Wednesday, August 15, 2012

ඒ ලෙවල්


කෙරුවෙමි ඕ ලෙවල්
ගත්තෙමි A9 ක්
ගැසුවේය ලොකුකම හිසට
කෙරුවෙමි ගණිතය


ශ්‍රිත ත්‍රිකෝණමිතිය
අවකලනය අනුකලණය
සරල රේඛාව සංකීර්ණ සංඛයා
කැරකෙයි මා හිස වටා

නැත කිසිදු වෙලාවක්
විවේකයට විනෝදයට
කලා වානිජ වුන්
කල් ගෙවයි විනෝදයෙන්

නිවාඩු කාලයේ
උදේ සිට රෑ වනතුරු
සතියේ දින හතේම
පන්ති ඇත නොවරදවා

නිදා ගන්නට 
කන්නට බොන්නට
අඩුගානේ නාන්නට
නැත කිසි වෙලාවක්

ඇත තව අවුරුද්දක්
කළ යුතුය වැඩ ගොඩක්
ඉවර වූ විට අවුරුද්ද
වනු ඇත මා කටු ගොඩක්

කියූ දේ අසුවානම් අම්මා
නොවේ මෙවන් විපත්
කලා විෂයක් කරලා
ඉන්න තිබ්බා තුටින්

මට එපාවෙලා තියෙන්නේ හඥේ !!

ප.ලි: කිව්වත් වගේ වැඩ ගොඩායි.තරහ වෙන්න එපා කමෙන්ට් නොකලට හැම බ්ලොග් එකක්ම  කියවනවා .ඉඳලා හිටලා හරි ඇවිත් බ්ලොගිය අළුත් කරලා යන්නම් හොඳේ . අපි යනවා ටටා !!!

30 comments:

  1. හොද වැඩේ උබට :D

    ReplyDelete
  2. ගනන් ගන්ඩ එපා මලේ...
    අවුරුදු දෙකක් දුක් වින්දට මොකෑ වෙන්නේ. ජීවිතේ ඉතුරු කාලේ ෆන් එකේ ඉන්ඩ පුලුවන් නෙව..
    ෆන් එකේ කිව්වට මෙලෝ ෆන් එකක් නෑ.. ඒ උනාට ෆන් එකේ ඉන්ඩ පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. ෆන් එකේ ඉන්නකොට මෙලෝ ෆන් එකක් නැද්ද ඇත්තට. අත්දැකීම් වෙන්ටෑ xD එළ කොමෙන්ට් !!

      Delete
  3. කලා කරත් ඉතින් ඔය ටිකම තමයි....

    ReplyDelete
    Replies
    1. ඇත්තට පේන විදියට නම් මම හිතුවේ උන් ආතල් එකේ ඇති කියලා :/

      Delete
  4. හොඳින් ඉගෙනගන්නකෝ මල්ලෝ කොහොමහරි :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම උපරිම උත්සාහයෙන් හෙහ් හෙහ් :-)

      Delete
  5. ඕකනේ අපි වාණිජ කලේ. :ඩී
    ඒ වුනාට මලේ ඉගෙන ගන්න දේ අසාවෙන් කරන්න.කවදාවත් වරදින්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. මටත් දැන් තමා හිතෙන්නේ
      ආසාවෙන් නම් කරනවා බලමු !! :-)

      Delete
  6. අයියට තව අවුරුද්දයි....අපිට අවුරුදු 2යි...

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා මම හිතුවේ මට වඩා වැඩිමල් ඇති කියලා. කොහොම හරි බැඳගත්ත බෙරේ ගහලා බලමුකෝ හි හී :-)

      Delete
  7. ඔය කියපු හේතුව නිසාම තමා මම කලා කලේ.. ඒත් ඉතින් දැන් මේ Law එක නම් එපාම වෙලා ඉන්නෙ... මේ වෙලාවට හිතෙනවා මොකට කලා කලාද කියලා..:/

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම හැමෝටම එකයි වගේ හෙහ් හෙහ් xD

      Delete
  8. අවුරුද්දනේ මලේ.. ඔන්න ඔහේ කට්ට කාපන්... පස්සෙ ඔය ඇරියස් කවර් වෙලා බෝනස් එහෙමත් හම්බ වෙයි.....

    ReplyDelete
    Replies
    1. ඇත්තට පොලියට අමතරව බෝනස් පොලියකුත් දෙනවද අයියා?? xD

      Delete
  9. මාත් කලේ ඕකමය
    වැඩ වැඩි බව සුවර්මය
    හාඩොප් වැඩ කල යුතුය
    එවිට චූටියා ගොඩය

    ReplyDelete
    Replies
    1. ගොඩ යනවානම් එළය
      වෙන වැඩ ඇවැසි නැත
      හාඩොප් වැඩ කරමි
      ගොඩ යන්නට ට්‍රයි කරමි !!

      Delete
  10. මගේ මිත්‍රයෙක් ඉන්නවා උසස්ම විදියට උපාධිය සම්පූර්ණ කරලා මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන... මිනිහා ලගදි කියනවා.. මට ජොබ් එක එපා වෙලා බන් තියෙන්නෙ... උදේ ඉදන් කොම්පියුටරයක් දිහා බලාගෙන කරුමයක් ගෙවනවා කියලත් හිතෙනවා...වැඩ වැඩ ඉවරයක් නෑ... සල්ලි ඇති තරම් තිබ්බට, විවේකය සතුට නෑ මචන්... කැම්පස් එකේ උගන්නගෙන හිටියා නම් ඉවරයි කියලා...

    ජීවිතයේ සතුට මුදල් වලින්ම ගන්නත් බෑ... ඒ නිසා මැද මාවත හොදයි වගේ... චූටියා මැද මාවතේ පලයන්...

    ReplyDelete
    Replies
    1. වැදගත් උපදෙසක් :-) බුදු හාමුදුරුවොත් කිව්වනේ මධ්‍යම ප්‍රතපදාව අනුගමනය කරන්න කියලා !

      Delete
  11. ඔව්ව ඔහොම තමා බං...

    ReplyDelete
  12. හොඳ වෙලාවට මම ඔව්වට නැහැ :)

    ReplyDelete
  13. ඕවා ඔහොම තමයි මල්ලි. ඇවිත් බලන්නකො කැම්පස් එක පැත්තෙ මොකද හිතෙන්නෙ කියලා. අනිවා ඔයා එදාට තවත් කවියක් ලියයි. මල්ලි කොහොමද විභාගෙ? (හැමෝම පාර දිගට අහන ප්‍රශ්නෙ ඔන්න මමත් ඇහුවා)

    ReplyDelete
    Replies
    1. එහෙම ලියයිද මම o.O . පාර දිගට අහන ප්‍රශ්නේ අක්කී අවුරුද්දකට කලින් අහලානේ . ලබන අවුරුද්දේ කියන්නම් හොඳේ :-)

      Delete
  14. මටත් උනේ ඕකම තමා චූටි :(

    ReplyDelete
  15. ගනන් ගම්ම එපා මලයා.. ඉගෙන ගන්න කාලේ ඔහොම තමා.. ඒත් ටිකක් විනෝදත් වෙයන්.. මොකෝ මේ කාලේ ආයෙම එන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . මේ කාලේ තමා ජීවිතේ ලස්සනම කාලේ :-)

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා