Wednesday, October 3, 2012

අත්තම්මේ ! ( ඇත්තටම චූටියා ලත් තැන ලොප්ද? )

ඔන්න ඉතින් මාසෙකට විතර පස්සේ ආවා මේ පැත්තේ හරියට මකුලුදැල් එහෙමත් බැඳිලා. හිටපු ගමන් මේකට මොකද වුනේ කියලා කස්ටිය බලනවා ඇති.( එහෙම හිතෙන්ඩ මාව මතක තියෙන්ට එපැයි නේ ) ඔන්න ඉතින් මකුලු දැල් එහෙම කඩලා ෂේප් එකේ මාසෙකට විතර සැරයක් ලියලා යන්නයි හිත හි හී .චූටියා ෆූල් බිසී නොවැ . කස්ටිය හිතං හිටියද දන්නෑ මං ලත් තැන ලොප් කියලා හු හ් :P



ගම්මානේ වැවට උඩින්
රාස්සිගේ අව්ව වැටී
රත් පැහැයෙන් බබලද්දී
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ

පොඩි කාලේ මා වඩාන
හබුං කටයි බත් කවාන
ලස්සන කවි කියා දුන්නු
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ

වෙලේ නියරේ මා වඩාන
කොක්කු මාලු පෙන්න පෙන්න
මගේ සිතට සතුට දුන්නු
අප හැරයන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ

මල හිරු බැස යන යාමේ
දුක් කඳුලක් හිත තියාන
බුදුන් දැක නිවන් දැකුමට
පතනෙමි මම අත්තම්මේ

සිතුවිල්ලක් පමණි ........


Wednesday, August 29, 2012

තොප්පිය ( කෙටි කතාව ) ඇත්තමද මන්දා

ගෙදර කවුද?
ආ කමලා නංගියේ ඇයි මේ ?
ඕං ඇසිලිං අක්කේ අන්න බෝක්කුව යටින් පිඹුරෙක් අල්ලලාලු
අපිනම් යනවා බලන්න පොඩි එකාටත් පෙන්නන්න එක්ක වරෙන්
කොල්ලගේ අම්මලාත් නෑ බං දෙන්නත් එක්කලා ගමනක් ගිහින්
කකුල් අමාරුවත් එක්ක යන්නත් අමාරුයි  පොඩි  එකාගෙන් අහන්න හිටහංකෝ 
කොල්ලෝ සුදු පුතේ 
චිත්‍රයක් අඳිමින් සිටි උදාර දිව ආවේ විදුලි වේගයෙනි 
ඇයි අත්තම්මේ 
පිඹුරෙක් අල්ලලාලු උඹට බලන්න ඕනෙද ?
යංකෝ අත්තම්මේ අනේ අනේ 
හා හා ඇඟේ එල්ලෙන්න එපා මං වැටෙයි  හිටහං ලෑස්තිවෙලා එනකං 

ටික වේලාවකින් ඉතා විශාල බිත්තර රකිමින් සිටින පිඹුරා දැක ගැනීමට පුංචි උදාරට හැකි විය
කොළපාට පොලිස් ජීප් එකකින්  ආව මාමලා වගයක් පිඹුරා අල්ලාගෙන යන්නට හදනවා දුටු උදාර  

අත්තම්මේ මම අතෙන්ට යන්නම් බලන්න?
අත්තම්මා උදාරගේ අතින් අල්ලාගෙන

හා හා පුතේ ඒකා ළමයිව ගිලිනවා

ඒ හඬට බිය වුනු උදාර අත්තම්මාගේ අතේ එල්ලී සිටියේ අත තදින් මිරිකාගෙනය

Friday, August 24, 2012

හරි වැරැද්ද (නොකියවා නොයන්න)

අද උදේ පාන්දර අම්මාගේ සුන්දර වදනින් අවදි වුනෙමි 
"කොල්ලෝ  අද පන්ති යන්නේ නැද්ද??"
"යනවා අම්මේ ""
"දැන්  පහ හමාරයි කීයටද යන්නේ "?
"හය හමාරේ රවිඳු එකේ ගියාම ඇති "
"හා "

Wednesday, August 15, 2012

ඒ ලෙවල්


කෙරුවෙමි ඕ ලෙවල්
ගත්තෙමි A9 ක්
ගැසුවේය ලොකුකම හිසට
කෙරුවෙමි ගණිතය

Monday, July 30, 2012

මිතුර අපි සමුගනිමු


ලියන්න කලින් කියන්න ඕනෙ මේක මෙලෝ රහක් නැතිව ඇති ඒත් පොඩ්ඩක් කියවන්න කියලා ඉල්ලනවා
මම කොතනින් මේක පටන් ගන්නද කියන එක ගැටළුවක් වගේම මේ දවස්වල තියන වැඩ කටයුතු එක්ක කොච්චර කාලයක් මේක ලියන්න වෙයි ද කියන දේත් තියනවා අපි මේක මොහෙම පටන් ගමු. 2000 ජනවාරි මාසේ ඒ කියන්නේ මීට අවුරුදු 13කට කලින් මම ගියපු ගමේ පුංචි ඉස්කෝලේ මට මතක් වෙනවා එදා මගේ හොඳම යාළුවන් කණ්ඩායම මතක් වෙනවා. මම එතනින් නයිට් රයිඩර් බලලා තිබ්බා රෑ 9ට යන මේ වැඩසටහන මම කොහොමහරි බලනවා මම ඇරුණම තව එක පිස්සු කොල්ලෙක් හිටියා නයිට් රයිඩර් බලන (පහු වෙනකොට අපේ කරදරේටම අනිත් උනුත් බැලුවා) එදා ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු මිතුරු ඇසුර අවුරුදු 11ක් තිබුණා.ඉස්කෝලේ හිටපු හොඳම කොල්ලෝ ටික කියන නම අදත් අපි යනකොට ඇහෙන තරම් අපි හොඳ උනා වගේම පිස්සුත් කෙලියා නැතිවෙන්නම. සාමාන්‍ය පෙල විභාගයෙන් හොඳම සාමාර්ථ 9ක් ගත්ත මම ඔයාලගෙන් වෙන් උනා. ඒ මේ විදියට වෙන් වුනත් යාළුවෝ විදියට වෙන් වෙන්නේ නෑ කියන දේ පොරොන්දු වෙමින්. ඒ 2011 වසරේ එදා ඉඳන් අපේ ගැන්සියට හොඳ දේවල් නෙවෙයි වුනේ ජූලි මාසය කියන්නේ මෙච්චර දරුණු මාසයක් කියන දේ එදා දැනන් හිටියේ නැහැ මම.


මීට හරියටම අවුරුද්දකට කලින් අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා අපේ පැණියා අපිට නැති වුනා. ඒකා තමා අපේ ගැන්සියේ මුලින්ම කෙල්ලො පිස්සුව ගහපු එකා ඕනෑ වෙලාවක ඕනෑම එකෙකුට උදව් කරන්න මූ ලෑස්තියි. ඌ අපිට නැති වෙන්න හේතුව වේගෙන් පැමිණි මෝටර් සයිකලයක් මූ ගියපු බයිසිකලයේ පැයට කිලෝමීටර 110 විතර වේගයෙන් හැප්පීම. මේකෙන් අපේ කොල්ලා විතරක් නෙවෙයි තව අපිට බාල කොල්ලෙකුත් නැති වුනා (මෙයා තමා බයික් එක පදවන් ඇවිත් තියෙන්නේ) මේකට අපි මාස ගානක් හදවතින් හැඬුවා වැලපුනා නමුත් ඌ ආයෙත් අපිත් එක්ක පැනි හිනාව දාගෙන " මචං පට්ට කෑල්ලක් ඉනනවා ටෝක කරන්න යං" කියලා ආවේ නෑ.


ඊළඟ වෙන්වීම වුනේ ගිය සෙනසුරාදා මමත් එක්ක නයිට්රයිඩර් බලපු පිස්සා අද අපිව දාලා ගිහින්. මචං උඹ තවත් ඉස්කෝලෙකට ගියත් උඹ ඇසුරට වැටිලා ඉන්න යාළුවෝ එච්චර හොඳ එවුන් නොවෙන බව අපි දැනන් හිටියේ නෑ 18 වෙනි උපන් දිනය යෙදිලා තිබ්බ ඉරිදා වෙනුවෙන් අපි කොයිතරම් සතුටින් ලෑස්ති වෙලා හිටියද ඒත්, සෙනසුරාදා උඹලා පන්තිත් කට් කරගෙන බීලා  මූදෙ නාලා ( මූද අපිට ළඟ නෑ කිලෝමීටර් 50 ක් විතර දුරයි ) උඹත් අපෙන් උදුරාගෙන යයි කියලා හිතුවේ නෑ . . උඹ කාටවත් වරදක් තිබුණු කොල්ලෙක් නෙවෙයි කියලා අපි දන්නවා.මට මේක තවදුරටත් ලියන්න බෑ මගේ Key Board බොඳවෙනවා .මොනා උනත් උඹ අපිට පාඩමක් කියලා දීලා ගියා. අනිවාර්යයෙන් යාළුවෝ තෝරාගන්නකොට දෙපාරක් හිතන්න.  මචං උඹලා දන්නාටම නිවන් සැප!!!!!


සිත තුලින් 
ගලන්නාවූ 
දුක් කඳුලු 
ඇස් කොනක 
සිරකරගනිමින් 
පතන්නෙමි 
නිවන් සුව !!
මා දයාබර
මිතුර

Saturday, July 21, 2012

Wednesday, July 18, 2012

අයිතිකරුවෙකු නැති ලිපිය !

පොල් කෝම්බය,
ගෙදර පසුපස,
කුණු වල,
2012.07.18

                තෙරුවන් සරණයි!!
හිතවත් මිතුර,

කොහොමද මචන් සැප සනීප. මම නම් හොඳින් .තවමත් පදිංචිය ටින් එකේමද ? අපි නම් ළඟදීම විශ්‍රාම ගන්නයි ඉන්නේ මොකද මචන් මගෙ නෝනා බාර දීලා තිබුණු රාජකාරිය ඉවර කළා. දන්නවනේ ගිනි කසයා වගේනේ වැඩ . අම්මෝ මමත් බයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ . මටත් තරහ ගිහින් දුන්නොත් එහෙම උණ හැදෙන්න.

මචන් මේ ගෙදර මිනිස්සු නම් හරී හොඳයි. කොච්චර අපිට උදව් කළාද කිව්වොත් අපේ ළමයි ටික හදාගන්නත් උදව් කළා බන් මම බයේ හිටියේ හොඳ පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරි වෙයි කියලා දැන් දැන්  TV එකේ රේඩියෝ එකේ යන එවා අහලා.ඒත් අනේ කිසිම දෙයක් වුනේ නෑ ,ඇති තරම් හොඳ කෑම බීම හම්බ වුනා.මටනම් ඉතින් මොනවද පිරිමි අපි වෙජිටේරියන් නේ. ගෑණු ජාතිය ජරා ජාතිය කියලා මේ ගෑණි තමංගේ වැඩේ කරගන්න යන යන එකාගේ ලේත් බොනවනේ. මම නම් හිතුවේ හොඳ කනේ පාරක් වැදිලා අතපය කඩාගෙන හරි චප්ප වෙලා හරි ඉඳී කියලා.ඒ වුනාට මෙන්න හොඳට වැඩේ කරලා, අපිට උදව් කරපු ගෙදර හිටපු මනුස්සයින්ටමයි මේ ගෑනි වැඩේ දීලා තියෙන්නේ. ගෑණු කොහොමත් කන්න දීපු අත හපාකන ජාතියනේ. බ්ලා බ්ලා බ්ලා ටී...... ක් කට් කට් කටි 

