Wednesday, July 18, 2012

අයිතිකරුවෙකු නැති ලිපිය !

පොල් කෝම්බය,
ගෙදර පසුපස,
කුණු වල,
2012.07.18

                තෙරුවන් සරණයි!!
හිතවත් මිතුර,

කොහොමද මචන් සැප සනීප. මම නම් හොඳින් .තවමත් පදිංචිය ටින් එකේමද ? අපි නම් ළඟදීම විශ්‍රාම ගන්නයි ඉන්නේ මොකද මචන් මගෙ නෝනා බාර දීලා තිබුණු රාජකාරිය ඉවර කළා. දන්නවනේ ගිනි කසයා වගේනේ වැඩ . අම්මෝ මමත් බයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ . මටත් තරහ ගිහින් දුන්නොත් එහෙම උණ හැදෙන්න.

මචන් මේ ගෙදර මිනිස්සු නම් හරී හොඳයි. කොච්චර අපිට උදව් කළාද කිව්වොත් අපේ ළමයි ටික හදාගන්නත් උදව් කළා බන් මම බයේ හිටියේ හොඳ පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරි වෙයි කියලා දැන් දැන්  TV එකේ රේඩියෝ එකේ යන එවා අහලා.ඒත් අනේ කිසිම දෙයක් වුනේ නෑ ,ඇති තරම් හොඳ කෑම බීම හම්බ වුනා.මටනම් ඉතින් මොනවද පිරිමි අපි වෙජිටේරියන් නේ. ගෑණු ජාතිය ජරා ජාතිය කියලා මේ ගෑණි තමංගේ වැඩේ කරගන්න යන යන එකාගේ ලේත් බොනවනේ. මම නම් හිතුවේ හොඳ කනේ පාරක් වැදිලා අතපය කඩාගෙන හරි චප්ප වෙලා හරි ඉඳී කියලා.ඒ වුනාට මෙන්න හොඳට වැඩේ කරලා, අපිට උදව් කරපු ගෙදර හිටපු මනුස්සයින්ටමයි මේ ගෑනි වැඩේ දීලා තියෙන්නේ. ගෑණු කොහොමත් කන්න දීපු අත හපාකන ජාතියනේ. බ්ලා බ්ලා බ්ලා ටී...... ක් කට් කට් කටි 

කොහොමින් කොහොමින් හරි අපේ වැඩේ නම් ඉවරයි.එකක් වලකජ්ජ දෙකක් ඉස්පිරිතාලේ හ හා,,, දැන් ඉතින් අපිට නිවාඩු. ඔය පැත්තේ තත්වේ කොහොමද? ඉක්මන් කරලා ඉවරයක් කරමු.කොටියට හදාගන්න බැරි වුන රාජ්ජේ අපි හදාගනිමු.ළඟදීම ඇවිත් යන්න එන්නම් එහෙනම් අපි නවතිමු. 
                               හිතවත් මිතුරා ,                                                                                           Aedes aegypti 

වැදගත්:
 මෙම ලිපිය වැටිලා තිබී සොයාගෙන ඇති අතර නියම අයිතිකරු පැමිණ අනන්‍යතාවය තහවුරු කර රැගෙන යන්න.

මෙහි ඇති කිසිදු දෙයක් පිළිබඳ වගකීම කතෘතුමා සතු නොවන අතර යම් අයෙකුට අපහාසයක් වන්නේනම් ඒ පිළිබඳ වගකීම මා විසින් බාර ගනු නොලැබේ.

ලිපියේ කාන්තාවන්ට අපහාසවන යම් යම් කොටස් ඉවත් කර ඇත්තේ සදාචාරාත්මක හේතු නිසාවනි.

අවසන් වශයෙන් මෙය දැක මටද උණ සෑදී ඇත!!!!!!!!!!!





13 comments:

  1. හික්ස් පට්ට මචන්


    කොමන්ට් කරන විදිය බ්ලොගර්ලටම බාර දුන්නොත් නරකද?

    ReplyDelete
  2. මේක නම් නියමයි මල්ලි. ඒක නෙමේ කාටද මේ ලියලා තියෙන්නෙ? ගමේ ඉන්න Aedes aegypti නගරෙ ඉන්න Aedes albopictus ට වීන ඇති නේද?

    ReplyDelete
  3. Pramudi DissanayakeJuly 19, 2012 at 10:36 PM

    අලේ ටිකක් තේරුනා මදි වගේ :/

    ReplyDelete
  4. Pramudi DissanayakeJuly 19, 2012 at 10:37 PM

    තේරුනා තේරුනා :ඩී
    ලියුමේ ඇඩ්රස් එක බැලුවේ අන්තිමටනේ

    ReplyDelete
  5. ඉන්ද්‍රජිත්July 20, 2012 at 6:18 PM

    එල...

    ReplyDelete
  6. නමෙන්ට් බොක්ස් එක වෙනස් කළ බැවින් මිතුරන් කිහිප දෙනෙකුගේ කමෙන්ට් ආගිය අතක් නොමැති විය ඒ පිළිබඳ සමාව බාජනයක දාන මෙන් ඉල්ලා සිටිමි :)

    ReplyDelete
  7. @මඩිස්සලේ
    නිශාන් තැන්ක්ස් මචන්
    ආපහු ආවා බ්ලොගර් කමෙන්ට් බොක්ස් එකටම :)

    @සිඳු
    වෙන්න ඇති අක්කී මේක මට සුළඟේ පාවී ආව එකක්නේ

    @Pramudi Dissanayake
    හරි පිළිවෙලට ලියපු ලියුමක් නේද ? :P

    @ඉන්‍ද්‍රජිත් තැන්ක්ස් :)

    ReplyDelete
  8. man sahenna dawasakin me paththata awe.e enakota chuti putha hora liyumak liyala..oya albolata thanak dena1nam echchara hoda deyak newei..niyama post1.wadagath adahasak..:)

    ReplyDelete
  9. @හිරුඅනේ අපි ලියුම් ලියන්නේ නෑලු ඈ. මේක මේ වැටිලා තිබිලා හම්බවුනු එකක් :)

    ReplyDelete
  10. ලස්සන ලියුමක්... හාස්‍යය සමග බරපතල කාරණයක් සාකච්ඡා කරලා... ජය!

    ReplyDelete
  11. චූටි පුතා ඒක නම් පට්ට පට පට ලියුමක්.
    පොඩි එකා කපටියා. පෙනේද අගට දාලා තියෙන ඩිස්ක්ලේමර් එක!!
    හොඳ අනාගතයක් තියෙන බව පේනවා!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි dude!!!!! සාදරයෙන් පිලිගන්නවා blog එකට

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා