Skip to content
දෘඩ වස්තුව
සංයුක්ත ගණිතය කිරීමේදී ව්‍යවහාරික කොටසට එනවනේ දෘඩවස්තුවක සමතුලිතතාවය කියලා පාඩමක්, ඉතින් අපේ සර් දැන් පාඩම එහෙම කියලා දීලා ඉවර වෙලා ගානක් දුන්නා හදන්න කියලා ඉතින් අපේ එවුන් පණදාගෙන හදනවා. එකෙක් හද හද ඉඳලා ගිහින් සර්ට කියපි සර් මගෙ දෘඩ වස්තුව සමතුලිත වෙන්නෙ නෑ නේ පොඩ්ඩක් බලන්න පුළුවනිද කියලා. සරුත් කියපි එහෙනම් මේ ළමයට ලොකු ප්‍රශ්නයක් නේද කියලා . ඉතින් කොල්ලෝ උන්ට පුරුදු ආකාරයෙන් තම තමන්ගේ ආතල් එක ගත්ත බවයි චූටියට නම් මතක.
____________________________________________________________
හාමුදුරු මහත්තයා
අපේ ඉස්කෝලේ රගර් පුරුදු කරන්න ඇවිත් හිටියා ජපන් ඩයල් එකක් පොර කොහොම හරි සමස්ත ලංකා තරඟෙකින් දිනලා ප්ලේස් එකක් අරන් දුන්නා ඉස්කෝලෙට ඉතින් ප්‍රධාන රැස්වීමේදී දුන්න මෑන්ට කතාවක් දැන් පොර වැඩර් වගේ සිංහලෙන් කතා කරනවා
"විදු හල් පති තුම අවසර , අනික් විදුහල්පති තුම අවසර , ටීචර් තුමා අවසර , හාමුදුරු .... හාමුදුරු මහතයා ....අවසර " එතන ළමයි 4000 ක් විතර තමා හිටියේ
-------------------------------------------------------------------------------------
Boys එකේද Girls එකේද
අපේ ඉස්කෝලේ බොයිස් එකක් ඒ කියන්නේ කොල්ලෝ විතරයි කියන එකනේ, ඉතින් ඒ අතරේ අපේ කොල්ලෙක්ට හිත ගියා ගර්ල්ස් ස්කූල් එකක කෙල්ලෙක්ට නම සාවිත්‍රි කියමුකෝ මෑන් හරි කැමතියි ඌට ඒ නම කියනවට . අපිටත් මොකෝ කියලා මනුස්සයට අමතන්නෙම ඒ නමින්.දැන් පොර දවසක් පන්තියකදී හොයාගන්න නෑ. මෑන්ගේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ගෙන් ඇහුවා (අපේ ඉස්කෝලේ නෙවෙයි හොඳේ) මචන් සාවිත්‍රි එහෙම ආවද කියලා. ඌ ආපහු මගෙන් අහපි බොයිස් එකේ එක්කෙනාද ගර්ල්ස් එකේ එක්කෙනාද කියලා. !@#$%^&*( ---------------------------------------------------------------------------------------
නිවුට්න් සොයුරා
මේක අද වෙච්චි සිද්දියක්. අපේ පන්තිවල ඉන්නවා දඩ මීටරයක් හැමෝම දන්නේ නිවුටන් කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මම උගේ ඇත්ත නමවත් දන්නේ නෑ. අද ඉස්කෝලේ ප්‍රධාන රැස්වීම අපිට ඉතින් අපේ ප්‍රධාන නිවේදකයා ගිහින් වැඩ පටාන් ගත්තා.
"සභාවෙන් අවසරයි අද රැස්වීමේ දී මුලින්ම පංචසීලය පිහිටුවන්න මම නිව්ටන් සොයුරාට ආරාධනා කරනවා".
එච්චරයි
ප.ලි- මේවා කතාවත් ප්‍රබන්ධවත් නෙවෙයි ඇත්ත සිද්ධි ඉතින් හිනා යන්නේ නැතිව ඇති. සහෝදර සහෝදරියනි ගන්න ඔබේ දකුණු අත කවාගන්න කිති දැන් හිනාවෙන්න.
සැ.යු- නම් ගම් මන:කල්පිතයි
___________________
අපි ගියානේ කැම්පස්. ඔව් ඔව් පේරා තමා . EFI 2012 Exhibition බලන්න කියලයි ගියේ. ඉතින් බැලුවා. ලස්සන අක්කලා අෆ්ෆා සාරි ඇඳගෙන තමා හිටියේ .ප්‍රදර්ශනයේ තිබුණු දේවල් ගැන ළඟට අඬගහගෙන කියලා දුන්නා හෑ මම මේ මොනවද කියවන්නේ. කට් කට් කට් :පී
පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවේ පැරණිම විශ්ව විද්‍යාලයලුනේ . ගොඩක් අයට ලැබෙන්නේ නැති අවස්ථාවක් මට ( අපිට ) ලැබුනා ඒ තමා විශ්ව විද්‍යාලයට ගිහින් ඒක ඇතුලේ අයියලා අක්කලා කරන කියන දේවල් බලන්න ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබීම .(ඉතින් අපි කටත් ඇරන් ඒවා බලන් හිටියා) පොතෙන් විතරක් දැකලා තිබ්බ ගැජට් කෑලි මෙන්න පණපිටින්ම තියනවා දැකලා චූටියට පට්ට හැෆී. ඒ අස්සේ රියල් 3ඩී වලින් සිංහයෙක් පනිනවත් පෙන්නුවා.ඒ අතරේ රොබෝවරු පණපිටින්ම පස්ට ඈ.
ඒ අතරේ තිබුනා අපිට විශේෂ දේශන වගේකුත් ආසා හිතෙනවා අෆ්ෆා කැම්පස් එන්න . ඉතින් කොහොම හරි ගොඩයන්න බලාපොරොත්තු වෙනවා . මට තව අවුරුද්දක් තියනවා නොවැ ඉතින් පස්ට පට පට කියලා වැඩ කොරනවා අෆ්ෆා.ඕකට ගියොත් කාටද ආඩම්බර හෑ. මේකෙන් අපිට කැම්පස් එකේ අතීතය. ඉන්ජිනිර් ෆැකල්ටිය ගැන වගේම තවත් ගොඩක් දේවල් කියලා දුන්නා.
මේක ලිව්වේ ඒ වගේ ප්‍රදර්ශනයක් තිබුන එක ගැන ස්තුතියක් කරන්න. ඇත්තටම කැම්පස් එක කියන්නෙත් තවත් ඉස්කෝලයක් කියලා හිතන් හිටපු අපි වගේ පොඩි එවුන්ට කැම්පස් එක මොකක්ද කියලා තේරුම් කරලා දුන්න එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිට තේරෙන්න ඒකේ තිබුණු දරුණු දරුණු භාණ්ඩ ගැන කියලා දුන්නු අයියලා අක්කලාටත් ගොඩක් ස්තුතියි. ඉතින් එහෙනම් චූටියා බැහැලා වැඩලු ඕන් ඈ . ටටා
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම
ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම
ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ළඟයි
සොයා එන්නට මට හිතයි
සුළඟ නුබ ගැන ගතු කියයි
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම
ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම
ඔබව සිහිවී සිත හඬයි
කඳුලු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම
ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම ///
ගායනය :- සතිෂ් පෙරේරා
ඇත්තටම මම මේ සිංදුවට ආදරය කරන්න පටන් ගත්තේ මෙන්න මෙයා දැකපු දවසේ ඉඳලා මොකද මේ චූටි සුරංගනාවිත් මම දිහා බැලුව බැල්ම හරි සුන්දරයි . එදා ඉඳලා අද මේ දැන් වෙනකොටත් මම මේ සිංදුවට ආදරේ කරනවා . මගේ ගීත ගොන්නේ පළවෙනි ගීත 10 ඇතුලේ මේ ගීතය තියනවා.කොච්චර ආසද කියනවානම් මම මේ සින්දුව ටයිප් කලේ අහගෙනවත් බලාගෙනවත් නෙවෙයි මතකයෙන් ඒ තරමට මට පාඩම්. අද මේ සිංදුවේ රසිකයෙක් හැටියට ගොඩක් දුක හිතුනා සතිෂ් පෙරේරා මහත්මයා සදහටම වෙන්වෙලා ගියා කියලා දැනගත්තම (මම අදයි දන්නේ මේ බව ) හරිම දුකයි :( .
සදාදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!!!!!!!!!!
මෙන්න මම සදා ආදරය කරන ගීතය කැමතිනම් මෙතනින් බා ගන්න mp3 , Zip දෙවි දියටම තියනවා
මේ පෝස්ටුව ලියන්න හිතුනේ අපේ රටේ ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය ගැනයි. ඒ කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය ගැනයි. ලංගමය කටයුතු කරන්නේ රටේ සුවහසක් වූ පොදු ජනතාව වෙනුවෙනි. අපට ලංගමය සමගවත් බලධාරීන් සමගවත් ගැටළුවක් නැත.ප්රශ්නය ඇත්තේ ඇතැම් සේවකයන් සමගය .
පාසල් ළමුන් වෙනුවෙන් (බොහෝවිට දුප්පත් ළමයින්) රජයෙන් පහසු මිලට ලබාගැනීමට සීසන් නැතිනම් ලංගම වාර ප්‍රවේශපත්‍ර ලබාදෙයි. ඉතා විශාල බස් ගාස්තුවක් ගෙවීමට සිදුවන ළමුන්ට මෙය මහඟු සේවයකි නමුත් අද ඇතැම් ලංගම සේවකයන් වාර ප්‍රවේශපත්‍රය සමග එන පාසල් ළමුන්ට සලකන්නේ බල්ලන්ට මෙන් වීම දුකට කරුණකි.
ඔවුන් බසය පිටත් වී සීසන් නඟින්න කියනකම් බසය ළඟට වී පෝලිමේ බලා සිටිය යුතුය. ඉන්පසු සීට් වල ඉඩ තිබුනත් හිටගෙන යා යුතුය ඉඩ තිබී ඉඳගත්තත් ඇතැම් විට අශෝබන ලෙස බැනවැදී නැගිට්ටුවයි ( මෙම පෝස්ටුව ලියන්නේත් අද බසය තුල සහෝදරියකට එවැනි දෙයක් කළ නිසාය ). ඉන්පසු නවත්වන්නේ ඔවුන්ට අවශ්‍ය ස්ථානයේයි.ඇතැම් විට කිලෝමීටරයක් පමණ ආපසු පයින් ඒම සිදුකල යුතුය.
ඒ නිසා අපේ කොල්ලෝ එයට කියන්නේ හිඟන කාඩ් එක කියාය .ඔවුන් නොදැනුවත්වම ඔවුන් හිඟන්නන් ගොඩට වැටී ඇත. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියන්නා සේ කුලියක් මලියක් කර 20% කින් ඉහළ දැමු බස් ගාස්තුව ගෙවන්නට බොහෝ මව්පියන්ට මුදල් නැත ( අපේ දිනක බස් වියදම රු 120 කි එනම් එක් ගමනකට රු 60ක් අවශ්‍යය ) ඒ නිසා ඔවුන් හිඟන කාඩ් එකෙන් යති එති. කුඩම්මාගේ සැලකිලි ලබති .ඇති අය පාසල් බස් රථවල සුවසේ යති .
එක්වරක් ඩිපෝවේ ඉහළ නිලධාරියෙකුට දැන්වූ පසු ඔහු සිදුකලේ බස් රථය නැවැත්වීමය .ඉන්පසු එම කොන්දොස්තර මහතාගේ ලොකුකම තවත් වැඩිවිය .
මේ සිටින්නේ රටේ අනාගතයයි. මෙවැනි දේ නිසා ඔවුන් රටට ආදරය කරන්නේ නැත . හොඳ විෂයක් ඉගැනීමට නගරයේ ලොකු යැයි පිළිගත් පාසලකට යාම වැරැද්දක් වී ඇති රටකට ආදරය කිරීමෙන් ඇති ඵලය කිම. අපේ කොල්ලන් අතර තියන ප්‍රසිද්ධ විහිලුවක් මෙසේය.
ඔය පිටිපස්සේ සීසර් එහෙම ඉඳගෙන ඉන්නවනම් හොඳ හිතින් නැගිටින්න
ප.ලි මම සීසන් වලින් යෑම නවත්වා මාස කීපයක් වුවත් අද සිදුවුනු දේ නිසා ලීවේ .කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ සංවාදයට විවෘතයි
ඔබ දුටුව පළමු දින
සිත බැඳුනි මගේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
සෑම දින උදයේම
ඔබ දකිනු පිණිසේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
බස් රථය පාළු විය
නොමැති ඔබ අසුනේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
සිව් මසක් පිරුණි අද
නොදැක ඔබ බසයේ
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
චූටි සුරතල් සිනා
දැකීමට නැවතත්
නෙත් සොයයි නුබ කොහිද
ඇයි ආයෙ නාවේ
එක් සිතක් ඔබ ගැනම
පෙරුමන් පුරනා බවක්
නොදනී ඹබ කුමරියේ
ඇයි ආයෙ නාවේ
නව වසරෙ නව දිනෙක
පැමිණෙමි ඔබ සොයා
එතෙක් මා එනතුරා
සිටිනුමැන කුමරියේ
පියතුමන් අහිමි මට
ඒ අඩුව පුරවන්න
ලේ කඳුළු වගුරවන
මාගේම අම්මේ
පැනයක්ය මසිත තුල
බැරිය මට විමසන්න
අසරණය මගේ සිත
ඔබ හමුවේ අම්මේ
ඈ දුටුව මුල්ම දින
සිත් මගේ වශී වුන
ඇය වෙතින් ගලවන්න
බැරිය මට අම්මේ
මා සිතේ හටගත්
කුළුඳුල්ම ආදරය
තවමත්ම මා වෙතින්
නොපැවසුනි අම්මේ
කුළ්රඳුල් මගේ පෙම
වෙන එකෙකු ගෙන යන්න
ප්‍රථමයෙන් පිලිතුරක්
ඇවැසියෙමි අම්මේ
සොඳුරු පාසල් දිවිය
නිමවනු කලියෙන්ම
සිත් බැඳුම වරදක්ද
කියනු මැන අම්මේ
ප.ලි- මම මේ දිවස්වල මුහුණදීලා ඉන්න ප්‍රශ්නයක්
හෆෆා මගේ ජංගමයේ ප්‍රයෝජන කියනවනම් කියන්ටනම් ප්‍රයෝජන එමටය . බනියා කියන හැටියට ඌගේ පෝන් එක ලෝකයේ දෙවනියට වැඩියෙන්ම දුක් විඳින පෝන් එකය ලිනකු දාන්නේ නෑ මෙතනින් ගිහින් බලන්ඩ බොරුද කියලා :P . තව පිස්සාගේ පෝන් එක වැඩියෙන්ම දුක් විඳින පෝන් එක කියා කියයි. ඔන්න චූටි පුතා ලෑස්ති වෙන්නේ ඒ වාර්තාව කඩන්ටය .
චූටි පුතාට පෝන් දෙකක් ඇත (ඇඩ් එකකි) ඉන් ඇන්ඩ්‍රොයිට් කට්ටය එය බබා වගේ බලා ගනී සියළුම බර වැඩ කරන්නේ දුප්පත් ඩබ්ලිව් 200 නම් වූ සුවච කීකරු පෝන් කට්ටයි. මේ පෝන් එකෙන් විවිධ ප්‍රයෝජන ඇත.මල් කැඩීමේ සිට අඹ කැඩීම දක්වා වූ සියලුම දේ සඳහා මා විසින් ජංගමය යොදාගනී. කොච්චර අඹ කැඩුවත් තාම ඩිස්ප්ලේ එක කළු වී නැත ගෙනාපු එක තාම එසේමය. වසර ගණනකට පෙර රුපියල් වලින්ම 9000 ක් විතර ගෙවා ගත්තත් එයින් ගත් වැඩ ඊට වඩා වැඩිය.
මේ ඊයේ පෙරේදා දිනක සිදුවූ සිද්ධියක් නිසා කෘතගුණ සැලකීමට ලිපියක්වත් ලියන්නට සිත්වුනි. ඇත්තම කිව්වොත් මේ අහිංසක පෝන් කට්ට මාව ඉන්ජෙක්සන් තිස් ගණනකින්ද කොහෙද ගැලෙව්වේය ( ගාන හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් කොමන්ටුවකින් දමා යන්න)
අලුත් අවුරුද්දට නෑගම් යාම පුරාණ චාරිත්රයකි.ඉතින් අහිංසක මාද ඒ චාරිත්‍රය අකුරට ඉටු කරමි. මේ අවුරුද්දේද ඉතින් මා නැන්දම්මලාගේ ගෙදර ගියේ මාගේ නෑනා බැලීමට විතරක් නොවේ. නැන්දම්මා හදන රස රස එව්වා මෙව්වා කන්නත් බලාගෙනය. ඇත්තටම කිව්වොත් අවුරුද්දකට විතර කලින් හිටි හිච්චි බව්වා ලොකු බලු තඩියෙකු වී ඇති බව මට හාංකවිසියක් මතක නැත. මා ගෙදර යනවිට එලියට ආවේ නෑනා වත් නැන්දාවත් නොව බව්වාය. බේරීමට අතක් නොවීය ඉන්ජෙස්සන් තිස් ගණනක් ෂුවර්ය. හදිසියේම අතට අහුවුනේ දුප්පත් ජංගමයාමය. සියලුම පව් උගේ පිට දමා දුන් පහරින් බව්වාට යන එන මං නැති විය. ඉක්කෝලේ කියා දුන් මලල ක්‍රීඩා වල පිහිටෙන් මම බව්වාගෙන් බේරුණේ එසේය .
දැන් කියන්ට බලන්ට හාවාගේ පෝන් කට්ටද මගෙ කට්ටද වැඩියෙන් දුක් විඳින්නේ කියලා.අනේ ඌ අදටත් කිසිදු ලෙඩක් නැත.එදා වගේම වැඩය.ඉතින් මගේ පෝන් කට්ටට දීර්ඝායුෂ ලැබේවා !!! අදට ඇතිය අපි කැපෙමි :P
ප.ලි.- උඩින් ඇත්තේ දුක් විඳිනාවූ මගේ අහිංසක ජංගමයා බව කරුණාවෙන් සලකන්න පොටෝ එක ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් බබාගෙනි
අවුරුදු උලෙල අවසන
පැවතුනු කුමරි තරඟය
දුටුවෙමි ඔබේ රුව
අදහාගත නොහී මා නෙත්
ඇඳ මල් චීත්තය
වරලස මල් ගසා හැඩකොට
මදහස නගාගෙන
ආවාය ඈ ඉඟ සුඟ නලවමින
තෙනෙන් රන් පෙඳ වැනී
වරලස කිතුල් මල මෙනි
දෙතොල් නා දලු වැනී
දිගැස් සුරඟුන් පරදතී
මිටින් ගත හැකි ඉඟයි
පියෙන් පිය නැලවෙන ඉඟයි
මුතුවන් දසන් පෙලයි
නොදුටු නෙත් මගේ කුමටැයි
කොමල වූ වදනින්
කන්කලු සරින් ගයමින්
හැඟුම් මා පුබුදමින්
සිටියේ ඈ සැබෑ කුමරිය ලෙසින්
දුටු ඇය මන බඳින
සිතුවා කුමරිය වෙන ලෙස
දුන්නේ තෙවනි තැන
ඇස් නොපේනේද උන් හට
නැත කිසිදු වාද
ඇයයි කුමරිය බක් මාස
නොපෙනෙතත් උන් දෑස
ඔබ කුමරියයි මහද සැමදාම
ප.ලි. – මගේ පළමු නිර්මානයයි . හොඳ නරක කියලා කොමෙන්ටුවක් දාලා . ලයික් එකක් දාලාම යන්න හොඳේ
ප.ප.ලි - පින්තූරය ගූගල් දෙවියන්ගෙන් උස්සන ලදී
අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කිව්වට පොට්ටුවක් දැකපු කාලයක් මතක නෑ ඕන්.සිරාවටම කිව්වොත් අවුරුදු දෙක තුනකින්ම එරබදු ගහක් දැක්කෙ නෑ ඔන්න ඒක හින්දා ගූගල් දෙයියන්නෙ පිහිටින් හොයාගත්ත පින්තූරයක් දැම්මා . නෑ බෑ නොකියා අවුරුද්දත් එන එකේ හා හා පුරා කියලා බොලොගියක් පටන්ගන්න තමයි යන්නෙ. (හා හා පුරා කිව්වට කලිනුත් එකක් ලිව්වා )
අවුරුද්දට මම වැඩියෙන්ම කැමති ගෙවල්වල ඉන්න ඔය පොෂ් කෙල්ලො එලියට බහින හින්දා . එයාලා අපිත් එකක කතා කරන්නෙත් අවුරුද්දට විතරයිනේ .අවුරුදු කුමාරි වගේ තරඟ අපි ඉතින් මග අරින්නෙම නෑ නේ හිකිස් . ඒ වෙලාවට තමා හිතෙන්නෙ ලංකාවෙ මෙච්චර ලස්සන ගෑනු ළමයි ඉන්නවනේ කියලා . අනිත් කාරණාව තමයි ඉතින් මදි නොකියන්න කන්න හම්බවෙන එක. වෙනදා ගෙවල් පැත්තෙ ඉන්නවා දැක්කත් පන්නන ඇන්ටිලා චූටි පුතා ඇති වෙනකම් කන්න කියලා කන්න දෙන්නෙත් අවුරුද්දට විතරයි නෙව හිකිස්.
ඇත්තටම අවුරුද්දේ ගොඩක් අයගේ තරහා මරහා නැතිවෙලා යනවා. සමහරු බොතලේ හින්දත් තරහා නැති කරගන්නවනේ හැබෑට . ඕනෙ විදියකට කමක් නෑ අපි ලංකාවේ මිනිස්සු හැටියට සහයෝගයෙන් කටයුතු කරන්න ඒ වගේ උත්සවයක් තියන එක ගැන හරිම සතුටුයි.
මේ අවුරුද්දේ ලිපගිනි මොලවන නැකතේ ප්‍රශ්නයක් තියනවා කියලා gossip 9 මගින් දැනගත්තා. අලුත් අවුරුදු නැකතත් A/L ප්‍රතිඵල වගේ වෙලාද දන්නෑ නෑ.
මම නිදහස් අදහස් ඇති ලියන්නෙක් විදියට දිගු කාලයක් මේ බ්ලොග් එක කරගෙන යන්න හිතන් ඉන්නවා. ආරම්භයක් හැටියට තමයි මේ පොස්ට් එක දැම්මේ. අවසානයටම කියන්න තියෙන්න රතිඤ්ඤා පරිස්සමෙන් දල්වන්න කියලා තමයි!!!!
නිල කොබෙයි රෑන ඇදී වී අවුලන ඉපනැල්ලේ මාල ගිරව් පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා .
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!