කොහොමින් කොහොමින් හරි අපේ වැඩේ නම් ඉවරයි.එකක් වලකජ්ජ දෙකක් ඉස්පිරිතාලේ හ හා,,, දැන් ඉතින් අපිට නිවාඩු. ඔය පැත්තේ තත්වේ කොහොමද? ඉක්මන් කරලා ඉවරයක් කරමු.කොටියට හදාගන්න බැරි වුන රාජ්ජේ අපි හදාගනිමු.ළඟදීම ඇවිත් යන්න එන්නම් එහෙනම් අපි නවතිමු. 
                               හිතවත් මිතුරා ,                                                                                           Aedes aegypti 

Thursday, June 28, 2012

කියන්නෙමි මෙසේ


ඔබේ සියුමැලි අතින්
අල්ලාගෙන සෙමින්
නීල නෙත් දෙස බලා
කියන්නෙමි මෙසේ මා

දකින්නට
ඔබේ සුරතල් සිනා
අසන්නට
ඔබේ සුරතල් කතා
ආදරෙයි කියන්නට
මුළු ලොවටත් වඩා
ආසයි මටත්
ඉඩ දෙන්න 
පුංචි කුමරියේ 
ඔබේ හිත් කොනක 
ලැගුම් ගන්නට
ආදරෙන්
 විඳින්නට ජීවිතය 
සදා
නොමියෙන ලෙසින්
"නවෝදයක්" වී
එන්න මා දිවි මගට 


ප.ලි: කස්ටිය දැන් හිතනවා ඇති " මේකට හොඳටම පිස්සු" 



Friday, May 25, 2012

තහනම්ද ආදරේ ?









ආදරය...


ලෝකයේ තියෙන සුන්දරතම වචන වලින් එකක්. මොන භාෂාවකින් කිවුවත් මේ වචනයේ සුන්දරත්වය, අගය අඩු වෙන්නේ නැහැ. ලෝකයේ සුන්දරතම කවි, ගීත, චිත්‍රපට රැසක් බිහිවෙලා තියෙන්නේ ආදරය තේමා කරගෙනයි. ටජ්මහල් වැනි ප්‍රේම ස්මාරක ආදරයේ සදාතනික බව යළි යළි ත් අපට මතක් කර දෙනවා. රොමියෝ- ජුලියට්, රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, සාලිය - අසෝකමාලා වැනි අමරණීය පෙම්වතුන්ගෙන් අපේ සාහිත්‍යයත්, ඉතිහාසයත් පිරී ඉතිරී ගිහින්. හැම ආගමකම , දර්ශනයකම ආදරයේ අගය , වටිනාකම ගැන සඳහන් වෙනවා. ජාති, කුල, ආගම්, වර්ණ, පංති, වයස්, ලිංග වගේ බේදයන් ආදරය ඉදිරියේ නිවටයන් , පරාජිතයන් බවට පත්වෙනවා. මේ සියල්ලෙන් ඔප්පු වන්නේ ආදරය මුලුමහත් විශ්වයටම පොදු ධර්මතාවයක් බව නොවේද ?

පුංචි දරුවෙකුගේ ජීවිතය වට වැඩියෙන්ම බැඳී තියෙන්නේ ආදරය කියන වචනයයි.

ඔයා වැඩියෙන්ම ආදරේ කාටද ? , අම්මටද ? නැත්තම් තාත්තටද ? වගේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට ඕනෑම පුංචි දරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පුංචි කාලේ ඉඳලම අපට උගන්වන්නේ අනිත් අයට ආදරේ කරන්න, ඒ වගේම අනිත් අයගෙන් ආදරය ලබන්න. ලෝකයට බිහි වෙන ඕනෑම දරුවෙක් තමුන්ගේ කුඩා කාළය ගත කරන්නේ ආදරය පිරී ඉතිරී ගිය ලෝකයක. ඒ නිසා අම්මා කියන වචනය තරම් ම ආදරය කියන වචනයත් පුංචි කාලෙදි අපේ ජීවිත වලට සමීප වෙනවා.


ඒත් ටිකෙන් ටික උස් මහත් වෙලා, දැනුම තේරුම ඇති කෙනෙක් බවට පත් වෙනකොට, අර පුංචි දරුවා යෞවනයෙකු බවට පත් වෙනකොට ආදරය කියන වචනය අපේ ජීවිත වලින් ටිකෙන් ටික ඈතට යනවා. ඒ කාලෙදි ආදරය අපේ ජීවිත වල තහනම් වචනය බවට පත් වෙනවා. පුංචි කාලේ ඉඳලා ආදරේ කරන්න, ආදරේ ලබන්න පුරුදු පුහුණු වුණු අපව හදිසියේම ආදරයෙන් වෙන් කරනවා. ආදරය කිරීම මිනීමැරුමක් කිරීම වගේ දරුණු අපරාධයක් හැටියට සැලකෙනවා. ඒ නිසා ආදරය කරලා අහුවුණොත් දැඩි දඬුවම් විඳින්නත් සිදු වෙනවා. පුංචි කාලේ ජීවිතයට මේ තරම් සමීප කරවපු ආදරය එකපාරටම ජීවිතයෙන් වෙන් කරන්නේ ඇයි ? පුංචි කාලෙදි ආදරය කරන්න ඔට්ටු වුණත් තරුණ වයසෙදි ආදරය කිරීම තහනම්ද ?

තරුණ ජීවිත ආදරය එක්ක එකතු වෙලා නොමග යන්න පුළුවන්. යෞවන ආදරයට මග හරස් කරන බොහෝ දෙනා ගේ හේතු දැක්වීම ඒකයි. ඒත් ආදරය නිසා යෞවන ජීවිත විනාශ වෙනවා නම් , තරුණයෝ නොමග යනවා නම් ඒ ආදරයේ වරදක් විතරක් නිසා සිදුවෙන දෙයක්ද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවන දෙයක්ද?


පුංචි කාලෙදි හරියට ආදරේ ලැබුණා නම් , ඇත්ත ආදරය මොන වගේද කියලා හඳුනා ගැනීමේ ශක්තිය තරුණයින්ට ලැබෙනවා. තරුණ කාලේ ආදරය නිසා නොමග යන්නේ, ජීවිත විනාශ කර ගන්නේ , පුංචි කාලෙදි හරි ආදරයක් නොවිඳපු අයයි. කුඩා කාලෙදි ආදරය නොවිඳපු නිසා තරුණ වයසේදී ආදරයේ බොරුවලවල් වල මේ වගේ අය වැටෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි. ආදරය විතරක් නෙවෙයි , ජීවිතේ හුඟක් දේවල් වරද්දා ගන්නේ පුංචි කාලෙදි ලැබෙන්න ඕනෙ කරන ආදරය නියම විදිහට නොලැබුණු අය බව ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. තරුණ වයසේදී ඇත්ත ආදරය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පුංචි කාලෙදි ඇත්ත ආදරය විඳපු අයට විතරයි.

පුංචි කාලෙදි ආදරය ලැබෙන්නේ අපේ ගෙදරින්. ඒ කියන්නේ ආදරයේ මුල් පාඩම් උගන්වන පාසැල වෙන්නේ අපේ ගෙදර කියන එකයි. ඒ නිසා ආදරයේ ... නියම ආදරයේ පාඩම ගෙදරින් උගන්වන්න පටන් ගන්න. එතකොට ජීවිතේ කිසිම දවසක ආදරේ බොරු වලවල් වල නොවැටී ඉන්න පුළුවන්. ඒ විතරක්ද , නීති රීති වලින් ආදරයට තහංචි දාන්න බෑ, ආදරය පාලනය කරන්න පුළුවන් වෙන්නේ තවත් ආදරයකට විතරයි. ඒ නිසා නොමග ගිය ආදරයක්, නොමග ගිය ජීවිතයක් වුණත් ආයෙත් යහ මගට ගන්න ගෙදරින් ලැබෙන ආදරයට පුළුවන් බව මතක තබාගන්න.




ප.ලි මේක උපුටා ගත්තු එකක් බුකියේ මෙන්න මෙතනින් මමත් මුහුණ දීලා ඉන්න නිසා දාන්නම හිතුනා

Saturday, May 19, 2012

ඔබා මාමේ !!!

කෙසේ කියන්නද
මා වැනි පුංචි එකෙක්
ඔබ වැනි යෝදයෙකු ගැන
ආඩම්බර නැති
ලොකුම ලොකු හදවතක් තියන
හැමෝම ආදරේ කරන 
ඔබා මාමේ 
හදවත පතුලේ
කඳුළු බිඳක් සිරකරගනිමින්
පතන්නෙමි ඔබට නිවන් සුව !!


ප.ලි. මම දවස් ගානකට කලින් දැනගත්තත් කෙටියෙන්වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ අධ්‍යාපන කටයුතු එක්ක. ඔබා මාමා මට ගොඩාක් උදව් කලේ බ්ලොග් කරුවෙක් හැටියට ගොඩක් හිත තැලිලා තිබුනු වෙලාවක.හඬමින් හිටපු වෙලාවක බුකියෙන් කතා කරලා. එදා ඒ වැඩිහිටියෙක් විදියට දීපු අවවාද නොවෙන්න මේ බ්ලොගියත් චූටි පුතා කියන කවුරුවත් නොදන්න කෙනෙක් බිහිවෙන්නේ නෑ.එහෙනම් මම මේ බ්ලොග් ලෝකයට මේ වෙනකොට සමු දීලා.කමෙන්ටුවක් දාන්න මේ පැත්තේ එන්නම් කිය කියා හිටියත් කවදාවත් ඔයා එන්නේ නෑ නේද සීයේ ?? මම තරහයි වගේම ආදරෙයි ගොඩාක්

Monday, May 7, 2012

ඇය මගේ සොඳුරියයි - බල්ලෙකුගේ සංවේදී හැඬුමක්

කුඩා කල පටන් ඇය
මා සමග සිටියා
සෙල්ලමට කෑමකට
මා සමග ආවා


පියතුමෙකුගේ සතුට
ඈ මට දුන්නා
අවසාන මොහොත තෙක්
මා සමග හිටියා


වෙසක් දින රාත්‍රියේ
වෙසක් සිරි බලමින්
අපි දෙන්නා පැමිනියේ
මහ පාරේ අයිනෙන්


 මහහඬින් ගී සිංදු
කියන අය පුරවන්
ආ ලොරියෙ ගැටුනු ඈ
කෑ ගැසුවෙ මරහඬින්


කානුවට වීසි වී
ඉතා දුක්මුසු ලෙසින්
එකවරක් දෑස් හැර
පියාගත්තා සැනින්


රිය පිටුපසින් එලවා
එනවිටත් මියගොසින්
පින්බර වෙසක් දින
නැත මගේ වෛරයක්


තවත් එක් බැල්ලක්ය
ඔබට හා අන් අයට
ඈ මගේ සොඳුරියයි
තිබෙන තෙක් මගෙ දිවිය


ප.ලි. ඊයේ රෑ අපි පන්සල් ගිහින් එනකොට අපිට ඉස්සරහින් ළඟ ගෙදරක බල්ලෝ දෙන්නෙක් පාර අයිනෙන් ගියා. හරිම ආදරෙන් හිටපු බව තමයි පෙනුනේ ( මම උන්ව දන්නවා . උන්ට පැටවුනුත් හිටියා ) පාරේ ගියපු ලොරියක රියදුරා පාරේ අගලටම අරගෙන එක බල්ලෙක්ව හැප්පුවා. ( හිතලා කලේ). අනිත් බල්ලා ( ඌ තමා බල්ලා) අර ලොරිය පස්සෙන් ගොඩාක් දුර එලෙව්වා.එනකොටත් මැරිලා වගේ හිටියේ අනිකා. පස්සෙන් එලවපු එකා ආපහු ඇවිත් සෑහෙන වෙලාවක් උඩු බුර බුර එතන හිටියා . ඒක ගැනයි ලීවේ







Friday, May 4, 2012

පොඩි හාමුදුරුවනේ



බුදු හිමි දෙසු දම්
සිත් තුල රඳවා 
නිවන සොයා යන
පුංචි පුතේ


ලොව ඇති ගැඹුරුම 
සදහම් මගතුල 
පියවර තබනා 
පුංචි පුතේ


මුළු ලොව අඳුරෙන් 
මුදවා ගන්නට 
පෙරුමන් පුරනා 
පුංචි පුතේ

නිමල වූ නිවනින් 
දුක නිවනා හැටි 
වටහා දෙනු මැන 
පුංචි පුතේ 


අප දුර ඈතය 
ඔබ එය අසලය
සාදු සාදු 
පොඩි හාමුදුරුවනේ ....... !!!!




ප.ලි- ඉහල පින්තූරය ගූගල් පින්තූර මගිනි. පහළ පින්තූරය හොයලා දුන්නේ හිරූ අක්කී 
ප.ප.ලි- පින්බර වෙසක් මංගලයයක් වේවා !!





Monday, April 30, 2012

දෘඩ වස්තුව

දෘඩ වස්තුව

සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද කියලා. සරුත් කියපි එහෙනම් මේ ළමයට ලොකු ප්‍රශ්නයක් නේද කියලා . ඉතින් කොල්ලෝ උන්ට පුරුදු ආකාරයෙන් තම තමන්ගේ ආතල් එක ගත්ත බවයි චූටියට නම් මතක.
____________________________________________________________

 හාමුදුරු මහත්තයා


අපේ ඉස්කෝලේ රගර් පුරුදු කරන්න ඇවිත් හිටියා ජපන් ඩයල් එකක් පොර කොහොම හරි සමස්ත ලංකා තරඟෙකින් දිනලා ප්ලේස් එකක් අරන් දුන්නා ඉස්කෝලෙට ඉතින් ප්‍රධාන රැස්වීමේදී දුන්න මෑන්ට කතාවක් දැන් පොර වැඩර් වගේ සිංහලෙන් කතා කරනවා
"විදු හල් පති තුම අවසර , අනික් විදුහල්පති තුම අවසර  , ටීචර් තුමා අවසර , හාමුදුරු .... හාමුදුරු මහතයා ....අවසර "  එතන ළමයි 4000 ක් විතර තමා හිටියේ
-------------------------------------------------------------------------------------
Boys එකේද Girls එකේද

අපේ ඉස්කෝලේ බොයිස් එකක් ඒ කියන්නේ කොල්ලෝ විතරයි කියන එකනේ, ඉතින් ඒ අතරේ අපේ කොල්ලෙක්ට හිත ගියා ගර්ල්ස් ස්කූල් එකක කෙල්ලෙක්ට නම සාවිත්‍රි කියමුකෝ මෑන් හරි කැමතියි ඌට ඒ නම කියනවට . අපිටත් මොකෝ කියලා මනුස්සයට අමතන්නෙම ඒ නමින්.දැන් පොර දවසක් පන්තියකදී හොයාගන්න නෑ. මෑන්ගේ ගෙවල්  පැත්තේ කොල්ලෙක්ගෙන් ඇහුවා (අපේ ඉස්කෝලේ නෙවෙයි හොඳේ) මචන් සාවිත්‍රි එහෙම ආවද කියලා. ඌ ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( ---------------------------------------------------------------------------------------
නිවුට්න් සොයුරා

මේක අද වෙච්චි සිද්දියක්. අපේ පන්තිවල ඉන්නවා දඩ මීටරයක් හැමෝම දන්නේ නිවුටන් කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මම උගේ ඇත්ත නමවත් දන්නේ නෑ. අද ඉස්කෝලේ ප්‍රධාන රැස්වීම අපිට ඉතින් අපේ  ප්‍රධාන නිවේදකයා ගිහින් වැඩ පටාන් ගත්තා.


"සභාවෙන් අවසරයි අද රැස්වීමේ දී මුලින්ම පංචසීලය පිහිටුවන්න මම නිව්ටන් සොයුරාට ආරාධනා කරනවා". 
එච්චරයි
ප.ලි-  මේවා කතාවත් ප්‍රබන්ධවත් නෙවෙයි ඇත්ත සිද්ධි ඉතින් හිනා යන්නේ නැතිව ඇති. සහෝදර සහෝදරියනි ගන්න ඔබේ දකුණු අත කවාගන්න කිති දැන් හිනාවෙන්න.
සැ.යු- නම් ගම් මන:කල්පිතයි
___________________

Saturday, April 28, 2012

හන්තානට පායන හඳ දකින්න ආසයි





අපි ගියානේ කැම්පස්. ඔව් ඔව් පේරා තමා . EFI 2012 Exhibition බලන්න කියලයි ගියේ. ඉතින් බැලුවා. ලස්සන අක්කලා අෆ්ෆා සාරි ඇඳගෙන තමා හිටියේ .ප්‍රදර්ශනයේ තිබුණු දේවල් ගැන ළඟට අඬගහගෙන කියලා දුන්නා හෑ මම මේ මොනවද කියවන්නේ. කට් කට් කට් :පී

පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවේ පැරණිම විශ්ව විද්‍යාලයලුනේ . ගොඩක් අයට ලැබෙන්නේ නැති අවස්ථාවක් මට ( අපිට ) ලැබුනා ඒ තමා විශ්ව විද්‍යාලයට ගිහින් ඒක ඇතුලේ අයියලා අක්කලා කරන කියන දේවල් බලන්න ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබීම .(ඉතින් අපි කටත් ඇරන් ඒවා බලන් හිටියා) පොතෙන් විතරක් දැකලා තිබ්බ ගැජට් කෑලි මෙන්න පණපිටින්ම තියනවා දැකලා චූටියට පට්ට හැෆී. ඒ අස්සේ රියල් 3ඩී වලින් සිංහයෙක් පනිනවත් පෙන්නුවා.ඒ අතරේ රොබෝවරු පණපිටින්ම පස්ට ඈ.
ඒ අතරේ තිබුනා අපිට විශේෂ දේශන වගේකුත් ආසා හිතෙනවා අෆ්ෆා කැම්පස් එන්න . ඉතින් කොහොම හරි ගොඩයන්න බලාපොරොත්තු වෙනවා . මට තව අවුරුද්දක් තියනවා නොවැ ඉතින් පස්ට පට පට කියලා වැඩ කොරනවා අෆ්ෆා.ඕකට ගියොත් කාටද ආඩම්බර හෑ.  මේකෙන් අපිට කැම්පස් එකේ අතීතය. ඉන්ජිනිර් ෆැකල්ටිය ගැන වගේම තවත් ගොඩක් දේවල් කියලා දුන්නා.



මේක ලිව්වේ ඒ වගේ ප්‍රදර්ශනයක් තිබුන එක ගැන ස්තුතියක් කරන්න. ඇත්තටම කැම්පස් එක කියන්නෙත් තවත් ඉස්කෝලයක් කියලා හිතන් හිටපු අපි වගේ පොඩි එවුන්ට කැම්පස් එක මොකක්ද කියලා තේරුම් කරලා දුන්න එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිට තේරෙන්න ඒකේ තිබුණු දරුණු දරුණු භාණ්ඩ ගැන කියලා දුන්නු අයියලා අක්කලාටත් ගොඩක් ස්තුතියි. ඉතින් එහෙනම් චූටියා බැහැලා වැඩලු ඕන් ඈ . ටටා  

Wednesday, April 25, 2012

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම 
ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම 
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම


ඔබව මට හරි දුර තමයි 
නමුදු මගෙ සිත ඔබ ළඟයි 
සොයා එන්නට මට හිතයි 
සුළඟ නුබ ගැන ගතු කියයි

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම 
ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම 


ඔබව සිහිවී සිත හඬයි 
කඳුලු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි 
ඔබට මම හරි ආදරෙයි

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම 
ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම ///
 

ගායනය :- සතිෂ් පෙරේරා 


ඇත්තටම මම මේ සිංදුවට ආදරය කරන්න පටන් ගත්තේ මෙන්න මෙයා දැකපු දවසේ ඉඳලා මොකද මේ චූටි සුරංගනාවිත් මම දිහා බැලුව බැල්ම හරි සුන්දරයි  . එදා ඉඳලා අද මේ දැන් වෙනකොටත් මම මේ සිංදුවට ආදරේ කරනවා . මගේ ගීත ගොන්නේ පළවෙනි ගීත 10 ඇතුලේ මේ ගීතය තියනවා.කොච්චර ආසද කියනවානම් මම මේ සින්දුව ටයිප් කලේ අහගෙනවත් බලාගෙනවත් නෙවෙයි මතකයෙන් ඒ තරමට මට පාඩම්. අද මේ සිංදුවේ රසිකයෙක් හැටියට ගොඩක් දුක හිතුනා සතිෂ් පෙරේරා මහත්මයා සදහටම වෙන්වෙලා ගියා කියලා දැනගත්තම (මම අදයි දන්නේ මේ බව ) හරිම දුකයි :( .

සදාදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!!!!!!!!!!




මෙන්න මම සදා ආදරය කරන ගීතය කැමතිනම් මෙතනින් බා ගන්න mp3 , Zip දෙවි දියටම තියනවා




 

Tuesday, April 24, 2012

ලංගම සහ හිඟන කාඩ්


sltb2 

මේ පෝස්ටුව ලියන්න හිතුනේ අපේ රටේ ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය ගැනයි. ඒ කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය ගැනයි.  ලංගමය කටයුතු කරන්නේ රටේ සුවහසක් වූ පොදු ජනතාව වෙනුවෙනි. අපට ලංගමය සමගවත් බලධාරීන් සමගවත් ගැටළුවක් නැත.ප්‍රශ්නය ඇත්තේ  ඇතැම් සේවකයන් සමගය .

පාසල් ළමුන් වෙනුවෙන් (බොහෝවිට දුප්පත් ළමයින්) රජයෙන් පහසු මිලට ලබාගැනීමට සීසන් නැතිනම් ලංගම වාර ප්‍රවේශපත්‍ර ලබාදෙයි.  ඉතා විශාල බස් ගාස්තුවක් ගෙවීමට සිදුවන ළමුන්ට මෙය මහඟු සේවයකි නමුත් අද ඇතැම් ලංගම සේවකයන් වාර ප්‍රවේශපත්‍රය සමග එන පාසල් ළමුන්ට සලකන්නේ බල්ලන්ට මෙන් වීම දුකට කරුණකි.

ඔවුන් බසය පිටත් වී සීසන් නඟින්න කියනකම් බසය ළඟට වී පෝලිමේ බලා සිටිය යුතුය. ඉන්පසු සීට් වල ඉඩ තිබුනත් හිටගෙන යා යුතුය ඉඩ තිබී ඉඳගත්තත් ඇතැම් විට අශෝබන ලෙස බැනවැදී නැගිට්ටුවයි ( මෙම පෝස්ටුව ලියන්නේත් අද බසය තුල සහෝදරියකට එවැනි දෙයක් කළ නිසාය ).  ඉන්පසු නවත්වන්නේ ඔවුන්ට අවශ්‍ය ස්ථානයේයි.ඇතැම් විට කිලෝමීටරයක් පමණ ආපසු පයින් ඒම සිදුකල යුතුය.


ඒ නිසා අපේ කොල්ලෝ එයට කියන්නේ හිඟන කාඩ් එක කියාය .ඔවුන් නොදැනුවත්වම ඔවුන් හිඟන්නන් ගොඩට වැටී ඇත.  දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියන්නා සේ කුලියක් මලියක් කර 20% කින් ඉහළ දැමු බස් ගාස්තුව ගෙවන්නට බොහෝ මව්පියන්ට මුදල් නැත ( අපේ දිනක බස් වියදම රු 120 කි එනම් එක් ගමනකට රු 60ක් අවශ්‍යය ) ඒ නිසා ඔවුන් හිඟන කාඩ් එකෙන් යති එති.  කුඩම්මාගේ සැලකිලි ලබති .ඇති අය පාසල් බස් රථවල සුවසේ යති .


එක්වරක් ඩිපෝවේ ඉහළ නිලධාරියෙකුට දැන්වූ පසු ඔහු සිදුකලේ බස් රථය නැවැත්වීමය .ඉන්පසු එම කොන්දොස්තර මහතාගේ ලොකුකම තවත් වැඩිවිය .

මේ සිටින්නේ රටේ අනාගතයයි. මෙවැනි දේ නිසා ඔවුන් රටට ආදරය කරන්නේ නැත . හොඳ විෂයක් ඉගැනීමට නගරයේ ලොකු යැයි පිළිගත් පාසලකට යාම වැරැද්දක් වී ඇති රටකට ආදරය කිරීමෙන් ඇති ඵලය කිම. අපේ කොල්ලන් අතර තියන ප්‍රසිද්ධ විහිලුවක් මෙසේය.


ඔය පිටිපස්සේ සීසර් එහෙම ඉඳගෙන ඉන්නවනම් හොඳ හිතින් නැගිටින්න

 

ප.ලි මම සීසන් වලින් යෑම නවත්වා මාස කීපයක් වුවත් අද සිදුවුනු දේ නිසා ලීවේ .කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ  සංවාදයට විවෘතයි

Saturday, April 21, 2012

නෙත් සොයයි නුබ කොහිද


boy-girl-love-sky-sweet-Favim.com-52716
ඔබ දුටුව පළමු දින
සිත බැඳුනි මගේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

සෑම දින උදයේම
ඔබ දකිනු පිණිසේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

බස් රථය පාළු විය
නොමැති ඔබ අසුනේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

සිව් මසක් පිරුණි අද
නොදැක ඔබ බසයේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

චූටි සුරතල් සිනා
දැකීමට නැවතත්
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ

එක් සිතක් ඔබ ගැනම
පෙරුමන් පුරනා බවක්
නොදනී  ඹබ කුමරියේ
ඇයි ආයෙ නාවේ

නව වසරෙ නව දිනෙක
පැමිණෙමි ඔබ සොයා
එතෙක් මා එනතුරා
සිටිනුමැන කුමරියේ

Wednesday, April 18, 2012

අම්මේ

 
 
   mother_and_son2 
පියතුමන් අහිමි මට
ඒ අඩුව පුරවන්න
ලේ කඳුළු වගුරවන
මාගේම අම්මේ
 
පැනයක්ය මසිත තුල
බැරිය මට විමසන්න
අසරණය මගේ සිත
ඔබ හමුවේ අම්මේ
 
ඈ දුටුව මුල්ම දින
සිත් මගේ වශී වුන
ඇය වෙතින් ගලවන්න 
බැරිය මට අම්මේ
 
මා සිතේ හටගත්
කුළුඳුල්ම ආදරය
තවමත්ම මා වෙතින්
නොපැවසුනි අම්මේ
 
කුළ්‍රඳුල් මගේ පෙම
වෙන එකෙකු ගෙන යන්න
ප්‍රථමයෙන් පිලිතුරක්
ඇවැසියෙමි අම්මේ
 
සොඳුරු පාසල් දිවිය
නිමවනු කලියෙන්ම
සිත් බැඳුම වරදක්ද
කියනු මැන අම්මේ


ප.ලි- මම මේ දිවස්වල මුහුණදීලා ඉන්න ප්‍රශ්නයක්

Tuesday, April 17, 2012

මගේ අහිංසක ජංගමය

හෆෆා මගේ ජංගමයේ ප්‍රයෝජන කියනවනම් කියන්ටනම් ප්‍රයෝජන එමටය . බනියා කියන හැටියට ඌගේ පෝන් එක ලෝකයේ දෙවනියට වැඩියෙන්ම දුක් විඳින පෝන් එකය ලිනකු දාන්නේ නෑ මෙතනින් ගිහින් බලන්ඩ බොරුද කියලා :P . තව පිස්සාගේ පෝන් එක වැඩියෙන්ම දුක් විඳින පෝන් එක කියා කියයි. ඔන්න චූටි පුතා ලෑස්ති වෙන්නේ ඒ වාර්තාව කඩන්ටය .

චූටි පුතාට පෝන් දෙකක් ඇත (ඇඩ් එකකි) ඉන් ඇන්ඩ්‍රොයිට් කට්ටය එය  බබා වගේ බලා ගනී සියළුම බර වැඩ කරන්නේ දුප්පත් ඩබ්ලිව් 200 නම් වූ සුවච කීකරු පෝන් කට්ටයි. මේ පෝන් එකෙන් විවිධ ප්‍රයෝජන ඇත.මල් කැඩීමේ සිට අඹ කැඩීම දක්වා වූ සියලුම දේ සඳහා මා විසින් ජංගමය යොදාගනී. කොච්චර අඹ කැඩුවත් තාම ඩිස්ප්ලේ එක කළු වී නැත ගෙනාපු එක තාම එසේමය. වසර ගණනකට පෙර රුපියල් වලින්ම 9000 ක් විතර ගෙවා ගත්තත් එයින් ගත් වැඩ ඊට වඩා වැඩිය.
මේ ඊයේ පෙරේදා දිනක සිදුවූ සිද්ධියක් නිසා කෘතගුණ සැලකීමට ලිපියක්වත් ලියන්නට සිත්වුනි. ඇත්තම කිව්වොත් මේ අහිංසක පෝන් කට්ට මාව ඉන්ජෙක්සන් තිස් ගණනකින්ද කොහෙද ගැලෙව්වේය ( ගාන හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් කොමන්ටුවකින් දමා යන්න)
අලුත් අවුරුද්දට නෑගම් යාම පුරාණ චාරිත්‍රයකි.ඉතින් අහිංසක මාද ඒ චාරිත්‍රය අකුරට ඉටු කරමි. මේ අවුරුද්දේද ඉතින් මා නැන්දම්මලාගේ ගෙදර ගියේ මාගේ නෑනා බැලීමට විතරක් නොවේ. නැන්දම්මා හදන රස රස එව්වා මෙව්වා කන්නත් බලාගෙනය. ඇත්තටම කිව්වොත් අවුරුද්දකට විතර කලින් හිටි හිච්චි බව්වා ලොකු බලු තඩියෙකු වී ඇති බව මට හාංකවිසියක් මතක නැත. මා ගෙදර යනවිට එලියට ආවේ නෑනා වත් නැන්දාවත් නොව බව්වාය. බේරීමට අතක් නොවීය ඉන්ජෙස්සන් තිස් ගණනක් ෂුවර්ය. හදිසියේම අතට අහුවුනේ දුප්පත් ජංගමයාමය. සියලුම පව් උගේ පිට දමා දුන් පහරින් බව්වාට යන එන මං නැති විය. ඉක්කෝලේ කියා දුන් මලල ක්‍රීඩා වල පිහිටෙන් මම බව්වාගෙන් බේරුණේ එසේය .

