Saturday, May 19, 2012

ඔබා මාමේ !!!

කෙසේ කියන්නද
මා වැනි පුංචි එකෙක්
ඔබ වැනි යෝදයෙකු ගැන
ආඩම්බර නැති
ලොකුම ලොකු හදවතක් තියන
හැමෝම ආදරේ කරන 
ඔබා මාමේ 
හදවත පතුලේ
කඳුළු බිඳක් සිරකරගනිමින්
පතන්නෙමි ඔබට නිවන් සුව !!


ප.ලි. මම දවස් ගානකට කලින් දැනගත්තත් කෙටියෙන්වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ අධ්‍යාපන කටයුතු එක්ක. ඔබා මාමා මට ගොඩාක් උදව් කලේ බ්ලොග් කරුවෙක් හැටියට ගොඩක් හිත තැලිලා තිබුනු වෙලාවක.හඬමින් හිටපු වෙලාවක බුකියෙන් කතා කරලා. එදා ඒ වැඩිහිටියෙක් විදියට දීපු අවවාද නොවෙන්න මේ බ්ලොගියත් චූටි පුතා කියන කවුරුවත් නොදන්න කෙනෙක් බිහිවෙන්නේ නෑ.එහෙනම් මම මේ බ්ලොග් ලෝකයට මේ වෙනකොට සමු දීලා.කමෙන්ටුවක් දාන්න මේ පැත්තේ එන්නම් කිය කියා හිටියත් කවදාවත් ඔයා එන්නේ නෑ නේද සීයේ ?? මම තරහයි වගේම ආදරෙයි ගොඩාක්

7 comments:

  1. ගොඩාක් සංවේදී සටහනක්. ඇත්තටම ඔහු ගොඩාක් හොඳ ගතිගුණ තිබුණු පුද්ගලයෙක්. ඔබා මාමාට මොක සුවය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු මතුපිටින් හිනාවෙලා හිටියා වගේම. ඕනෑම ගැටළුවකට පිළිතුරුත් ඔහු ළඟ තිබුනා.

      Delete
  2. ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශේ අපිට මුණ නොගැහේවි ආයෙමත්..

    ReplyDelete
  3. ජීවිතේ ඔහොම තමයි. අපි හැමදාටම ලඟින් තියාගන්න ආසකරන අය අපෙන් වෙන්වෙල යනව ඉක්මනටම. මොනව කරන්නද අමාරුවෙන් හරි හිත හදාගන්නව ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. සියල්ල අනිත්‍යයි . දුකයි කියලා බුදුරජාණන් වහන්සේත් කියලා තියනවනේ!!!!

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා