනවලුනේ... ඒත් ඉතින් දෙවියෝ සිංහල දන්නවද?






නැවතත් ඇගේ කටහඬින් සිතුවිලි දැහැන බිඳුනි

" මොකද බයවෙලා වගේ " 

ඇගෙන් සිනාවකි

" නෑ නංගී... ඇයි කතා කලේ? "

මගෙන් ඉතාමත් අහිංසක සිනාවකි නමුත් පපුව ඉතා වේගයෙන් ගැහෙන බව දැනෙයි. පපුව ගැහෙනවා මෙයාටත් ඇහෙනවද දන්නෑ.... නමුත් නැවතත් ඇගේ කටහඬින්  සිතුවිල්ලට බාධා වෙයි.

" අයියා මම ටැක්සි එකක ආවේ... බලන්න මම මේ තෙල් තිර අරන් බහින අතරේ මගේ පොඩි පර්ස් එක ඒකේ දාලා ඇවිත්.. මොබයිල් එකත් ඒකේ.. අඳුරන ටැක්සියක් නම්බර් එක දන්නවා මං මට කෝල් එකක් ගන්න පුලුවන්ද? "

" අයියෝ ඕක මොකක්ද නංගී ගන්න ගන්න "

ජංගමය දෙන ගමන් ඇගේ අතෙහි මගේ අත ගෑවූයේ හිතා මතාමය. කවදා මෙහෙම සිනිඳු අතක් අල්ලාගෙන යන්නද :P :D :P :D

කොල් එක ගත් ඈ ටිකක් වෙලා කතා කරමින් සිට

" අයියේ මම ඉක්මනට එන්නම් ඈ"

කියමින් සෙමින් සෙමින් ආපසු රථගාල දෙසට යන්නට විය .ඇගේ ගමන බලා සිටීමට ලස්සනය පැය ගණනක් වුවද බලා සිටිය හැක.ඕ ලෙවල් සිංහල පොතේ තිබුණු කවි පද පේලි පිටින් මගේ මතකයට එන්නට විය. සුදු පාටට දණහිසට පොඩ්ඩක් පහළට ඇඳි සාය.. ඇය ඇඳ සිටි ටී ෂර්ට් එකට මැනවින් ගැලපුනි.. ටිකින් ටික ඈතට යනවිට කොකා කෝලා බෝතලයේ හැඩය හොඳින් පෙනෙන්නට තිබුණි. ඇතුළුවන ගේට්ටුවෙන් හැරුණු ඈ  අතුරුදහන් විය

අම්මටසිරි ................. !!!! මගෙ ෆෝන් එක
-----------------------------------------------------------------------
ඉක්මන් ගමනින් ඈ ගිය දෙසට දිව ගියත්  ඈ පෙනෙන්නට නැති බැවින්
අසල සිටි කිහිප දෙනාගෙන් විමසුවද යහපත් ප්‍රතිචාරයක් නැත. දෙවියනේ මම පරිගණකයකින් , කැමරාවකින් කරගන්නා සියලුම වැඩ කරගන්නේ ෆෝන් එකෙනි අදින් පසු මම ඉවරෙටම ඉවරය!!!!

මම මටම බැනගතිමි

"කෙල්ලෙක් ඇහුවොත් ඇඳන් ඉන්න රෙද්දත් ගලවලා දෙයි මෝඩයා

ආපසු මාලිගය දෙසට ඇවිද ගිය මම දළදා මාලිගය දෙස හිස් බැල්මකින් බලා සිටිමින් ඉදිරිපස බැම්මක මත වාඩි වුනෙමි

කොපමණ වෙලාවක් එතැන සිටියාදැයි මතකයක් නැත

" ආ මේ ඉන්නේ මම හැමතැනම හෙව්වා... මෙහෙමත් යනවද ෆෝන් එක නොදන්නා කෙනෙකුගේ අතට දීලා

ටිකක් හුරු පුරුදු කටහඬකි මම හැරී බැලුවෙමි

" ඈ මොකද මේ දාඩිය දාලා.. සනීප නැද්ද ? බයවෙලා වගේ

සුරංගනාව නැවතත් මා ඉදිරියේ සිටගෙන ඇත. එක්වරම තැතිගෙන මෙන් තිබූ මුහුණට සිනාවක් මතුවිය
"අනේ පව් කොල්ලා.. මම ෆෝන් එක හොරකම් කලා කියලා හිතුවා නේද ? බයවෙන්න එපා හලෝ මම සිල්පද හතරක් හොඳටම රකිනවා. ටැක්සි එක නවත්තලා තිබුණු තැන අහගන්න ඕනෑ නිසා තමා ෆොන් එකත් අරගෙන ගියේ "

ඇය නොනවත්වා කියවයි ! එම කටහඬට මම කැමතිය වචනයක් වචනයක් ගානේ ඔලුව දෙපසට පද්දයි. කෙලිලොල්ය සුරතල්ය පැය ගානක් වුවද ඇය දෙස බලා සිටිය හැක . මට ඇය ගැන සැක සිතීම ගැන ලැජ්ජාවක් ඇති වුනි.

"මේ දවස්වල නංගී කාවවත් විශ්වාස කරන්න අමාරුනේ "

" ඔව් ඉතින් එකත් ඇත්ත තමා... අයියා තනියමද ආවේ? අයියා මේ පැත්තේ නෙවෙයි වගේ නේ? 

ඇය විමසුවේ මගේ එක් පසෙකින් වාඩිවෙන අතරතුරය

"  ඔව් නංගී තනියම... මම කුරුණෑගල. ඒ ලෙවල් ඉවර නිසා යාළුවෙක්ගේ ගෙදර නවතින්න ආවා .... ඔයා කොහොමද හිතුවේ මම මෙහෙ නෙවෙයි කියලා ? ඔයත් තනියම ද ආවේ ? ඔයානම් නුවරම වගේ 

"  නෑ නිකං  පළාතෙන් පළාතට ටිකක් ටිකක් හැසිරීම කතාබහ වෙනස් නේ කට්ටියගේ ඒකයි එහෙම හිතුවේ.. ඔව් මම නුවර.. වෙලාවක් ලැබුණොත් ..මහන්සි නැත්තම්.. මම එනවා මාලිගාවට හිතට හරි සැහැල්ලුයි එතකොට

ඇය බැරෑරුම් හඬින් පවසයි 

"  අයියා අපි යන්ද ඇතුලට.. ආ ඔයා මල් ගෙනාවද?.. අපේ ගෙදර මල් ඉවරවෙලා තෙලුයි තිරයි විතරයි තිබුනේ මම ඒවානම් ඇති වෙන්න ගෙනාවා.... අපි අතනින් මල් ගමු 

ඇතුලුවන තැනම සිටි මල් කරුවෙකු ළඟට ගිය ඇය

"ඔයා මල් ගන්නේ නෑ ??

" ආ..ම්...මේ...මේ.. නෑ නංගී මගෙ පර්ස් එක දාලා ඇවිත් හදිස්සියට

" අයියෝ අයියා ඕක මොකක්ද මම ගන්නම් අයියටත් එක්ක මල්

ඇය මල් මිලදී ගනී . මල් රැගෙන එනු දකින මට මෙතෙක් වෙලා කියන්නට දෙතොල් තුල නලියමින් සිටි වදනක් එළියට පැන්නේ නිතැතිනි

" ඔයා හරි ලස්සනයි

කෙල්ලගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වනු පෙනෙයි. අයියෝ මටත් කට තියාගෙන ඉන්න බැරිව මොනවා කලාද මන්දා එයා මම එක්ක ආයෙම කතා කරන එකක්වත් නෑ. නැවතත් ඇගේ හඬින් සිතුවිලි දැහැන බිඳෙයි

" ඇත්තද ෆොටෝ එකක් අරන් පෙන්න බලන්න..මම තමා ෆොටෝජෙනික්  හරී 

" අනේ මම කැමරාව ගෙනාවේ නෑනේ

" හරි හරි ඔය ෆෝන් එකෙන් ගන්න මම දැක්කා ඉස්සෙල්ලත් ෆොටෝ ගන්නවා

ඇය මා සමග කතා කරයි.. හිතට අස්වැසිල්ලකි.
ෆෝන් එක අල්ලාගෙන සිටිනා විට අත් දෙක වෙව්ලයි ! අතට දාඩිය දමා ඇත ! මාගේ ජංගමයේ ලෙන්ස් එකෙන් ගැහැණු ළමයෙක් සිරකරගන්නේ පළමු වතාවටය ! යන්තමින් හිත එකඟ කරගත් මම ෆොටෝ දෙක තුනක් ගත්තෙමි.


"ශහ්.. හරි ලස්සනයි ඔයාගේ ෆොටෝග්‍රැෆි

"වැඳලා ඉවර වුනාම මේක bluetooth කරන්න ඈ






"හරි නංගී ඒත් නංගිගේ නම මොකක්ද ?"

"අයියෝ කියව කියවා හිටියා මිසක් නම කීවෙත් නෑනේ මම නිසංසලා අයියා ??"

"ආ නංගී මම ප්‍රභාත්"

ඇයට ඇත්තේ ඇයටම ගැලපෙන නමකි. නිසංසලය. නමුත් දුටුවන් සසල කරවයි 

"ඉස්කොලේ යනවද?"

"මේ පාර ෆස්ට් ෂයි කලේ අයියා.. අයියා කියපු එක හරිද මන්දා 
ඇය සිනාවෙයි 

"හරි හරි මම සෙකන්ඩ් ෂයි"

"ආ ඒහෙනම් හරිනේ...අයියා තමා ...පරක්කු වෙනවා අපි උඩට යමුද?"

-------------------------------------------------------------------------------

මල් පූජා කල ඇය දළදා වහන්සේ ඉදිරිපිට බිම ඉඳගෙන දෑස් පියාගෙන ගාථා මුමුණයි... අද නම් ඇත්තෙන්ම ගාථා කියන්නවත් සිත ඈගෙන් මුදවා ගැනීමට බැරි ලෙසකි.... එක්වරම මා දෙස බැලූ ඈ

"පිස්සු අනේ ඔයාටනම්... මෙතෙනට එන්නේ බැඳීම් නැතිකරගන්න ඒත් ඔයා මෙතන්ට ඇවිල්ලත් බැඳීම් වැඩි කරගන්නවා දැන් වඳින්න මම හවස් වෙනකම් ඉන්නවානේ "

ඒ කියන්නේ ඇය දෙස බලා සිටියාට කමක් නෑ කියලද... නෑ නෑ ආදරයක් නම් වෙන්න බෑ මෙච්චර ඉක්මනට.. ඔය කීවට කොල්ලෙක් ඇති යාලුකමට වෙන්න ඇති.. ඒත් අපි යාලුවො නෙවේ නේ අදමනේ හම්බවුනේ මාගේ සිතුවිලි එකිනෙක ගැටෙයි

---------------------------------------------------------------------------------
"ඔයාට යන්න ඕනේ කීවේ තුන හමාරටද තව විනාඩි විස්සක් විතර තියනවා"

මම ඇසුවේ ෆෝන් එකෙන් වෙලාව බලමිනි ඇගේ දුරකතන අංකය ලබාගැනීමට අවශ්‍ය වුවත් කිසිදා කෙල්ලෙකුගෙන් නම්බරයක් ඉල්ලා නැත. කොෆී ෂොප් එකේ කොතරම් වේලාවක් ඈ සමග සිටියාද මතක නැත නමුත් නුවර වැවේ ආශ්වාදයත්  ඇයත් කාලය නම් වූ නිරපේක්ෂ රාශිය සාපේක්ෂ කර ඇති සැටියකි 




"ඔයා එක්ක කොච්චර හිටියත් වෙලාව යනවා තේරෙන්නේ නෑ"

මම දැන් සියල්ලම මූණටම කියමි. ඇය හැම එකටම සිනාසෙයි

"අයෙත් අපි හම්බවෙමු කතා කර කර ඉන්න හැබැයි... හොඳේ....ආ ඔයා මට ෆොටෝ ටික bluetooth කලේ නෑනේ "

මට හදිස්සිය ජංගමය බිමය !