දැන් කියන්ට බලන්ට හාවාගේ පෝන් කට්ටද මගෙ කට්ටද වැඩියෙන් දුක් විඳින්නේ කියලා.අනේ ඌ අදටත් කිසිදු ලෙඩක් නැත.එදා වගේම වැඩය.ඉතින් මගේ පෝන් කට්ටට දීර්ඝායුෂ ලැබේවා !!! අදට ඇතිය අපි කැපෙමි :P

     ප.ලි.- උඩින් ඇත්තේ දුක් විඳිනාවූ මගේ අහිංසක ජංගමයා බව කරුණාවෙන් සලකන්න පොටෝ එක ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් බබාගෙනි

Friday, April 13, 2012

අවුරුදු කුමාරිය

                                 8_large 
අවුරුදු උලෙල අවසන
පැවතුනු කුමරි තරඟය
දුටුවෙමි ඔබේ රුව
අදහාගත නොහී මා නෙත්


ඇඳ මල් චීත්තය
වරලස මල් ගසා හැඩකොට
මදහස නගාගෙන
ආවාය ඈ ඉඟ සුඟ නලවමින


තෙනෙන්  රන් පෙඳ  වැනී
වරලස  කිතුල් මල  මෙනි
දෙතොල් නා දලු වැනී
දිගැස් සුරඟුන් පරදතී


මිටින් ගත හැකි ඉඟයි
පියෙන් පිය නැලවෙන ඉඟයි
මුතුවන්  දසන් පෙලයි
නොදුටු නෙත් මගේ කුමටැයි


කොමල වූ වදනින්
කන්කලු සරින් ගයමින්
හැඟුම් මා පුබුදමින්
සිටියේ ඈ සැබෑ කුමරිය ලෙසින්


දුටු ඇය මන බඳින
සිතුවා කුමරිය වෙන ලෙස
දුන්නේ තෙවනි තැන
ඇස් නොපේනේද උන් හට


නැත කිසිදු වාද
ඇයයි කුමරිය බක් මාස
නොපෙනෙතත් උන් දෑස
ඔබ කුමරියයි මහද සැමදාම






ප.ලි. –  මගේ පළමු නිර්මානයයි . හොඳ නරක කියලා කොමෙන්ටුවක් දාලා . ලයික් එකක් දාලාම යන්න හොඳේ
ප.ප.ලි - පින්තූරය ගූගල් දෙවියන්ගෙන් උස්සන ලදී

Tuesday, April 10, 2012

අවුරුද්දත් කිට්ටු කිට්ටු

                                                           4372158941_7bf150f9f8_o
අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කිව්වට පොට්ටුවක් දැකපු කාලයක් මතක නෑ ඕන්.සිරාවටම කිව්වොත් අවුරුදු දෙක තුනකින්ම එරබදු ගහක් දැක්කෙ නෑ ඔන්න ඒක හින්දා ගූගල් දෙයියන්නෙ පිහිටින් හොයාගත්ත පින්තූරයක් දැම්මා   . නෑ බෑ නොකියා අවුරුද්දත් එන එකේ හා හා පුරා කියලා බොලොගියක් පටන්ගන්න තමයි යන්නෙ. (හා හා පුරා කිව්වට කලිනුත් එකක් ලිව්වා )
අවුරුද්දට මම වැඩියෙන්ම කැමති ගෙවල්වල ඉන්න ඔය පොෂ් කෙල්ලො එලියට බහින හින්දා .  එයාලා අපිත් එකක කතා කරන්නෙත් අවුරුද්දට විතරයිනේ .අවුරුදු කුමාරි වගේ තරඟ අපි ඉතින් මග අරින්නෙම නෑ නේ හිකිස් . ඒ වෙලාවට තමා හිතෙන්නෙ ලංකාවෙ මෙච්චර ලස්සන ගෑනු ළමයි ඉන්නවනේ කියලා . අනිත් කාරණාව තමයි ඉතින් මදි නොකියන්න කන්න හම්බවෙන එක. වෙනදා ගෙවල් පැත්තෙ ඉන්නවා දැක්කත් පන්නන ඇන්ටිලා චූටි පුතා ඇති වෙනකම් කන්න කියලා කන්න දෙන්නෙත් අවුරුද්දට විතරයි නෙව හිකිස්. 
ඇත්තටම අවුරුද්දේ ගොඩක් අයගේ තරහා මරහා නැතිවෙලා යනවා. සමහරු බොතලේ හින්දත් තරහා නැති කරගන්නවනේ හැබෑට . ඕනෙ විදියකට කමක් නෑ අපි ලංකාවේ මිනිස්සු හැටියට සහයෝගයෙන් කටයුතු කරන්න ඒ වගේ උත්සවයක් තියන එක ගැන හරිම සතුටුයි.
මේ අවුරුද්දේ ලිපගිනි මොලවන නැකතේ ප්‍රශ්නයක් තියනවා කියලා gossip 9 මගින් දැනගත්තා. අලුත් අවුරුදු නැකතත් A/L ප්‍රතිඵල වගේ වෙලාද දන්නෑ නෑ.
මම නිදහස් අදහස් ඇති ලියන්නෙක් විදියට දිගු කාලයක් මේ බ්ලොග් එක කරගෙන යන්න හිතන් ඉන්නවා. ආරම්භයක් හැටියට තමයි මේ පොස්ට් එක දැම්මේ. අවසානයටම කියන්න තියෙන්න රතිඤ්ඤා පරිස්සමෙන් දල්වන්න කියලා තමයි!!!!
නිල කොබෙයි රෑන ඇදී වී අවුලන ඉපනැල්ලේ මාල ගිරව් පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා .
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!