ඔබ දුටුව පළමු දින
සිත බැඳුනි මගේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
සෑම දින උදයේම
ඔබ දකිනු පිණිසේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
බස් රථය පාළු විය
නොමැති ඔබ අසුනේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
සිව් මසක් පිරුණි අද
නොදැක ඔබ බසයේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
චූටි සුරතල් සිනා
දැකීමට නැවතත්
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
එක් සිතක් ඔබ ගැනම
පෙරුමන් පුරනා බවක්
නොදනී ඹබ කුමරියේ
ඇයි ආයෙ නාවේ
නව වසරෙ නව දිනෙක
පැමිණෙමි ඔබ සොයා
එතෙක් මා එනතුරා
සිටිනුමැන කුමරියේ
This comment has been removed by the author.
ReplyDeleteඑල එල දිගටම ලියමු..
ReplyDeleteඑල දිගටම ආවට ස්තුතියි !!!
Deleteප්රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා පතනවා..ලස්සන කවි ටික..:) දිගටම ලියමු..ජය.!!!
ReplyDeleteස්තුතියි. හි හී ඇත්තටමද දන්නෑ කිව්වේ හිතට එන දේ තමා ලියන්නේ .
Deleteදිගටම ලියපන් මල්ලියා
ReplyDeleteඅනිවාර්යයෙන්ම දිගටම් එන්න මේ පැත්තේ :)
Deleteඅඩෝ... මදුෂන්කයා... එල කවියක්නේ බං...! මරු අදහස.. දිගටම ලියමු.. ජයවේවා...!
ReplyDeleteකවුද ඒ :P :P හ හා ලියමු ලියමු දිගටම ලියමු :) ජය!
Delete