Saturday, April 21, 2012

නෙත් සොයයි නුබ කොහිද


boy-girl-love-sky-sweet-Favim.com-52716
ඔබ දුටුව පළමු දින
සිත බැඳුනි මගේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

සෑම දින උදයේම
ඔබ දකිනු පිණිසේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

බස් රථය පාළු විය
නොමැති ඔබ අසුනේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

සිව් මසක් පිරුණි අද
නොදැක ඔබ බසයේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

චූටි සුරතල් සිනා
දැකීමට නැවතත්
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

එක් සිතක් ඔබ ගැනම
පෙරුමන් පුරනා බවක්
නොදනී  ඹබ කුමරියේ
ඇයි ආයෙ නාවේ

නව වසරෙ නව දිනෙක
පැමිණෙමි ඔබ සොයා
එතෙක් මා එනතුරා
සිටිනුමැන කුමරියේ

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එල එල දිගටම ලියමු..

    ReplyDelete
  3. ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා පතනවා..ලස්සන කවි ටික..:) දිගටම ලියමු..ජය.!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හි හී ඇත්තටමද දන්නෑ කිව්වේ හිතට එන දේ තමා ලියන්නේ .

      Delete
  4. දිගටම ලියපන් මල්ලියා

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම දිගටම් එන්න මේ පැත්තේ :)

      Delete
  5. අඩෝ... මදුෂන්කයා... එල කවියක්නේ බං...! මරු අදහස.. දිගටම ලියමු.. ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. කවුද ඒ :P :P හ හා ලියමු ලියමු දිගටම ලියමු :) ජය!

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා