කැහ් කැහ් .... ඔන්න ඒනම් ආයෙත් බ්ලොග් කට්ටට ආවේ මේක ආයෙමත් ලියන්න හිතං.. මේකේ කුණු දූවිලි සුද්ද කරලා මකුලු දැල් කඩලා දාන ගමන්.. ලියන්නේ මොනවද කියලවත් හිතුවේ නෑ තාම නම්.. හැබැයි එකක් ඉස්සර ලිව්ව චූටි පුතා ට වඩා අත්දැකීම් ගොඩක් තියන එකෙක් තමා මේක ලියන්නේ .. මට හිතෙන හැටියට දිගටම ලියන්න පුලුවන් වෙයි.. ලියලා බලමු. (මේක ලිව්වට මම දන්නෝ එකෙක්ටවත් මාව මතක නෑ කියලා :D )
Sunday, February 14, 2016
Saturday, July 6, 2013
සිත් බැඳුණු කුමරිය - " ඈ මොකද මේ දාඩිය දාලා.. සනීප නැද්ද ? බයවෙලා වගේ"
"මේ කියපන් උඹට අදත් යන්න ඕනෑ ඕකටම ද? "
" ඒකනේ බං මේ නුවර යන්න කොච්චර නම් තැන් තියනවද "
"බලාගෙන උඹ රහත් වෙයි ඈ"
මිතුරන්ගේ කරදරය ඉවසන්න බැරිම වූ මම
"හරි උඹලට එක්ක යන්න බැරින්ම් කියපන්කෝ මම ටැක්සි එකක් අරන් යන්නම්. උඹලා පව් පුරවගන්න එපා "
" මෙන්න උපසක මහත්තයට ඩෝං ගිහින් "
"හරි හරි අපෝ බං එක්ක යන්නම් ! එක්ක යන්නම් !! ...අපි අද මල් වත්තට යනවා බං උඹට ගියත් ඉතින් මල් බල බලා ඉන්න එකනේ ..... කෝ එක්ක යන්න කෙල්ලෙක් වත් ඉන්න එකක් යෑ "
" මෙයා ඉන්නේ කැම්පස් ගිහින් එකෙන් පට්ට කෑල්ලක් හොයාගන්න ලු"
නුවර මිතුරෙකුගේ නිවසට පැමිණ මේ ගෙවෙන්නේ තෙවනි දවසයි ! තෙවනි දවසටත් දළදා මාලියාවට යෑමට සැරසෙන මට මේ දෙදෙනාගෙන් මෙවැනි කොමන්ටු වැටීම එක් අතකට පුදුම වන්නට කාරනාවක්ද නැත
මොනා වුනත් ඒ ලෙවල් ඉවර වන තුරු සිංගල් ඉඳීමද ලෙසි පහසු කාරණයක් නොවේ ! යාලුවන්ටත් පට්ට පට්ට කෑලි වැටෙන විට කැම්පස් ගිහිල්ලවත් කෙල්ලෙක් සෙට් කරගන්නවා කියා හිත හදාගත්තේ කොරන්න දෙයක් නැති කමටමය :P මෙවුන්ට ඒකත් විහිලුවකි :(
---------------------------------------------------------------------------------
"අපි 4 ට එනවා උඹ රහත් වෙලා නොහිටියොත් අන්න අතන කොෆී ෂොප් එක ගාවට වරෙන් ඈ "
යාලුවෝ දෙදෙනා රැගත් කාරය ඉගිලී යනතුරු බලා සිටි මම සෙමෙන් සෙමෙන් සෙමෙන් සෙමෙන් මාලිගාව දෙසට පියමනින්න වූයෙමි.
අෆ්ෆා මල් ගේන්න අමතක වුනා...... කොහෙද මුන් දෙන්නා හදිස්සි කලානේ.... මල් ටිකක් සල්ලි වලට හරි ගන්න හරි බැරියෑ
සිතා පර්ස් එක ගැනීමට පසුපස සාක්කුව අතගෑ මට දෙවියන් සිහිවුනි... වෙඩිමයි !! පර්ස් එකත් දාලා ඇවිත්.... කමක් නෑ හිතේ ශ්‍රද්ධාවෙන් වඳිනවනම් එච්චරයි නේ... හිත හදාගත් මම පොලිස් මුරකුටිය පසු කරමින් ඉදිරියට ඇදුනෙමි..
කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනු මට අය කාලෙකින් එන්න වෙන්නේ නෑනේ ෆොටෝ එකක් වත් ගන්න ඕනෑ යන සිතුවිල්ල පහල වූයේ නිතැතිනම්ය !අනෙක් අය ඩිජිටල් කැම් වලින් ෆොටෝ ගනිද්දී කෝකටත් තෛලය පොල්තෙල් වගේ තියන මාගේ එක්ස්පීරියා කට්ට එලියට ගත් මම කැමරාව ඔන් කරගෙන පොටෝ එකක් ගන්නට සැරසුනෙමි !
කැමරාව එල්ල කරනවාත් සමගම පසු පසින්
Thursday, May 9, 2013
ඇයට පෙම් කරමි ! - පියුමි ඔයා
ගමේ ඉන්න කියපන් කෙල්ලට
කොළඹ යවලා දැන් වගේ පරිස්සම් කරන්න පුලුවන්ද කෙල්ලව
පිස්සුද බං...
කවුද කියන්නේ?
කෙල්ල විශ්වාසනම් එච්චරයි
-----------------------------------------------------------
හෙලෝ වූටි කොහෙමද රස්සාව?
ආව් එතකොට ඔයත් බැංකු නෝනා කෙනෙක්
කාටද ආඩම්බර
---------------------------------------------------------
උඹටත් කොළඹ රස්සාවක් හම්බවුනාලු නේද?
ආ කෙල්ල එහෙම සනීපෙන්ද ?
ඔව් බන් ටික දවසකින් බඳින්නනේ ඉන්නේ
-------------------------------------------------------
අඩෝ අද ෆුල් ජොලියක් දාමු
අර හෝටලෙන් කෙල්ලෙක් එක්ක කාමරයක් ගමු
ඒකේ පට්ට කෙල්ලෝ ඉන්නේ
මම කෙල්ලෙක් තෝරන්නම්
උඹ ගිහිල්ලා බිල බැඳපන්
සර්ලා කාමරේ ඉන්න
මෙයාව එවන්නම් කාමරේට
-----------------------------------------------------------
සර්ලා මම ඇතුලට එන්නද?
එන්න එන්න එනකම් තමා ඉන්නේ
පියුමි ඔයා......... !
සත්‍ය සිදුවීමක් ඇසුරිනි.......... !
තේරුනේ නැත්තම් සමාවෙන්න !!!!!! :-D
Wednesday, October 3, 2012
අත්තම්මේ ! ( ඇත්තටම චූටියා ලත් තැන ලොප්ද? )
ඔන්න ඉතින් මාසෙකට විතර පස්සේ ආවා මේ පැත්තේ හරියට මකුලුදැල් එහෙමත් බැඳිලා. හිටපු ගමන් මේකට මොකද වුනේ කියලා කස්ටිය බලනවා ඇති.( එහෙම හිතෙන්ඩ මාව මතක තියෙන්ට එපැයි නේ ) ඔන්න ඉතින් මකුලු දැල් එහෙම කඩලා ෂේප් එකේ මාසෙකට විතර සැරයක් ලියලා යන්නයි හිත හි හී .චූටියා ෆූල් බිසී නොවැ . කස්ටිය හිතං හිටියද දන්නෑ මං ලත් තැන ලොප් කියලා හු හ් :P
ගම්මානේ වැවට උඩින්
රාස්සිගේ අව්ව වැටී
රත් පැහැයෙන් බබලද්දී
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
පොඩි කාලේ මා වඩාන
හබුං කටයි බත් කවාන
ලස්සන කවි කියා දුන්නු
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
වෙලේ නියරේ මා වඩාන
කොක්කු මාලු පෙන්න පෙන්න
මගේ සිතට සතුට දුන්නු
අප හැරයන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
මල හිරු බැස යන යාමේ
දුක් කඳුලක් හිත තියාන
බුදුන් දැක නිවන් දැකුමට
පතනෙමි මම අත්තම්මේ
සිතුවිල්ලක් පමණි ........
ගම්මානේ වැවට උඩින්
රාස්සිගේ අව්ව වැටී
රත් පැහැයෙන් බබලද්දී
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
පොඩි කාලේ මා වඩාන
හබුං කටයි බත් කවාන
ලස්සන කවි කියා දුන්නු
අප හැර යන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
වෙලේ නියරේ මා වඩාන
කොක්කු මාලු පෙන්න පෙන්න
මගේ සිතට සතුට දුන්නු
අප හැරයන්නට සැරසෙන
මා ආදර අත්තම්මේ
මල හිරු බැස යන යාමේ
දුක් කඳුලක් හිත තියාන
බුදුන් දැක නිවන් දැකුමට
පතනෙමි මම අත්තම්මේ
සිතුවිල්ලක් පමණි ........