Wednesday, October 3, 2012

අත්තම්මේ ! ( ඇත්තටම චූටියා ලත් තැන ලොප්ද? )

ඔන්න ඉතින් මාසෙකට විතර පස්සේ ආවා මේ පැත්තේ හරියට මකුලුදැල් එහෙමත් බැඳිලා. හිටපු ගමන් මේකට මොකද වුනේ කියලා කස්ටිය බලනවා ඇති.( එහෙම හිතෙන්ඩ මාව මතක තියෙන්ට එපැයි නේ ) ඔන්න ඉතින් මකුලු දැල් එහෙම කඩලා ෂේප් එකේ මාසෙකට විතර සැරයක් ලියලා යන්නයි හිත හි හී .චූටියා ෆූල් බිසී නොවැ . කස්ටිය හිතං හිටියද දන්නෑ මං...

Wednesday, August 29, 2012

තොප්පිය ( කෙටි කතාව ) ඇත්තමද මන්දා

ගෙදර කවුද? ආ කමලා නංගියේ ඇයි මේ ? ඕං ඇසිලිං අක්කේ අන්න බෝක්කුව යටින් පිඹුරෙක් අල්ලලාලු අපිනම් යනවා බලන්න පොඩි එකාටත් පෙන්නන්න එක්ක වරෙන් කොල්ලගේ අම්මලාත් නෑ බං දෙන්නත් එක්කලා ගමනක් ගිහින් කකුල් අමාරුවත් එක්ක යන්නත් අමාරුයි  පොඩි  එකාගෙන් අහන්න හිටහංකෝ  කොල්ලෝ සුදු පුතේ  චිත්‍රයක්...

Friday, August 24, 2012

හරි වැරැද්ද (නොකියවා නොයන්න)

අද උදේ පාන්දර අම්මාගේ සුන්දර වදනින් අවදි වුනෙමි  "කොල්ලෝ  අද පන්ති යන්නේ නැද්ද??" "යනවා අම්මේ "" "දැන්  පහ හමාරයි කීයටද යන්නේ "? "හය හමාරේ රවිඳු එකේ ගියාම ඇති " "හා...

Wednesday, August 15, 2012

ඒ ලෙවල්

කෙරුවෙමි ඕ ලෙවල් ගත්තෙමි A9 ක් ගැසුවේය ලොකුකම හිසට කෙරුවෙමි ගණි...

Monday, July 30, 2012

මිතුර අපි සමුගනිමු

ලියන්න කලින් කියන්න ඕනෙ මේක මෙලෝ රහක් නැතිව ඇති ඒත් පොඩ්ඩක් කියවන්න කියලා ඉල්ලනවා මම කොතනින් මේක පටන් ගන්නද කියන එක ගැටළුවක් වගේම මේ දවස්වල තියන වැඩ කටයුතු එක්ක කොච්චර කාලයක් මේක ලියන්න වෙයි ද කියන දේත් තියනවා අපි මේක මොහෙම පටන් ගමු. 2000 ජනවාරි මාසේ ඒ කියන්නේ මීට අවුරුදු 13කට කලින් මම ගියපු ගමේ...

Saturday, July 21, 2012

Wednesday, July 18, 2012

අයිතිකරුවෙකු නැති ලිපිය !

පොල් කෝම්බය, ගෙදර පසුපස, කුණු වල, 2012.07.18                 තෙරුවන් සරණයි!! හිතවත් මිතුර, කොහොමද මචන් සැප සනීප. මම නම් හොඳින් .තවමත් පදිංචිය ටින් එකේමද ? අපි නම් ළඟදීම විශ්‍රාම ගන්නයි ඉන්නේ මොකද මචන් මගෙ නෝනා බාර දීලා තිබුණු රාජකාරිය ඉවර කළා. දන්නවනේ ගිනි කසයා වගේනේ වැඩ . අම්මෝ මමත් බයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ . මටත් තරහ ගිහින් දුන්නොත් එහෙම උණ හැදෙන්න. මචන්...

Thursday, June 28, 2012

කියන්නෙමි මෙසේ

ඔබේ සියුමැලි අතින් අල්ලාගෙන සෙමින් නීල නෙත් දෙස බලා කියන්නෙමි මෙසේ මා දකින්නට ඔබේ සුරතල් සිනා අසන්නට ඔබේ සුරතල් කතා ආදරෙයි කියන්නට මුළු ලොවටත් වඩා ආසයි මටත් ඉඩ දෙන්න  පුංචි කුමරියේ  ඔබේ හිත් කොනක  ලැගුම් ගන්නට ආදරෙන්  විඳින්නට ජීවිතය  සදා නොමියෙන ලෙසින් "නවෝදයක්" වී එන්න...

Friday, May 25, 2012

තහනම්ද ආදරේ ?

ආදරය... ලෝකයේ තියෙන සුන්දරතම වචන වලින් එකක්. මොන භාෂාවකින් කිවුවත් මේ වචනයේ සුන්දරත්වය, අගය අඩු වෙන්නේ නැහැ. ලෝකයේ සුන්දරතම කවි, ගීත, චිත්‍රපට රැසක් බිහිවෙලා තියෙන්නේ ආදරය තේමා කරගෙනයි. ටජ්මහල් වැනි ප්‍රේම ස්මාරක ආදරයේ සදාතනික බව යළි යළි ත් අපට මතක් කර දෙනවා. රොමියෝ- ජුලියට්, රාමා - සීතා,...

Saturday, May 19, 2012

ඔබා මාමේ !!!

කෙසේ කියන්නද මා වැනි පුංචි එකෙක් ඔබ වැනි යෝදයෙකු ගැන ආඩම්බර නැති ලොකුම ලොකු හදවතක් තියන හැමෝම ආදරේ කරන  ඔබා මාමේ  හදවත පතුලේ කඳුළු බිඳක් සිරකරගනිමින් පතන්නෙමි ඔබට නිවන් සුව !! ප.ලි. මම දවස් ගානකට කලින් දැනගත්තත් කෙටියෙන්වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ අධ්‍යාපන කටයුතු එක්ක. ඔබා මාමා මට ගොඩාක්...

Monday, May 7, 2012

ඇය මගේ සොඳුරියයි - බල්ලෙකුගේ සංවේදී හැඬුමක්

කුඩා කල පටන් ඇය මා සමග සිටියා සෙල්ලමට කෑමකට මා සමග ආවා පියතුමෙකුගේ සතුට ඈ මට දුන්නා අවසාන මොහොත තෙක් මා සමග හිටියා වෙසක් දින රාත්‍රියේ වෙසක් සිරි බලමින් අපි දෙන්නා පැමිනියේ මහ පාරේ අයිනෙන්  මහහඬින් ගී සිංදු කියන අය පුරවන් ආ ලොරියෙ ගැටුනු ඈ කෑ ගැසුවෙ මරහඬින් කානුවට වීසි වී ඉතා දුක්මුසු ලෙසින් එකවරක්...

Friday, May 4, 2012

පොඩි හාමුදුරුවනේ

බුදු හිමි දෙසු දම් සිත් තුල රඳවා  නිවන සොයා යන පුංචි පුතේ ලොව ඇති ගැඹුරුම  සදහම් මගතුල  පියවර තබනා  පුංචි පුතේ මුළු ලොව අඳුරෙන්  මුදවා ගන්නට  පෙරුමන් පුරනා  පුංචි පුතේ නිමල වූ නිවනින්  දුක නිවනා හැටි  වටහා දෙනු මැන  පුංචි පුතේ  අප දුර ඈතය  ඔබ...

Monday, April 30, 2012

දෘඩ වස්තුව

දෘඩ වස්තුව සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද...

Saturday, April 28, 2012

හන්තානට පායන හඳ දකින්න ආසයි

අපි ගියානේ කැම්පස්. ඔව් ඔව් පේරා තමා . EFI 2012 Exhibition බලන්න කියලයි ගියේ. ඉතින් බැලුවා. ලස්සන අක්කලා අෆ්ෆා සාරි ඇඳගෙන තමා හිටියේ .ප්‍රදර්ශනයේ තිබුණු දේවල් ගැන ළඟට අඬගහගෙන කියලා දුන්නා හෑ මම මේ මොනවද කියවන්නේ. කට් කට් කට් :පී පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවේ පැරණිම විශ්ව විද්‍යාලයලුනේ . ගොඩක්...

Wednesday, April 25, 2012

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම  ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම  පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම ඔබව මට හරි දුර තමයි  නමුදු මගෙ සිත ඔබ ළඟයි  සොයා එන්නට මට හිතයි  සුළඟ නුබ ගැන ගතු කියයි සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම  ඔබට...

Tuesday, April 24, 2012

ලංගම සහ හිඟන කාඩ්

  මේ පෝස්ටුව ලියන්න හිතුනේ අපේ රටේ ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය ගැනයි. ඒ කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය ගැනයි.  ලංගමය කටයුතු කරන්නේ රටේ සුවහසක් වූ පොදු ජනතාව වෙනුවෙනි. අපට ලංගමය සමගවත් බලධාරීන් සමගවත් ගැටළුවක් නැත.ප්‍රශ්නය ඇත්තේ  ඇතැම් සේවකයන් සමගය . පාසල් ළමුන් වෙනුවෙන් (බොහෝවිට...

Saturday, April 21, 2012

නෙත් සොයයි නුබ කොහිද

‍ ඔබ දුටුව පළමු දින සිත බැඳුනි මගේ නෙත් සොයයි නුබ කොහිද ඇයි ආයෙ නාවේ සෑම දින උදයේම ඔබ දකිනු පිණිසේ නෙත් සොයයි නුබ කොහිද ඇයි ආයෙ නාවේ බස් රථය පාළු විය නොමැති ඔබ අසුනේ නෙත් සොයයි නුබ කොහිද ඇයි ආයෙ නාවේ සිව් මසක් පිරුණි අද නොදැක ඔබ බසයේ නෙත් සොයයි නුබ කොහිද ඇයි ආයෙ නාවේ චූටි සුරතල් සිනා දැකීමට නැවතත් නෙත්...

Wednesday, April 18, 2012

අම්මේ

         පියතුමන් අහිමි මට ඒ අඩුව පුරවන්න ලේ කඳුළු වගුරවන මාගේම අම්මේ   පැනයක්ය මසිත තුල බැරිය මට විමසන්න අසරණය මගේ සිත ඔබ හමුවේ අම්මේ   ඈ දුටුව මුල්ම දින සිත් මගේ වශී වුන ඇය වෙතින් ගලවන්න  බැරිය මට අම්මේ   මා සිතේ...

Tuesday, April 17, 2012

මගේ අහිංසක ජංගමය

හෆෆා මගේ ජංගමයේ ප්‍රයෝජන කියනවනම් කියන්ටනම් ප්‍රයෝජන එමටය . බනියා කියන හැටියට ඌගේ පෝන් එක ලෝකයේ දෙවනියට වැඩියෙන්ම දුක් විඳින පෝන් එකය ලිනකු දාන්නේ නෑ මෙතනින් ගිහින් බලන්ඩ බොරුද කියලා :P . තව පිස්සාගේ පෝන් එක වැඩියෙන්ම දුක් විඳින පෝන් එක කියා කියයි. ඔන්න චූටි පුතා ලෑස්ති වෙන්නේ ඒ වාර්තාව කඩන්ටය . චූටි...

Friday, April 13, 2012

අවුරුදු කුමාරිය

                                   අවුරුදු උලෙල අවසන පැවතුනු කුමරි තරඟය දුටුවෙමි ඔබේ රුව අදහාගත නොහී මා නෙත් ඇඳ මල් චීත්තය වරලස මල් ගසා...

Tuesday, April 10, 2012