"අනේ අයියා බලන්න වැඩද කියලා ඉන්න මම කෝල් එකක් ගන්න. කියන්න නම්බර් එක........ ආනේ ඇති යන්තම් වැඩ..... ඕක තමයි මගෙ නම්බර් එක හොඳේ..සේව් කරගන්න අමතක වෙයි ඈ... :D  දැන් ෆොටෝ ටික එවන්නකෝ

තවත් සවල්ප වෙලාවකින් ටැක්සිය ඇය සොයා එයි. අපි වෙන් වෙන මොහොත අතළඟය' ඇය ටැක්සිය ළඟට ඇරලවිය යුතුය.එය මාගේ වගකීමය. මාගේ මිතුරන්ද ඒ සමගම පැමිණෙනු දුටු මට දෙලොව පොල් පෙනුනි . ටිකකින් එන්නම් යැයි ඔවුන්ට අතින් සන් කල මා ඇය සමග ගියෙමි. එකෙක් අනිකාට යමක් පවසනුත් අනිකාගේ කට ලොව හයවන පුදුමය ලෙස ඇරෙනුත් ඉදිරිපස වීදුරුවෙන් පෙනුනි. 

ඇය එක්වරම මාගේ අත් දෙකින්ම අල්ලා ගත්තාය... 

"ඔයා හොඳ යාලුවෙක් ඕනෑ වෙලාවක ඕනෑම දෙයක් ඕනෑම උදව්වක් ඉල්ලන්න.. මගේ ගානේ හොඳේ.. යන්නම් ඈ" 


 කියූ ඇය අත වැනුවාය.... ඇය යන තෙක් බලා සිටි මම මිතුරන් සිටින කාරය වෙත ආවේ ආඩම්බරයෙනි

"මේන්න රහත් වෙන්න ගිය එකා"

කට අරගෙන සිටි මිතුරා අමාරුවේන් කට වසමින් කීවේය

"ඇයි අපිට කෑලි එක්ක කතා කරන්න හොඳ නැද්ද ආ"

මට කට තබාගෙන ඉන්නට බැරිය

මෙතෙක් වේලා කට වසාගෙන සිටි නුවර මිතුරා කටහඬ අවදි කලේය

"අනේ !@#$%^&* ඒකි මොන කෑල්ලද ඕකි ප්‍රභූ ගණිකාවක් නම නිසංසලා හරි මොකක් හරි  ඉස්කෝලේ යන දවස්වල ඉඳන්  වැඩේට සෙට් වෙලා තියෙන්නේ... හැබැයි පුතෝ පැයකට දහදාහෙන් එහා ...තොගෙන් කීයක් ගැලෙව්වද ....?

එතනින් පසු ඔහුගේ වචන කිසිවක් ඇහුනේ නැත. ජංගමය අතට ගත් මා එකින් එක ඇගේ පින්තූර මකන්නට වීමි! 


නිමි !



--------------------------------------------------------------------------------
ප.ලි:- ඇත්තටම මේක කොහෙන්වත් උස්සපු එකක්වත් ! කෑලි එකතු කරලා ලියපු එකක්වත් නෙවෙයි ! හැබැයි ටිකක් ළඳුනේ සිංදුවේ ආභාෂය ලැබුනා කීවොත් හරි ! පළවෙනි කතාව ! අඩුපාඩු දැක්කොත් පෙන්නන්න :)













5 comments:

  1. නංගී NFC ඕන් කරගන්න නංගී :P කෝෆි කඩේ කීවේ කේෆ්සී එකට වෙන්න ඇති :D මල්නම් වැඩී පුතේ :D - මගේ නම ඒ නංගි දන්නවා හරී? :P ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තට? එහෙනම් මම නංගිගෙන් නම අහගන්නම්කෝ :-P thanks comment එකට

      Delete
  2. ඇයි බන් පින්තුර මකන්නේ.... මොන උනත් ඒ කෙල්ලගේ හොඳ ගති ගුණයක් තියනවා.. :( දුඅකක් වගේ දැනෙන්නේ ඇයිද මන්දා

    ReplyDelete
    Replies
    1. මොන පින්තූරද බං ? :O හ්ම්ම් අනේ මන්දා බං

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා