අවුරුදු උලෙල අවසන
පැවතුනු කුමරි තරඟය
දුටුවෙමි ඔබේ රුව
අදහාගත නොහී මා නෙත්
ඇඳ මල් චීත්තය
වරලස මල් ගසා හැඩකොට
මදහස නගාගෙන
ආවාය ඈ ඉඟ සුඟ නලවමින
තෙනෙන් රන් පෙඳ වැනී
වරලස කිතුල් මල මෙනි
දෙතොල් නා දලු වැනී
දිගැස් සුරඟුන් පරදතී
මිටින් ගත හැකි ඉඟයි
පියෙන් පිය නැලවෙන ඉඟයි
මුතුවන් දසන් පෙලයි
නොදුටු නෙත් මගේ කුමටැයි
කොමල වූ වදනින්
කන්කලු සරින් ගයමින්
හැඟුම් මා පුබුදමින්
සිටියේ ඈ සැබෑ කුමරිය ලෙසින්
දුටු ඇය මන බඳින
සිතුවා කුමරිය වෙන ලෙස
දුන්නේ තෙවනි තැන
ඇස් නොපේනේද උන් හට
නැත කිසිදු වාද
ඇයයි කුමරිය බක් මාස
නොපෙනෙතත් උන් දෑස
ඔබ කුමරියයි මහද සැමදාම
ප.ලි. – මගේ පළමු නිර්මානයයි . හොඳ නරක කියලා කොමෙන්ටුවක් දාලා . ලයික් එකක් දාලාම යන්න හොඳේ
ප.ප.ලි - පින්තූරය ගූගල් දෙවියන්ගෙන් උස්සන ලදී
මරු :ඩී ..අවුරුදු උත්සව ,රූ රැජින තරඟ ඔහොම්මම තමා
ReplyDeleteදිගටම ලියන්න
පළවෙනි කොමෙන්ටුවට තෑන්ක්ස්
Deleteඒකනේ :ඩී අනිවා දිගටම ලියනවා
ලස්සන අවුරුදු කුමරියක් !!!
ReplyDeleteමමත් සෑහෙන කල්පනා කරපු දෙයක් තමයි ඔය තරගවල අපි හිතින් තෝරන කෙනා බොහෝ වෙලාවට දිනාගන්නෙ 2 , 3 ස්ථාන. හිතුවෙවත් නැති කෙනෙක් 1st වෙනවා!
හි හී ගොඩක් ස්තුතියි !! ඒකනේ විනිශ්චය කරන අයගේ ඇස් පේන්නෙ නැද්ද කියලා මමත් කල්පනා කලා :D
Deleteලස්සනයි සහෝ
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ :)
Deleteපටන් ගැන්ම නම් එල..දිගටම ලියන්න..
ReplyDeleteදිගටම ලියනවා දිගටම මේ පැත්තේ ඇවිත් යන්න එන්න :)
Deleteආහ් බක්මහ කුමරිය නියමයි
ReplyDeleteචූටි පුතේ දිගටම ලියපන්
තැන්ක් යූ !! අනිවාර්යයෙන් දිගටම ලියනවා.
Deleteකොච්චර ලස්සන උනත් අපි හිතන කෙනා පළවෙනිය වෙන්නේ නැති එක ගැන මාත් සැහෙන්න හිතලා තියනව..අනේ මන්දා..
ReplyDeleteමේකට කොමෙන්ටුවක් දන්නා හැමදාම මේ පැත්තට ආවත් මොකක් හරි ලෙඩක් වැටිලා මගරෙනවා..:(
අද අපු ගමන්ම කලේ කොමේන්ටුවක් දාන එක..:) ලස්සන කවි ටික චුටි පුතේ..
දිගටම ලියන හොදේ..අපි එනවා...ජය..!!!!
මටත් ඒක ලොකු ප්‍රශ්නයක් :( පරක්කු වුනාට කමක් නෑ ගොඩක් වටිනවා මට කොමෙන්ටු . හරිම සතුටුයි දිගටම ලියනවා . ඔයාටත් ජය !!!
Deleteඑල එල සම්පුර්ණයෙන් බ්ලොග් එකියෙවුවා නියමයි තව ලියන්න
ReplyDelete