Thursday, June 28, 2012

කියන්නෙමි මෙසේ


ඔබේ සියුමැලි අතින්
අල්ලාගෙන සෙමින්
නීල නෙත් දෙස බලා
කියන්නෙමි මෙසේ මා

දකින්නට
ඔබේ සුරතල් සිනා
අසන්නට
ඔබේ සුරතල් කතා
ආදරෙයි කියන්නට
මුළු ලොවටත් වඩා
ආසයි මටත්
ඉඩ දෙන්න 
පුංචි කුමරියේ 
ඔබේ හිත් කොනක 
ලැගුම් ගන්නට
ආදරෙන්
 විඳින්නට ජීවිතය 
සදා
නොමියෙන ලෙසින්
"නවෝදයක්" වී
එන්න මා දිවි මගට 


ප.ලි: කස්ටිය දැන් හිතනවා ඇති " මේකට හොඳටම පිස්සු" 



27 comments:

  1. wow එළකිරි කවිය :D

    ReplyDelete
  2. ලස්සන කවි පෙල..

    හිතන්නත් දෙයක්ද? පිස්සු තමා.. :)

    ReplyDelete
  3. පිස්සු නේනන්ම් ....
    සුපිරි කවිටික.

    ReplyDelete
  4. ලස්සන කවි ටික...

    නොමියෙන ලෙසින්
    "නවෝදයක්" වී
    එන්න මා දිවි මගට

    මම ආසයි ඒ පද ටිකට..මමත් මේ පැත්තෙ ආවමයිද කොහෙද?ආයෙ එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අක්කියෝ
      බොහෝම ස්තුතියි :)
      එයාගේ නමත් ටිකක් ළඟයි ඔය පද ටිකටි හි හී .

      Delete
  5. හිත්වලට අහිංසකබලාපොරොත්තුවක්..
    බලාපොරොත්තු ඉටුවෙයිනේද?

    ReplyDelete
    Replies
    1. ඉටුවෙයි කියලා බලාපොරොත්තු තියන් ඉන්නවා. බලමු :)

      Delete
  6. පිස්සු තමා ඒත් ටිකයි..හොඳයි..!!

    ReplyDelete
    Replies
    1. කිරිල්ලිත් මට කින්ඩිය දානවා වගේ :පී ස්තුතියි :)

      Delete
  7. කවියත් ලස්සනයි, ෆොටෝ එකත් ලස්සනයි. මේ තියන ගේ අයින් කළානම් තවත් ලස්සනයි, එතකොට අකුරු පැහැදිලිව කියවන්න පුළුවන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට :) ගේ අයින් කරන්න බලන්නම් මේ දවස්වල වැඩ ටිකක් වැඩියි අක්කි

      Delete
  8. ලස්සන අදහස් ටික් සහෝ.

    ReplyDelete
  9. ම්ම් අදහසනම් පංකාදුයි .. ඒත් මේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා මගේ ඇස් නිලංකාර උනා

    ReplyDelete
    Replies
    1. අපොයි ඒහෙනම් වෙනස් කරන්නම වෙනවා නේද :පී පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනවා මට නිවාඩුවක් හම්බ වෙනකම් හොඳේ :)

      Delete
  10. අදහස ලස්සනයි හොඳයි.

    මේක කියවන්න අමාරුයි බං බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරපන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) හරි කරන්නම් :පී

      Delete
  11. ගොඩක් ලස්සනයි !! :)

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා