ගත්තෙමි A9 ක්
ගැසුවේය ලොකුකම හිසට
කෙරුවෙමි ගණිතය
ශ්‍රිත ත්‍රිකෝණමිතිය
අවකලනය අනුකලණය
සරල රේඛාව සංකීර්ණ සංඛයා
කැරකෙයි මා හිස වටා
නැත කිසිදු වෙලාවක්
විවේකයට විනෝදයට
කලා වානිජ වුන්
කල් ගෙවයි විනෝදයෙන්
නිවාඩු කාලයේ
උදේ සිට රෑ වනතුරු
සතියේ දින හතේම
පන්ති ඇත නොවරදවා
නිදා ගන්නට
කන්නට බොන්නට
අඩුගානේ නාන්නට
නැත කිසි වෙලාවක්
ඇත තව අවුරුද්දක්
කළ යුතුය වැඩ ගොඩක්
ඉවර වූ විට අවුරුද්ද
වනු ඇත මා කටු ගොඩක්
කියූ දේ අසුවානම් අම්මා
නොවේ මෙවන් විපත්
කලා විෂයක් කරලා
ඉන්න තිබ්බා තුටින්
මට එපාවෙලා තියෙන්නේ හඥේ !!
ප.ලි: කිව්වත් වගේ වැඩ ගොඩායි.තරහ වෙන්න එපා කමෙන්ට් නොකලට හැම බ්ලොග් එකක්ම කියවනවා .ඉඳලා හිටලා හරි ඇවිත් බ්ලොගිය අළුත් කරලා යන්නම් හොඳේ . අපි යනවා ටටා !!!
හොද වැඩේ උබට :D
ReplyDeleteමෙහෙම වෙලා මදි මට :P
Deleteගනන් ගන්ඩ එපා මලේ...
ReplyDeleteඅවුරුදු දෙකක් දුක් වින්දට මොකෑ වෙන්නේ. ජීවිතේ ඉතුරු කාලේ ෆන් එකේ ඉන්ඩ පුලුවන් නෙව..
ෆන් එකේ කිව්වට මෙලෝ ෆන් එකක් නෑ.. ඒ උනාට ෆන් එකේ ඉන්ඩ පුලුවන් :)
ෆන් එකේ ඉන්නකොට මෙලෝ ෆන් එකක් නැද්ද ඇත්තට. අත්දැකීම් වෙන්ටෑ xD එළ කොමෙන්ට් !!
Deleteකලා කරත් ඉතින් ඔය ටිකම තමයි....
ReplyDeleteඇත්තට පේන විදියට නම් මම හිතුවේ උන් ආතල් එකේ ඇති කියලා :/
Deleteහොඳින් ඉගෙනගන්නකෝ මල්ලෝ කොහොමහරි :)
ReplyDeleteඅනිවාර්යයෙන්ම උපරිම උත්සාහයෙන් හෙහ් හෙහ් :-)
Deleteඕකනේ අපි වාණිජ කලේ. :ඩී
ReplyDeleteඒ වුනාට මලේ ඉගෙන ගන්න දේ අසාවෙන් කරන්න.කවදාවත් වරදින්නේ නෑ.:)
මටත් දැන් තමා හිතෙන්නේ
Deleteආසාවෙන් නම් කරනවා බලමු !! :-)
අයියට තව අවුරුද්දයි....අපිට අවුරුදු 2යි...
ReplyDeleteඅෆ්ෆා මම හිතුවේ මට වඩා වැඩිමල් ඇති කියලා. කොහොම හරි බැඳගත්ත බෙරේ ගහලා බලමුකෝ හි හී :-)
Deleteඔය කියපු හේතුව නිසාම තමා මම කලා කලේ.. ඒත් ඉතින් දැන් මේ Law එක නම් එපාම වෙලා ඉන්නෙ... මේ වෙලාවට හිතෙනවා මොකට කලා කලාද කියලා..:/
ReplyDeleteබලාගෙන ගියාම හැමෝටම එකයි වගේ හෙහ් හෙහ් xD
Deleteඅවුරුද්දනේ මලේ.. ඔන්න ඔහේ කට්ට කාපන්... පස්සෙ ඔය ඇරියස් කවර් වෙලා බෝනස් එහෙමත් හම්බ වෙයි.....
ReplyDeleteඇත්තට පොලියට අමතරව බෝනස් පොලියකුත් දෙනවද අයියා?? xD
Deleteමාත් කලේ ඕකමය
ReplyDeleteවැඩ වැඩි බව සුවර්මය
හාඩොප් වැඩ කල යුතුය
එවිට චූටියා ගොඩය
ගොඩ යනවානම් එළය
Deleteවෙන වැඩ ඇවැසි නැත
හාඩොප් වැඩ කරමි
ගොඩ යන්නට ට්‍රයි කරමි !!
මගේ මිත්‍රයෙක් ඉන්නවා උසස්ම විදියට උපාධිය සම්පූර්ණ කරලා මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන... මිනිහා ලගදි කියනවා.. මට ජොබ් එක එපා වෙලා බන් තියෙන්නෙ... උදේ ඉදන් කොම්පියුටරයක් දිහා බලාගෙන කරුමයක් ගෙවනවා කියලත් හිතෙනවා...වැඩ වැඩ ඉවරයක් නෑ... සල්ලි ඇති තරම් තිබ්බට, විවේකය සතුට නෑ මචන්... කැම්පස් එකේ උගන්නගෙන හිටියා නම් ඉවරයි කියලා...
ReplyDeleteජීවිතයේ සතුට මුදල් වලින්ම ගන්නත් බෑ... ඒ නිසා මැද මාවත හොදයි වගේ... චූටියා මැද මාවතේ පලයන්...
වැදගත් උපදෙසක් :-) බුදු හාමුදුරුවොත් කිව්වනේ මධ්‍යම ප්රතපදාව අනුගමනය කරන්න කියලා !
Deleteඔව්ව ඔහොම තමා බං...
ReplyDeleteඒකනේ බන් :/
Deleteහොඳ වෙලාවට මම ඔව්වට නැහැ :)
ReplyDeleteමොනවටද??
Deleteඕවා ඔහොම තමයි මල්ලි. ඇවිත් බලන්නකො කැම්පස් එක පැත්තෙ මොකද හිතෙන්නෙ කියලා. අනිවා ඔයා එදාට තවත් කවියක් ලියයි. මල්ලි කොහොමද විභාගෙ? (හැමෝම පාර දිගට අහන ප්‍රශ්නෙ ඔන්න මමත් ඇහුවා)
ReplyDeleteඑහෙම ලියයිද මම o.O . පාර දිගට අහන ප්‍රශ්නේ අක්කී අවුරුද්දකට කලින් අහලානේ . ලබන අවුරුද්දේ කියන්නම් හොඳේ :-)
Deleteමටත් උනේ ඕකම තමා චූටි :(
ReplyDeleteඇත්තට එහෙම උනැයි o.O
Deleteගනන් ගම්ම එපා මලයා.. ඉගෙන ගන්න කාලේ ඔහොම තමා.. ඒත් ටිකක් විනෝදත් වෙයන්.. මොකෝ මේ කාලේ ආයෙම එන්නේ නෑ...
ReplyDeleteඒක ඇත්ත . මේ කාලේ තමා ජීවිතේ ලස්සනම කාලේ :-)
Delete