Wednesday, April 18, 2012

අම්මේ

 
 
   mother_and_son2 
පියතුමන් අහිමි මට
ඒ අඩුව පුරවන්න
ලේ කඳුළු වගුරවන
මාගේම අම්මේ
 
පැනයක්ය මසිත තුල
බැරිය මට විමසන්න
අසරණය මගේ සිත
ඔබ හමුවේ අම්මේ
 
ඈ දුටුව මුල්ම දින
සිත් මගේ වශී වුන
ඇය වෙතින් ගලවන්න 
බැරිය මට අම්මේ
 
මා සිතේ හටගත්
කුළුඳුල්ම ආදරය
තවමත්ම මා වෙතින්
නොපැවසුනි අම්මේ
 
කුළ්‍රඳුල් මගේ පෙම
වෙන එකෙකු ගෙන යන්න
ප්‍රථමයෙන් පිලිතුරක්
ඇවැසියෙමි අම්මේ
 
සොඳුරු පාසල් දිවිය
නිමවනු කලියෙන්ම
සිත් බැඳුම වරදක්ද
කියනු මැන අම්මේ


ප.ලි- මම මේ දිවස්වල මුහුණදීලා ඉන්න ප්‍රශ්නයක්

6 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි ! දිගටම ඇවිත් යන්න එන්න

      Delete
  2. ආදරය...!!!! තාම ඉස්කෝලේ යන ළමයි ඔහොම දෙයක් කරනවට අම්මාල අකමතියි තමා..එත් ඉතින් කුලුදුල් ආදරයට හදවතින්ම ජය පතනවා..ලස්සන කවි ටික..:)

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න බෑ මොනා කරන්නද කියලා අක්කි :/ ස්තූතියි ;)

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා