පියතුමන් අහිමි මට
ඒ අඩුව පුරවන්න
ලේ කඳුළු වගුරවන
මාගේම අම්මේ
පැනයක්ය මසිත තුල
බැරිය මට විමසන්න
අසරණය මගේ සිත
ඔබ හමුවේ අම්මේ
ඈ දුටුව මුල්ම දින
සිත් මගේ වශී වුන
ඇය වෙතින් ගලවන්න
බැරිය මට අම්මේ
මා සිතේ හටගත්
කුළුඳුල්ම ආදරය
තවමත්ම මා වෙතින්
නොපැවසුනි අම්මේ
කුළ්රඳුල් මගේ පෙම
වෙන එකෙකු ගෙන යන්න
ප්රථමයෙන් පිලිතුරක්
ඇවැසියෙමි අම්මේ
සොඳුරු පාසල් දිවිය
නිමවනු කලියෙන්ම
සිත් බැඳුම වරදක්ද
කියනු මැන අම්මේ
ප.ලි- මම මේ දිවස්වල මුහුණදීලා ඉන්න ප්රශ්නයක්
ජය පතමි !
ReplyDeleteබොහොම ස්තුතියි ! දිගටම ඇවිත් යන්න එන්න
DeleteGr8!
ReplyDeleteThanQ :)
Deleteආදරය...!!!! තාම ඉස්කෝලේ යන ළමයි ඔහොම දෙයක් කරනවට අම්මාල අකමතියි තමා..එත් ඉතින් කුලුදුල් ආදරයට හදවතින්ම ජය පතනවා..ලස්සන කවි ටික..:)
ReplyDeleteමට හිතාගන්න බෑ මොනා කරන්නද කියලා අක්කි :/ ස්තූතියි ;)
Delete