Tuesday, April 24, 2012

ලංගම සහ හිඟන කාඩ්


sltb2 

මේ පෝස්ටුව ලියන්න හිතුනේ අපේ රටේ ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය ගැනයි. ඒ කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය ගැනයි.  ලංගමය කටයුතු කරන්නේ රටේ සුවහසක් වූ පොදු ජනතාව වෙනුවෙනි. අපට ලංගමය සමගවත් බලධාරීන් සමගවත් ගැටළුවක් නැත.ප්‍රශ්නය ඇත්තේ  ඇතැම් සේවකයන් සමගය .

පාසල් ළමුන් වෙනුවෙන් (බොහෝවිට දුප්පත් ළමයින්) රජයෙන් පහසු මිලට ලබාගැනීමට සීසන් නැතිනම් ලංගම වාර ප්‍රවේශපත්‍ර ලබාදෙයි.  ඉතා විශාල බස් ගාස්තුවක් ගෙවීමට සිදුවන ළමුන්ට මෙය මහඟු සේවයකි නමුත් අද ඇතැම් ලංගම සේවකයන් වාර ප්‍රවේශපත්‍රය සමග එන පාසල් ළමුන්ට සලකන්නේ බල්ලන්ට මෙන් වීම දුකට කරුණකි.

ඔවුන් බසය පිටත් වී සීසන් නඟින්න කියනකම් බසය ළඟට වී පෝලිමේ බලා සිටිය යුතුය. ඉන්පසු සීට් වල ඉඩ තිබුනත් හිටගෙන යා යුතුය ඉඩ තිබී ඉඳගත්තත් ඇතැම් විට අශෝබන ලෙස බැනවැදී නැගිට්ටුවයි ( මෙම පෝස්ටුව ලියන්නේත් අද බසය තුල සහෝදරියකට එවැනි දෙයක් කළ නිසාය ).  ඉන්පසු නවත්වන්නේ ඔවුන්ට අවශ්‍ය ස්ථානයේයි.ඇතැම් විට කිලෝමීටරයක් පමණ ආපසු පයින් ඒම සිදුකල යුතුය.


ඒ නිසා අපේ කොල්ලෝ එයට කියන්නේ හිඟන කාඩ් එක කියාය .ඔවුන් නොදැනුවත්වම ඔවුන් හිඟන්නන් ගොඩට වැටී ඇත.  දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියන්නා සේ කුලියක් මලියක් කර 20% කින් ඉහළ දැමු බස් ගාස්තුව ගෙවන්නට බොහෝ මව්පියන්ට මුදල් නැත ( අපේ දිනක බස් වියදම රු 120 කි එනම් එක් ගමනකට රු 60ක් අවශ්‍යය ) ඒ නිසා ඔවුන් හිඟන කාඩ් එකෙන් යති එති.  කුඩම්මාගේ සැලකිලි ලබති .ඇති අය පාසල් බස් රථවල සුවසේ යති .


එක්වරක් ඩිපෝවේ ඉහළ නිලධාරියෙකුට දැන්වූ පසු ඔහු සිදුකලේ බස් රථය නැවැත්වීමය .ඉන්පසු එම කොන්දොස්තර මහතාගේ ලොකුකම තවත් වැඩිවිය .

මේ සිටින්නේ රටේ අනාගතයයි. මෙවැනි දේ නිසා ඔවුන් රටට ආදරය කරන්නේ නැත . හොඳ විෂයක් ඉගැනීමට නගරයේ ලොකු යැයි පිළිගත් පාසලකට යාම වැරැද්දක් වී ඇති රටකට ආදරය කිරීමෙන් ඇති ඵලය කිම. අපේ කොල්ලන් අතර තියන ප්‍රසිද්ධ විහිලුවක් මෙසේය.


ඔය පිටිපස්සේ සීසර් එහෙම ඉඳගෙන ඉන්නවනම් හොඳ හිතින් නැගිටින්න

 

ප.ලි මම සීසන් වලින් යෑම නවත්වා මාස කීපයක් වුවත් අද සිදුවුනු දේ නිසා ලීවේ .කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ  සංවාදයට විවෘතයි

3 comments:

  1. මේකනම් සිරා.. මාත් දැකල තියෙනව බස් වල සීසන් තියෙන කට්ටියව කපනව.. බොහොම දුකයි මේ ගැන...!

    ~ මාතරේ

    ReplyDelete
  2. අදක ඊයෙක නෙවෙයි.... අපි ඉස්කොලෙ යන කාලෙත් ඔය හැත්ත ඔය බලු වැඩේ කලා..... බස් එක නවත්තන්නෙ හොල්ට් එක පහු කරල කිලො මීටරයක් විතර එහයින්...
    ඉතින් පොඩි උන් අර කිලො 20ක විතර බෑග් එකත් උස්සගෙන බස් එක පස්සෙ දුවන්න ඕනෙ

    කටු කන එවුවො සැරැ වැඩියි කියනැහේ.... බස් එකට නැග්ගහම කොන්දගෙ දාහක් කතන්දර.... හරියට ඌ MBBS කරල කොන් දොස්තර උන ගානයි

    ReplyDelete
  3. මමත් ඔය දුක විදල තියෙනවා.සමහර වෙලාවට බස් නවත්තන්නේත් නෑ.සමහර බස් වලට නැග්ගම මේකේ සීසන් ගන්නෑ කියනවා.

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා