Friday, April 13, 2012

අවුරුදු කුමාරිය

                                 8_large 
අවුරුදු උලෙල අවසන
පැවතුනු කුමරි තරඟය
දුටුවෙමි ඔබේ රුව
අදහාගත නොහී මා නෙත්


ඇඳ මල් චීත්තය
වරලස මල් ගසා හැඩකොට
මදහස නගාගෙන
ආවාය ඈ ඉඟ සුඟ නලවමින


තෙනෙන්  රන් පෙඳ  වැනී
වරලස  කිතුල් මල  මෙනි
දෙතොල් නා දලු වැනී
දිගැස් සුරඟුන් පරදතී


මිටින් ගත හැකි ඉඟයි
පියෙන් පිය නැලවෙන ඉඟයි
මුතුවන්  දසන් පෙලයි
නොදුටු නෙත් මගේ කුමටැයි


කොමල වූ වදනින්
කන්කලු සරින් ගයමින්
හැඟුම් මා පුබුදමින්
සිටියේ ඈ සැබෑ කුමරිය ලෙසින්


දුටු ඇය මන බඳින
සිතුවා කුමරිය වෙන ලෙස
දුන්නේ තෙවනි තැන
ඇස් නොපේනේද උන් හට


නැත කිසිදු වාද
ඇයයි කුමරිය බක් මාස
නොපෙනෙතත් උන් දෑස
ඔබ කුමරියයි මහද සැමදාම






ප.ලි. –  මගේ පළමු නිර්මානයයි . හොඳ නරක කියලා කොමෙන්ටුවක් දාලා . ලයික් එකක් දාලාම යන්න හොඳේ
ප.ප.ලි - පින්තූරය ගූගල් දෙවියන්ගෙන් උස්සන ලදී

13 comments:

  1. මරු :ඩී ..අවුරුදු උත්සව ,රූ රැජින තරඟ ඔහොම්මම තමා
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. පළවෙනි කොමෙන්ටුවට තෑන්ක්ස්
      ඒකනේ :ඩී අනිවා දිගටම ලියනවා

      Delete
  2. ලස්සන අවුරුදු කුමරියක් !!!

    මමත් සෑහෙන කල්පනා කරපු දෙයක් තමයි ඔය තරගවල අපි හිතින් තෝරන කෙනා බොහෝ වෙලාවට දිනාගන්නෙ 2 , 3 ස්ථාන. හිතුවෙවත් නැති කෙනෙක් 1st වෙනවා!

    ReplyDelete
    Replies
    1. හි හී ගොඩක් ස්තුතියි !! ඒකනේ විනිශ්චය කරන අයගේ ඇස් පේන්නෙ නැද්ද කියලා මමත් කල්පනා කලා :D

      Delete
  3. පටන් ගැන්ම නම් එල..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා දිගටම මේ පැත්තේ ඇවිත් යන්න එන්න :)

      Delete
  4. ආහ් බක්මහ කුමරිය නියමයි
    චූටි පුතේ දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ !! අනිවාර්යයෙන් දිගටම ලියනවා.

      Delete
  5. කොච්චර ලස්සන උනත් අපි හිතන කෙනා පළවෙනිය වෙන්නේ නැති එක ගැන මාත් සැහෙන්න හිතලා තියනව..අනේ මන්දා..
    මේකට කොමෙන්ටුවක් දන්නා හැමදාම මේ පැත්තට ආවත් මොකක් හරි ලෙඩක් වැටිලා මගරෙනවා..:(
    අද අපු ගමන්ම කලේ කොමේන්ටුවක් දාන එක..:) ලස්සන කවි ටික චුටි පුතේ..
    දිගටම ලියන හොදේ..අපි එනවා...ජය..!!!!

    ReplyDelete
    Replies
    1. මටත් ඒක ලොකු ප්‍රශ්නයක් :( පරක්කු වුනාට කමක් නෑ ගොඩක් වටිනවා මට කොමෙන්ටු . හරිම සතුටුයි දිගටම ලියනවා . ඔයාටත් ජය !!!

      Delete
  6. එල එල සම්පුර්ණයෙන් බ්ලොග් එකියෙවුවා නියමයි තව ලියන්න

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා