Tuesday, April 17, 2012

මගේ අහිංසක ජංගමය

හෆෆා මගේ ජංගමයේ ප්‍රයෝජන කියනවනම් කියන්ටනම් ප්‍රයෝජන එමටය . බනියා කියන හැටියට ඌගේ පෝන් එක ලෝකයේ දෙවනියට වැඩියෙන්ම දුක් විඳින පෝන් එකය ලිනකු දාන්නේ නෑ මෙතනින් ගිහින් බලන්ඩ බොරුද කියලා :P . තව පිස්සාගේ පෝන් එක වැඩියෙන්ම දුක් විඳින පෝන් එක කියා කියයි. ඔන්න චූටි පුතා ලෑස්ති වෙන්නේ ඒ වාර්තාව කඩන්ටය .

චූටි පුතාට පෝන් දෙකක් ඇත (ඇඩ් එකකි) ඉන් ඇන්ඩ්‍රොයිට් කට්ටය එය  බබා වගේ බලා ගනී සියළුම බර වැඩ කරන්නේ දුප්පත් ඩබ්ලිව් 200 නම් වූ සුවච කීකරු පෝන් කට්ටයි. මේ පෝන් එකෙන් විවිධ ප්‍රයෝජන ඇත.මල් කැඩීමේ සිට අඹ කැඩීම දක්වා වූ සියලුම දේ සඳහා මා විසින් ජංගමය යොදාගනී. කොච්චර අඹ කැඩුවත් තාම ඩිස්ප්ලේ එක කළු වී නැත ගෙනාපු එක තාම එසේමය. වසර ගණනකට පෙර රුපියල් වලින්ම 9000 ක් විතර ගෙවා ගත්තත් එයින් ගත් වැඩ ඊට වඩා වැඩිය.
මේ ඊයේ පෙරේදා දිනක සිදුවූ සිද්ධියක් නිසා කෘතගුණ සැලකීමට ලිපියක්වත් ලියන්නට සිත්වුනි. ඇත්තම කිව්වොත් මේ අහිංසක පෝන් කට්ට මාව ඉන්ජෙක්සන් තිස් ගණනකින්ද කොහෙද ගැලෙව්වේය ( ගාන හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් කොමන්ටුවකින් දමා යන්න)
අලුත් අවුරුද්දට නෑගම් යාම පුරාණ චාරිත්‍රයකි.ඉතින් අහිංසක මාද ඒ චාරිත්‍රය අකුරට ඉටු කරමි. මේ අවුරුද්දේද ඉතින් මා නැන්දම්මලාගේ ගෙදර ගියේ මාගේ නෑනා බැලීමට විතරක් නොවේ. නැන්දම්මා හදන රස රස එව්වා මෙව්වා කන්නත් බලාගෙනය. ඇත්තටම කිව්වොත් අවුරුද්දකට විතර කලින් හිටි හිච්චි බව්වා ලොකු බලු තඩියෙකු වී ඇති බව මට හාංකවිසියක් මතක නැත. මා ගෙදර යනවිට එලියට ආවේ නෑනා වත් නැන්දාවත් නොව බව්වාය. බේරීමට අතක් නොවීය ඉන්ජෙස්සන් තිස් ගණනක් ෂුවර්ය. හදිසියේම අතට අහුවුනේ දුප්පත් ජංගමයාමය. සියලුම පව් උගේ පිට දමා දුන් පහරින් බව්වාට යන එන මං නැති විය. ඉක්කෝලේ කියා දුන් මලල ක්‍රීඩා වල පිහිටෙන් මම බව්වාගෙන් බේරුණේ එසේය .

දැන් කියන්ට බලන්ට හාවාගේ පෝන් කට්ටද මගෙ කට්ටද වැඩියෙන් දුක් විඳින්නේ කියලා.අනේ ඌ අදටත් කිසිදු ලෙඩක් නැත.එදා වගේම වැඩය.ඉතින් මගේ පෝන් කට්ටට දීර්ඝායුෂ ලැබේවා !!! අදට ඇතිය අපි කැපෙමි :P

     ප.ලි.- උඩින් ඇත්තේ දුක් විඳිනාවූ මගේ අහිංසක ජංගමයා බව කරුණාවෙන් සලකන්න පොටෝ එක ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් බබාගෙනි

6 comments:

  1. හපොයි යාලු පොඩ්ඩක් පොස්ට් එකේ අකුරු ලොකු කරලා ඉමුකො..මේක කියවන්න ගිහින් මගේ ඔලුවේ කැක්කුම ඩබල් වෙනෝ...:(

    ReplyDelete
    Replies
    1. ඔන්න කලා අඩුපාඩු පෙන්නලා දෙනවට ගොඩක් ස්තුතියි :)

      Delete
    2. ස්තුතියි හොදේ ඉල්ලීම සලකා බැලුවට...:)

      Delete
  2. හපොයි..ඉන්ජෙක්සන් 32 න් බේරිලා තියෙන්නේ අහිංසක ෆෝන් එක නිසානේ..පව් අප්පා....:(
    ඕකට මල් තියල වැන්දත් පව් නෑ වගේ චුටි පුතේ..:)

    ReplyDelete
  3. අනේ මෙහෙමත් කරනවද ෆෝන් වලට.. අයියෝ මටත් තියෙන්නෙ ඔය වගේම w200 එකක් තමයි. හැබැයි එච්චරමයි. ඇන්ඩ්‍රොයිඩ් බබෙක් නෑ.. දුකට සැපට ඉන්න මෙයාව මම ආදරෙන් බලාගන්නවා. මගේ අතින් බිම වැටෙන හැටියට නම් ඉතින් මෙහෙම එකක් ම තමයි තියාගන්න වෙන්නෙ.

    ReplyDelete
  4. පට්ට.
    ඒක නෙමෙයි ඇන්ඩ්‍රො එක මොකක්ද?

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා