Monday, May 7, 2012

ඇය මගේ සොඳුරියයි - බල්ලෙකුගේ සංවේදී හැඬුමක්

කුඩා කල පටන් ඇය
මා සමග සිටියා
සෙල්ලමට කෑමකට
මා සමග ආවා


පියතුමෙකුගේ සතුට
ඈ මට දුන්නා
අවසාන මොහොත තෙක්
මා සමග හිටියා


වෙසක් දින රාත්‍රියේ
වෙසක් සිරි බලමින්
අපි දෙන්නා පැමිනියේ
මහ පාරේ අයිනෙන්


 මහහඬින් ගී සිංදු
කියන අය පුරවන්
ආ ලොරියෙ ගැටුනු ඈ
කෑ ගැසුවෙ මරහඬින්


කානුවට වීසි වී
ඉතා දුක්මුසු ලෙසින්
එකවරක් දෑස් හැර
පියාගත්තා සැනින්


රිය පිටුපසින් එලවා
එනවිටත් මියගොසින්
පින්බර වෙසක් දින
නැත මගේ වෛරයක්


තවත් එක් බැල්ලක්ය
ඔබට හා අන් අයට
ඈ මගේ සොඳුරියයි
තිබෙන තෙක් මගෙ දිවිය


ප.ලි. ඊයේ රෑ අපි පන්සල් ගිහින් එනකොට අපිට ඉස්සරහින් ළඟ ගෙදරක බල්ලෝ දෙන්නෙක් පාර අයිනෙන් ගියා. හරිම ආදරෙන් හිටපු බව තමයි පෙනුනේ ( මම උන්ව දන්නවා . උන්ට පැටවුනුත් හිටියා ) පාරේ ගියපු ලොරියක රියදුරා පාරේ අගලටම අරගෙන එක බල්ලෙක්ව හැප්පුවා. ( හිතලා කලේ). අනිත් බල්ලා ( ඌ තමා බල්ලා) අර ලොරිය පස්සෙන් ගොඩාක් දුර එලෙව්වා.එනකොටත් මැරිලා වගේ හිටියේ අනිකා. පස්සෙන් එලවපු එකා ආපහු ඇවිත් සෑහෙන වෙලාවක් උඩු බුර බුර එතන හිටියා . ඒක ගැනයි ලීවේ







30 comments:

  1. ජීවිතේ බැඳීම් වලට යටවෙලා
    අපිටත් අයිති නැති අපේ (අපේද මන්දා) ජීවිතේ

    සංවේදියි චුට්ටෝ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුක හිතුනා..

      Delete
    2. @මීගොඩයා අපිටත් අයිති නැති අපේ ජීවිත

      @තනිකඩයා ඇත්තටම ගොඩාක් දැනුනු සිදුවීමක්

      Delete
  2. ඇත්තටම දුක හිතුනා යාලුවා.. හිතලමනම් කලේ ඒ මහා තිරිසනෙක්..

    ReplyDelete
    Replies
    1. ඒ තිරිසනා කවද හරි විඳවනව ඒ වගේම හැප්පිලා..මම දන්න ඇත්ත සිද්ධි දෙකක් මේ.......

      1...එක ලොරි ඩ්‍රැයිවර් කෙනෙක් (හොඳම බේබද්දෙක්)හැමදාම බීගෙන ඇවිත් වයිෆ්ට ගහනවා නැත්නම් ගෙදර ඉන්න බල්ලට ගහනවා......එක දවසක් බීගෙන ඇවිත් බල්ලට ගහල ගහල කකුල් දෙකෙන් අල්ලල බල්ලව පොලවෙ ගහල මරල...වැඩි කලක් නෙවේ ඊට පහුවදාම ලොරිය හැප්පුනා..කකුල 3 කට කැඩුනා..මැරුනෙ නැහැ අවුරුද්දක් විතර විඳවල පස්සෙ යාන්තම හොඳ උනා..ඒත් රස්සාව කරන්න බැරිලු දැන්.......

      2...ලංකාවෙ ප්‍රසිද්ධ ආයතනයක ඩ්‍රැයිවර් කෙනෙක්...දුර ගමන් ගිහින් එද්දි හැමදාම කෝම හරි පාර මාරුවෙන හෝ පාරෙ ඉන්න සතෙක් හප්පල අරන් එනවලු මසට...ඔහොම කාලයක් ගත උනා දවසක් මේ මිනිහගෙ වෑන් එක හැප්පිලා..මිනිහව අඳුනගන්න බැරි තරම් කුඩු වෙලා පාර අයිනෙ කැලෙට විසි වෙලා තිබුනලු..කවුරුවත් හොස්පිටල් ගෙනියන්න හිතල නැහැ..ඒ තරමට බොඩි එක කුඩු වෙලා හැමෝම හිතල තියෙන්නෙ මැරිල කියල..පැය ගානකට පස්සෙ හොස්පිටල් අරන් ගිහින් ඒත් මිනිහ මැරිල නැහැ..එක ඇහැක් එලියට පැනල තිබුනලු...
      කෝම හරි මිනිහා තාම ඉන්නව........

      Delete
    2. @Dinesh බොහොදුරට හිතලා නැත්තම් බීලා අනිවාර්යයෙන් මේ දෙකෙන් එකක්

      @වින්චැට්කිරිල්ලි අපි කරපු පව් අපේ පස්සෙන් එනවා අනිවාර්යයෙන්ම

      Delete
  3. වෙසක් දවසේවත් සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැති තිරිසන්නු...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා තාරාව

      Delete
  4. හිත ගැස්සෙන කවියක්......මමත් දැකල තියනවා බලු අම්මල පැටව් එහෙම තුවාල උනාම ගොඩක් වෙලා එතන ඉඳන් අඩනවා.........

    ReplyDelete
    Replies
    1. මමත් දැකලා තියනවා ඒත් මෙහෙම සිදුවීමක් දැක්කමයි

      Delete
  5. සිරාවටම දුකක් දැනෙනවා...උදෙ රෑ පිරිත් කියන රටද මට හිතෙනවා..

    ReplyDelete
  6. හුගක් හදවතටම දැනුනා චුටිපුතේ..තිරිසන් සතෙක්ටවත් නිදහසේ ජිවත් වෙන්න දැනේ නැති සමාජයක් වෙලා මේක..:(
    හුගක් හොද නිරමාණයක්...දිගටම ලියමු..ජය..!!!

    Prdee

    ReplyDelete
  7. හුගක් හදවතටම දැනුනා චුටිපුතේ..තිරිසන් සතෙක්ටවත් නිදහසේ ජිවත් වෙන්න දැනේ නැති සමාජයක් වෙලා මේක..:(
    හුගක් හොද නිරමාණයක්...දිගටම ලියමු..ජය..!!!

    ReplyDelete
  8. හිතා මතාම හැප්පුවා?? දෙයියනේ!!! :/ :/ මහ නරක මිනිහෙක්... හරිම දුකයි යාලු!!

    ReplyDelete
  9. මොනව කරන්නද ජීවිතේ අපිට අයිති නැහැනේ.ඒත් සංවේදී හිත්වලට මේවා දැක්කම දුක හිතෙන එක වළක්වන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාට ඔය සතා මැරීමෙන් කිසිම පලක් නැහැනේ :( තවත් අහිංසක සතෙක් කියලා හිතන්න තිබුනා නේද කියන සිතුවිල්ල තමා මට ආවේ

      Delete
  10. කාලකන්නි මිනිහෙක්නේ

    ReplyDelete
    Replies
    1. කාලකන්නි කෙසේවෙතත් පවුකාර මිනිහෙක්

      Delete
  11. ගොඩාක් සංවේදී සිද්දියක්. හැම සතෙක්ම තමන්ගේ ආදරවන්තයාට ආදරෙයි.

    ReplyDelete
  12. අඩෝ... පව් බං :(

    ReplyDelete
  13. හරිම කණගා‍ටුදායකයි චූටි පුතා. බලන්න ඔයා වගේ සංවේදී හදවතක් තියෙන කෙනෙකුයි, අර වගෙ බලු අබරෙකුයි දෙන්නම එකම පාරෙ ගිහින් දෙවිදියකට ක්‍රියාකරපු හැටි!
    අර ඩ්‍රයිවර්ට තිරිසනෙක් කියන්න මම අකමැති අර ඉතුරුවෙච්ච බල්ලට අසාධාරනයක් වෙන හන්දා.
    henryblogwalker the Dude

    ReplyDelete
  14. දුක හිතෙනවා ගොඩාක්

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කී :( පෝය දවසෙම එහෙම උනාම ගොඩාක් දුකයි

      Delete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා