Saturday, April 28, 2012

හන්තානට පායන හඳ දකින්න ආසයි





අපි ගියානේ කැම්පස්. ඔව් ඔව් පේරා තමා . EFI 2012 Exhibition බලන්න කියලයි ගියේ. ඉතින් බැලුවා. ලස්සන අක්කලා අෆ්ෆා සාරි ඇඳගෙන තමා හිටියේ .ප්‍රදර්ශනයේ තිබුණු දේවල් ගැන ළඟට අඬගහගෙන කියලා දුන්නා හෑ මම මේ මොනවද කියවන්නේ. කට් කට් කට් :පී

පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවේ පැරණිම විශ්ව විද්‍යාලයලුනේ . ගොඩක් අයට ලැබෙන්නේ නැති අවස්ථාවක් මට ( අපිට ) ලැබුනා ඒ තමා විශ්ව විද්‍යාලයට ගිහින් ඒක ඇතුලේ අයියලා අක්කලා කරන කියන දේවල් බලන්න ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබීම .(ඉතින් අපි කටත් ඇරන් ඒවා බලන් හිටියා) පොතෙන් විතරක් දැකලා තිබ්බ ගැජට් කෑලි මෙන්න පණපිටින්ම තියනවා දැකලා චූටියට පට්ට හැෆී. ඒ අස්සේ රියල් 3ඩී වලින් සිංහයෙක් පනිනවත් පෙන්නුවා.ඒ අතරේ රොබෝවරු පණපිටින්ම පස්ට ඈ.
ඒ අතරේ තිබුනා අපිට විශේෂ දේශන වගේකුත් ආසා හිතෙනවා අෆ්ෆා කැම්පස් එන්න . ඉතින් කොහොම හරි ගොඩයන්න බලාපොරොත්තු වෙනවා . මට තව අවුරුද්දක් තියනවා නොවැ ඉතින් පස්ට පට පට කියලා වැඩ කොරනවා අෆ්ෆා.ඕකට ගියොත් කාටද ආඩම්බර හෑ.  මේකෙන් අපිට කැම්පස් එකේ අතීතය. ඉන්ජිනිර් ෆැකල්ටිය ගැන වගේම තවත් ගොඩක් දේවල් කියලා දුන්නා.



මේක ලිව්වේ ඒ වගේ ප්‍රදර්ශනයක් තිබුන එක ගැන ස්තුතියක් කරන්න. ඇත්තටම කැම්පස් එක කියන්නෙත් තවත් ඉස්කෝලයක් කියලා හිතන් හිටපු අපි වගේ පොඩි එවුන්ට කැම්පස් එක මොකක්ද කියලා තේරුම් කරලා දුන්න එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිට තේරෙන්න ඒකේ තිබුණු දරුණු දරුණු භාණ්ඩ ගැන කියලා දුන්නු අයියලා අක්කලාටත් ගොඩක් ස්තුතියි. ඉතින් එහෙනම් චූටියා බැහැලා වැඩලු ඕන් ඈ . ටටා  

18 comments:

  1. yaluwa meeka kawadada iwara wenne kiyala kiyanda puluwanda? matath yanda asai. mee wenakotath iwarada danne na

    ReplyDelete
    Replies
    1. මේක එක දවසයි තිබුනේ මචං ආරාධිත පාසල් වලට විතරයි :(

      Delete
    2. අපේ අහල පහල ඉස්කෝල ඔක්කොටම ඇවිත් තිබ්බා.අපිට විතරක් ඇවිත් තිබ්බේ නෑ.

      අයියෝ............ සල්ලි

      Delete
    3. අෆ්ෆා අසාධාරණ වැඩක්. ඒත් ඒ තිබුණු දේවල් එක්ක හැම ඉස්කොලෙකටම කියන්න අමාරු ඇති මචං . බලන්න නොලැබුණු එක ගැන දුකයි.

      Delete
  2. Replies
    1. තියන එකනම් තියනවා ඒත් ඒවා හැම එකේම අපේ කොල්ලෝ මැදට පැනලා කස්ටිය වැඩීයිනේ. බලමු හොඳ ඒවා තිබුණොත් පස්සේ දාන්නම් අනිවා

      Delete
  3. Replies
    1. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඈ :)

      Delete
  4. මෙන්න කිරිල්ලිත් ආව චූටිපුතාව බලන්න......

    ReplyDelete
    Replies
    1. සොයිනේ අනේ ! හැමදාම එන්න ඈ :)

      Delete
  5. එලයි සුබ ගමන්.. මටත් පුළුවන් උනොත් එන්නං... එහෙදි සෙට් වෙමු.... :D :D

    ReplyDelete
    Replies
    1. අනිවා. ගියොත් කාටද ආඩම්බර :D

      Delete
  6. කවුද අප්පා කිවුවෙ කැම්පස් එක කියන්නේ තවත් ඉස්කෝලයක් කියලා???
    ඇත්තමයි පේරාදෙනියට යන්න ලැබෙන එකත් එක්තරා විදියක පිනක්. ඒත් ඇතැම් අවස්තා වල ඒ පිනෙන් පවු කරන අතලොස්සකුත් ඉන්නවා. කොහොම වුණත් මල්ලිටත් පේරාදෙණිය (හෝ මොර‍ටුව) ට යන්න ලැබෙන්න මම ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
    Replies
    1. කස්ටිය එහෙමත් කිව්වනේ :ඕ. ඇත්ත මටත් තේරුණා පිනක් කියලා. තැන්ක්යූ වේවා !!!!! :)

      Delete
  7. ඔන්න අද තමා මුලින්ම ආවෙ.
    ඇත්තටම කිව්වොත් මගෙත් ලොකු ආසාවක් තියෙනවා පේරා කැම්පස් යන්න.එහෙ සිංහල ඩිපාට්මන්ට් යන්න ආසයි.මට නං ඉතින් තව ගොඩක් කල් තියෙනව.මම මේ අවුරුද්දෙ ඕ/ලෙවල්.

    අය්යට පේරාදෙණියෙ කැම්පස් එකේ ඉගෙනගන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගා ! ගොඩක් කල් කියලා හිතන්න නම් එපා මට අද වගේ මතකයි මම 10 වසරේ හිටියා :ඩී හොඳට වැඩ ටික කරගන්න

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා